චතුරංගි හර්ශිකා 5 years ago 333 3 2
පෙර රැයේ ඇද වැටුණි මහ අනෝරා වැස්ස... අපේ ගම හරි මැදින් අහස් ගඟ ගැලුවා ද... මහ දෙණියෙ කොණක අද මම අසා ඉමි සද්ද... මාළුවෝ වැහි කළුව ගැන කතා කිව්වා ද... ඇළ හරි පෙමින් ඉද්ද ගස අරන් ගියා වත්ද... මහ කොස් ගහේ අත්ත බිම දැම්මෙ ඇයි හුළග... අවාරෙට ගෙඩි හැදෙන අඹ ගස මමත් දන්න දෙණියෙ හුළගත් එක්ක ඉදුරුවේ ඇයි වැස්ස... ඉත්තෑවො නිතර එන ගුරුපාර ළග ලන්ද පොළව සිප ගන්නටම සමතලා කළ වැස්ස... ඊයෙ රෑ පුරාවට ඇද වැටී වෙහෙසයි ද ගගන මායිමේ අද නැවතියන් නුඹ වැස්ස... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 258 3 1
නිකිණි ගගනත පුරා හිනාවෙන පෝය සද නිකිණ්ණියෙ අහස හැඩ කරනවා... හිම මිදෙන සීතලත් එක්ක එන සද කිරණ හිත අතීතෙට අරං දුවනවා... සද එක්ක එකතු වී මටත් රහසේම ගොස් මගේ හිත දළදාව වදිනවා... නේක පාටින් දිලෙන රොබරෝසියා අතර මගේ හිත ඉද්ද මල් සොයනවා... තරු නොමැති අහස් ගැබ සඳ ට දැනෙනා තනිය මටත් දැනෙනවා දැයි සද මගෙන් අහනවා... මුවග මදහස තියා මුසා තෙපලනු බැරිව මුනිවතින් මගේ හිත ගොළු වත ම රකිනවා... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 305 4 5
මා නොදත් දේ කවක් නොවුණේ මමත් මම සොයමින් නිසා... වෙනත් කවියක හිඩැස් පුරවනු නොහැක මට මම නැති නිසා... වරක් දෙවරක් සොයා යන්නට මලක් වුව මිය යනු බලා... ලොවක් අද්දර බලා ඉන්නෙමි මම කව්ද මම හොය හොයා... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 330 9 23
මතකයේ සිව් කොණ ම දග කෙරුව නුඹ නිසා මතක පොත පුළුස්සා හලෙමි මම මුතු කතා නොතිත් ගනදුර සැපකි සදත් මට විලිස්සා තෙරක් නොපෙනෙන රළක හැගුම් තනි කළ නිසා - චතූ
Pramudi Maleesha 5 years ago 188 4 5
හිරුට ඇති නම් මලෙහි වගතුග හිරු ඇයි ද මල් පුබුදුවන්නේ සදුට ඇති නම් ඉරෙහි වගතුග හිරු ඇයි ද බැස සද එවන්නේ රැයට ඇති නම් උදයෙ වගතුග කිමද දහවල උදා වන්නේ බලන සද පසලොසේ නුබ ගැබ දකින මුත් තරු දසදහස් සතුට නොලැබේ නොමැති පුන් සද.... පැතුම් සිරකොට සතුට පොදිබැද පුදන දසුනක් මල් හිතක් වෙත දසුන දුටු මුත් ගොලුව සිටි විට දැනෙන ගොලුබව සයුරු පරදන
Pramudi Maleesha 5 years ago 212 5 4
අචල හදවතක් සසල කරවන.. දුකින් වෙලි කතරට වැහි වස්සන.. සතුට වස්සන අස්වසාලන වියමනෙහි වෙලි සිත් මුදාලන රලු පරලු බව මුදු මොලොක් ලන ආදරය ශක්තියයි ♥️ සිත් පුරා ආදරය ගලන හදකට⭐?? ✨✨✨✨✨✨✨✨✨ අරමුණු නම් ගගක් වේ නමි, ආදරය සයුරක නොවේවිද? සයුර මැවුනේ ගං වලින් නම්... බිදෙන් බිද රොද එකතු වන මෙන්, ආදරය ශක්තියක් කරෙගන..?♥️ අරමුණක් වෙත යන්න නොහැකිද?⭐?
ශශී❤️? 5 years ago 272 6 6
වසත් සමයක සොදුරු සවසක නුබේ නෙත් මා නෙත ගැටුනු කල පුරුදු ලෙසකට නුබේ රුව මට සත්තමයි සසැලුනා හදවත නුහුරු නුපුරුදු හැගුම් ගොන්නක පැටලුනා මා සිත් පියුම් විල දමා යන්නට නොහැකි තරමට පෙම් කලා මන් මටත් නොදැනිම සසර මග මුනහැහුන විලසක නැවතුනා මගෙ සෙනෙහේ නුබ ලග පෙමින් සෙනෙහෙන් ගෙවී කාලය සිවුවසක් ගතවෙලා නොදැනිම ශශී
සු ද් දා ? 5 years ago 211 6 2
මවක් සමත් නෑ බිරිදගෙ අඩුව මකන්නට පෙමක් සමත් නෑ මිතු දම් සසදන්නට ඔබත් සමත් නෑ මා තේරුම් ගන්නට මමත් සමත් නෑ මැනිකේ පෙම් කටු කන්නට ?❤️
සු ද් දා ? 5 years ago 248 7 8
හැම තරුවකටම බෑ අදුර මකන්න හද ඒක කරා හැම ගසකටම බෑ කාන්තාරයේ හැදෙන්න පතොක් ඒක කරා හැම කොල්ලටම බෑ එකෙක් මත්තෙ නහින්න මම ඒක කරා හැම කෙල්ලටම් බෑ මගේ හිත දිනාගන්න උඹ ඒක කරා
සු ද් දා ? 5 years ago 253 4 5
සුන්දරයි ඒ වදන් නිවනවා අදත් හිත මතකයන් සලන්න ලෝබයි හිත් පොඩ්ඩට මනෝ පාරක් ගැස්සුවා නුඹත් ඔලුවට නාඩන්න මගෙපන කියලයි ගියෙත් ලැජ්ජා නැතිව
සු ද් දා ? 5 years ago 235 4 4
වේදනාවට සිසිලසක් නුඹේ පහස හද ගැස්මට වේග රිද්මයක් නුඹේ වචන මතකයට පහරක් නුඹේ මග ඇරුම හද නිවනා භාවනාවක් නුඹේ ඔය සෙනෙහස
L.isanka 5 years ago 204 5 4
හදවතේ පොඩි යුද්දයක් ලබා ගන්නට හිමිකමක් සිතන දේ දෑසින් පෙනුනු කල නැතිව යාවිද මිතුදමත්...
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps