Nisadas gives you space to write and publish your creative poems, thoughts and stories in a nice and simple way among the worldwide Nisadas community.
Ranatunge Jayawardene 1 year ago 114 0 0
ඔබ යදිමින් මා හිටියා ඒ නිදිගත් රෑ මැදියම සලකුණු කිසිවක් නොතබා ඔබ ඇවිදින් ගොස් තිබුනා.. * තරුකැට ඇසිපිය ගැසුවා මොනවද මුමුණා කීවා රැස්වී දොඩමලු වූ බැව් පිණිබිඳු රහසේ කීවා.. * රන් හිරු පායා දිලුනා කිරණින් වුවනත දෙව්වා නිදිගැට දිගහැර උදයේ පුතු මා ළය මත ඇලුනා.. * අප මඟ හෙලිකර පෙන්නා ඔබ මා අසලම හිටියා අඳුරින් අප සැම ගලවා සත දෙස එහි සිට බැලුවා ! --------------------------------------------------- රනේ/18ඔක්2024/ගැලවුම් කරු
Ranatunge Jayawardene 1 year ago 134 0 0
හීන රැසක් මත මම මැදි කරලා තියෙන තියෙන දේ වියදම් කරලා ඔබ නොදුටුව ලොව මට යා කරලා නිදනව ඔබ මෙහි මම තනි කරලා * ඔබ ගේ බඩගිනි, මට දැනිලා නෑ ඔබ විඳි කරදර මට දීලා නෑ සෙනෙහස රැකවල අඩුවක් කර නෑ වන්දි ගෙවන්නට මා ළඟ ඔබ නෑ .. * අසරණ වූ අය මට හමුවෙනවා ඒ දුක් බැල්මට හිත උණු වෙනවා ඇවැසි පිහිට මම නොඅඩුව දෙනවා ඉන් උපයන පින ඔබට එවනවා .. * දවසේ අවසන ඔබ සිහි කරලා මෙත් සිත වඩවා දසතම පතුරා කුළුණු ගුණෙන් පිරි ඔබෙ ගුණ කියලා පතනව මොක්සුව හැම සත නිවනා ! --------------------------------------------------- රනේ /09ඔක්2024/සිහිකිරීමයි !
Ranatunge Jayawardene 1 year ago 127 0 0
" මොලේ ඇති, මා මිතුරු; මං ඉන්න ශරීරය ඔබට මේ කියන්නේ ඔබෙන් 'මම' අහන්නේ.. " * ඔබ මාව ගෙනයන්නෙ කොයිබට ද? ඇත්තෙන්ම හැමදේම පිළිවෙලට තමයි මං කරන්නේ දැනගන්න ඕන මට කොහොම ඒ හිතන්නේ 'දෙවියන්ද' කියන්නේ කවුද ඒ කරන්නේ ? * වැඩි මනත් දන්නෙ නෑ ඉපදුනා ලොකුවුනා ලෙඩ වුනා හොඳ වුනා හිනැහුනා දුක් වුනා මං නිකං 'මම' වුනා.. * හරිම හරි ලෝකයක් සැලැසුමක් දන්නෙ නෑ.. වෙනස තේරෙන්නෙ නෑ ඉපදෙනා ලොකුවෙනා ඔබ දකින 'මම' වෙනා.. මම මුකුත් කලෙත් නෑ ඔබ මුකුත් කළා දැයි මටම වැටහෙන්නෙ නෑ.. * පොඩි උන්ද ලොකු වුනේ ලොකු උන්ද වියපත්ව, මිය ගොහින් ඉපදුනේ .. කවුද මේ කරන්නේ කොහොම මේ දකින්නේ *** " ජීවිතය පැලකරන් ජීවිතේ ගොඩනගන 'ජීවිතේ' සාරයෙන්, ගමන් යන, සැරිසරන .. දේහයක් අරක් ගෙන, කාලයක් ගත කරන .. සාර ගුණ රැස් කරන එයම වියදම් කරන එයම තැන්පත් කරන් සංසාර ගමන යන ! මේ සසර පුරාවට ඔබ එක්ක සැරිසරන 'ධර්මතා' මගේ නම ඔබ ළඟම ගොඩ නැගෙන" ------------------------------------------- රනේ/02ඔක්2024/ධර්මතා
චතුරංගි හර්ශිකා Nisadas Count (437)
Deesha(දීෂා)❤️ Nisadas Count (73)
Ranatunge Jayawardene Nisadas Count (71)
Dila ???? Nisadas Count (68)
ශශී❤️? Nisadas Count (57)
නදී ..✍???? Nisadas Count (51)
✍️Nilushi Nisansala✍️ Nisadas Count (49)
Sandu U Nanayakkara Nisadas Count (41)
තූර්යා ඉඳුවරී Nisadas Count (39)
Naween Perera Nisadas Count (38)
Vosandi Dissanayake Nisadas Count (34)
Rasika Maduwanthi Nisadas Count (34)
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps