Dila ???? Nisadas Count (68)
Dila ???? 2 years ago 262 0 1
දැනුනු තෙරපුනු හැගීම් බිදු නොදැන සිටියෙමි කියනු කෙලෙසක නුබේ සතුටට අවසරයි අද මමත් ඇවිදිමි නුබෙන් ඈතට දරා ගන්නම් ඈත දුර සිට දැවුනමුත් මගෙ හදවතම අද හිනැහියන් ලස්සනට හැම දින නුබයි මගෙ ලස්සනම හීනය
Dila ???? 3 years ago 439 1 3
සඟවා දමන්න සඳවත දුක් සුසුම් මැද මේ දැනෙන පාළුව අර පෙනෙන දුර කඳු මිටියාවතෙහි හිස තියාන ඔහු ළය මත තරු ගණින දවසක් එනවා ළගදීම ඒ කඳු මුදුන් ඉමේ වසන්තය අහිමි හිත් මත මල් පිපෙන්න පටන් ගෙන ඵල දරන්නට නියමිත බැවින් අවාරයේ එතැන් සිට... කඳුල නුඹ මා, අතැර යා යුතුය ඉඩදී... හිනැහෙන්න හිත් පුරා මට නිදහසේ !
Dila ???? 3 years ago 436 4 3
තබා හිස උරහිසේ හුරු සුවඳ සොයන්නද ඔබ දකින තුරු දැනෙන සිතේ ගිණි නිවන්නද නොකී ඒ කවිය මම කවදාක කියන්නද මහ ගොඩක් ඉතිරෙන්න ආදරේ එවන්නද? නෙත් කවුළු පුරා රැඳි තෙත රැඳෙන්නට නොදී හැමදාම මගහැරෙන කාළයත් දුක් විඳී දුර ගමන් මග මිසක විඩාවක් වනු නොදී ඔබ ළඟම නවතින්න මේ සසර මට මදී...
Dila ???? 3 years ago 441 1 2
කල්පයක් දිග මොහොතක හුදෙකලා වූ අහසක සියුම් මඳනළ කටහඬ ඇහෙන, නෑහෙන ගීයකි ඇසිපිය මතින් ඉල්පෙන පැහැයක් නොමැති හැඟුමක කාලය පවා ගල් වන නම් ගම් නොදත් බැල්මකි ඉතින් මේ දිගු තත්පර ඉහිළිය නොහෙන ගැඹුරකි දිව්‍යමය කැල්මක, මඟහල නොහෙන ඇල්මක ඇරඹුම, ගමන, නැවතුම පිළිබඳ කිසිත් නොසොයමි පිවිසෙමි.. යළිත් නික්මෙමි බරැති සුසුමක දැවී ඇවිළෙන පෙමක් අද්දර නවතිමි...
Dila ???? 4 years ago 447 1 2
ඉතින් තව බෑ හිනාවෙන්න ඕන තැන් වල දරාගන්න නුඹත් නැති තැන හිනාවෙනහැටි ටිකක් ඇවිදින් කියාදෙන්න සුසුම් පොඩිකර මරාගන්න කදුලු ඉඩ නෑ ගලායන්න හාදු පොදියක් එවා ඇති මම කොපුල් තල වල උලාගන්න අපේ මතකය තියාගන්න කලින් හිටි ඒ නුඹම වෙන්න එකම පාරක් කැමති විදියට මගේ ප්‍රේමිය බලාගන්න ටිකක් නැවතී බදාගන්න මල් සුවඳ නෑ හමායන්න යන්න හිතුනම පපුව මැද්දේ මගේ කවියක් ලියා යන්න.... !!!
Dila ???? 4 years ago 355 2 1
අත්හලයි සිතූ තැන්වල මතක ඇත්තෙම නැද්ද හිත්වල රිදුම් ආවම මතක පෑරෙන ප්‍රේමයක් ඇති ගිහින් නවතින... නැවුම් සුවඳක පැටලුණත් හිත ආදරෙන් අත ගගා සෙනෙහස රිදුණු පෑරුණු විටෙක හදවත ඔසුව වනු ඇත අතීතෙක රස... හිනාවෙන්නට හැකිය හැමවිට දැකිය හැකිවෙද හිතක් විනිවිද පිදිය හැක පුදසුනක් කර හිත කටු නොමැති මල් තබා යනවද...
Dila ???? 4 years ago 504 9 2
දැක්කද ප්‍රේමය මැරිලා.. බලන් ඉදලා ඉදලම නුබ වෙනුවෙන් අරන් ආපු මලේ කොලත් දැන් හැලිලා.. නාරටිය විතරක් ඉතුරුවෙලා !
Dila ???? 4 years ago 436 1 5
ප්‍රේමණීයම දවස් කොපමණ තිබුනාද ඔබ මා අතර පහද පහදා නොකීවට පුංචිම පුංචි බැල්මකින් පවා මත්වුන... ඔයා ලස්සනම කහපාට ගවුමට ලා රෝස පාට සෙරෙප්පු කකුලට යාන්තම් තුරුලු වෙද්දීම පපුවට ආදරේ ඉතිරුනා සසරේම හුරුවට... ජීවිතේ කියන්නේම කෙටිම කෙටි හුස්මක් අල්ලලා නවත්තා ගන්න බැරි ගැස්මක් නතර වූ පසු හිතක් ලගක ඇස් බැල්මක් ආයෙමත් ගත්තොතින් හිතක වේ තැල්මක්... ඔයා ලග තිබුනා කතා කෝටියක් මම ලග තිබුනේම කෙටි ශබ්ද කෝශයක් නිහඩ බව ආදරේ මිස නෙවේ දෝශයක් ගිරවියෙක් නොබැදේද බස්සෙකුට ප්‍රේමයක්... ආදරේ හරි මිහිරියි ඒ අපි පොඩි දවස්වල ජීවිතේ දැන් තේරෙයි දැන් අපි ලොකුයි හිත් වල... මතක කෝකත් එක වගෙයි අමතක කරනු බැරි හිත්වල ජීවිතේ මේ ගෙවෙන්නෙත් වටිනාම වටින තප්පර...
Dila ???? 4 years ago 403 4 7
පාට ගෑ මල් වලට තව සුවඳ තියන්න මේ අඳුරු දිනවලට රහසෙ හරි විඳින්න දුර ඈත පා කරපු අපෙ හීන මකන්න තවම බෑ හෙට දිනට හිනාවක් මවන්න.. ඉර බහින හවසකට වළා මත ලියන්න අපි කියපු පෙම් ගීත මතකයි ද බලන්න නිදි නේන වරුවලට හීනෙනුත් පෙනෙන්න සඳ ඉතින් ඇයි පමා රැය අරන් වඩින්න... මගෙ අහසෙ තනි තරුව වගේ නුඹ දිලෙන්න සඳ නැතත් මට හැකියි නුඹෙ නමින් නිවෙන්න ඝන අඳුර ඇස් වලට හුරුයි දැන් දකින්න පාර තව මතක නම් ආයෙමත් හැරෙන්න...
Dila ???? 5 years ago 437 6 7
හිත් රිද්දන මතක වලින් කඳුළු ගෙනාවත් නුඹේ වෙලා හිටිය දවස් වටිනවා තවටත්.. නින්ද නොයන හැමරෑකම හීන වලටවත් ඇවිත් දියන් නුඹේ උණුහුන වතාවක් තවත්.. නුඹ ඇවිදින් මෙමගේ හිත පෑරුවට තවත් නුඹම තමයි මේ කදුළට තිත තියන කෙනත්..
Dila ???? 5 years ago 439 7 4
දවසක උඹ තනි වෙයි එතකොට මාව මතක් වෙයි, එච්චර රිද්දනකොට කොච්චර ආදරේ කළාද කියලා තේරෙයි, ආයේ මාව හොයාගෙන එන්න හිතෙයි මගේ ආදරේ ඕන වෙයි....!! මැණික, එදාට මම ආයෙ එන්න බැරි දුරකට මම ගිහින් තියෙයි....!!
Dila ???? 5 years ago 400 6 6
අහසක් දිනෙක මහ වැස්සක් බිමට හලා සුසුමක් හෙලා හිටියා පැත්තකට වෙලා තරුවක් දෙකක්වත් නැති ඒ අහස දිහා වරුවක් බලා හිටියා මම දෙනෙත් අයා.. කදුලක් ඇවිත් නොකියම නෙත් දෙකට වෙලා සුසුමක් සමග හාදව මට විහිළු කලා සදටත් හොරෙන් කළුවරකට මුවා වෙලා නුඹේ නමට වැටුනු කදුළු එකතු කලා.. ගොම්මන් අදුර තනිකම ළග මතක තියා හිරු නැති ලොවක අද දවසත් ගෙවිලා ගියා හීනයේ මතක දොරකඩ ළග දෑස් අයා තාමත් බලා ඉමි යලි අපි හමු වේවී කියා..
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps