Ranatunge Jayawardene 1 year ago 116 0 0
ඔබ යදිමින් මා හිටියා
ඒ නිදිගත් රෑ මැදියම
සලකුණු කිසිවක් නොතබා
ඔබ ඇවිදින් ගොස් තිබුනා..
*
තරුකැට ඇසිපිය ගැසුවා
මොනවද මුමුණා කීවා
රැස්වී දොඩමලු වූ බැව්
පිණිබිඳු රහසේ කීවා..
*
රන් හිරු පායා දිලුනා
කිරණින් වුවනත දෙව්වා
නිදිගැට දිගහැර උදයේ
පුතු මා ළය මත ඇලුනා..
*
අප මඟ හෙලිකර පෙන්නා
ඔබ මා අසලම හිටියා
අඳුරින් අප සැම ගලවා
සත දෙස එහි සිට බැලුවා !
---------------------------------------------------
රනේ/18ඔක්2024/ගැලවුම් කරු