චතුරංගි හර්ශිකා 5 years ago 259 3 1
නිකිණි ගගනත පුරා
හිනාවෙන පෝය සද
නිකිණ්ණියෙ අහස හැඩ කරනවා...
හිම මිදෙන සීතලත්
එක්ක එන සද කිරණ
හිත අතීතෙට අරං දුවනවා...
සද එක්ක එකතු වී
මටත් රහසේම ගොස්
මගේ හිත දළදාව වදිනවා...
නේක පාටින් දිලෙන
රොබරෝසියා අතර
මගේ හිත ඉද්ද මල් සොයනවා...
තරු නොමැති අහස් ගැබ
සඳ ට දැනෙනා තනිය
මටත් දැනෙනවා දැයි
සද මගෙන් අහනවා...
මුවග මදහස තියා
මුසා තෙපලනු බැරිව
මුනිවතින් මගේ හිත
ගොළු වත ම රකිනවා...
- චතූ
Deesha(දීෂා)❤️ 5 years ago ??