Dila ???? 4 years ago 380 4 7

Nisadas Image

60.

පාට ගෑ මල් වලට තව සුවඳ තියන්න
මේ අඳුරු දිනවලට රහසෙ හරි විඳින්න
දුර ඈත පා කරපු අපෙ හීන මකන්න
තවම බෑ හෙට දිනට හිනාවක් මවන්න..

ඉර බහින හවසකට වළා මත ලියන්න
අපි කියපු පෙම් ගීත මතකයි ද බලන්න
නිදි නේන වරුවලට හීනෙනුත් පෙනෙන්න
සඳ ඉතින් ඇයි පමා රැය අරන් වඩින්න...

මගෙ අහසෙ තනි තරුව වගේ නුඹ දිලෙන්න
සඳ නැතත් මට හැකියි නුඹෙ නමින් නිවෙන්න
ඝන අඳුර ඇස් වලට හුරුයි දැන් දකින්න
පාර තව මතක නම් ආයෙමත් හැරෙන්න...

Comments (7)

චතුරංගි හර්ශිකා 4 years ago ලස්සනයි ❤️✨

shashi 4 years ago ලස්සනයි ❤️

Dila ???? 4 years ago ස්තූතියි චතු, ශශි ????✨❤

නදී ..✍???? 4 years ago ගොඩක් කාලෙකින් ඔයාගෙ කවියක් කියෙව්වෙ. ලස්සනයි ❤️

Naween Perera 4 years ago ❤️❤️❤️

Shashini Piumila 4 years ago ලස්සනයි ????????

Ranatunge Jayawardene 2 years ago සුන්දරයි. ❤️❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps