Sewwandi kaushalya 5 years ago 264 6 5
දළුලමින් ඵලදරන..? කෝඩුකාර පෙම්කවට..? දෙවසරක් ගෙවීගොස් නොදැනීම ..? ලැබුනු ඒ අවසරින් පතමි පැතුමක් ..? මංගල අෂ්ඨක නද මැද..? රන් හුයෙන් දෑගිලි බන්දා ..? පෝරු මස්තකයෙහි .?. පුංචි මනාලිය වන්නට ...? මතුදිනෙක නූඹේ ...??
ශශී❤️? 5 years ago 283 5 7
සද තනි මකන සැන්දෑ බටහිර අහසේ පඩු පැහැ තාරකා ඇයි නිවි නිවි දිලුනේ ලියකම් මවන තරු සිත්තම් මන දසුනේ නුබෙ නෙත් සගල මට ඇයි මැවි මැවි පෙනුනේ පිනිබිදු සැලෙන සීතල හිරිගඩු පින්නේ සිසිලස නොදී හදවත ඇයි ගිනි ගන්නේ හෙමිහිට නැගෙන ඉර මල සුන්දර අඹරේ මට ඇයි සිතට සැනසුම නොම ගෙන ආවේ පෙම් ගී ග්යන සියොතුන් කැල සතර දිගේ නැවතුම නොදී ගලනා ජීවිතය දිගේ මිහිදුම් නැගෙන නිසසල පිවිතුරු උදයේ මේ හැමතැනම නුබෙ රුව ඇයි මට පෙනුනේ ශශී
✍️Nilushi Nisansala✍️ 5 years ago 328 7 7
මගේ තුරුලේ සෙවුව උණුසුම නොසොයා නුඹ නිදියන දිනේ කතා කිය කිය කැවුව බත් කට තනිව රස බලනා දිනේ නුඹ ම තෝරන් තනිව ඇදගත් ඇදුම හැඩබලනා දිනේ මොන තරම් ඉක්මනට එනව ද කියා නිතරම මට දැනේ. වරු ගණන් නුඹ දිහා බල බල විදිමී හදවත පූරා දරු පෙම මොනතරම් සුන්දර ද මගේ දූ සිතෙනවා මට දකින හැමවර බිදෙන් බිද දුර යාවී නේදෝ , ටිකෙන් ටික උස් මහත් වෙනකොට ඇයි ඉතින් මේ තරම් කලබල අනේ! හෙම්හිට යන්න කාලය.
❤️Ishu❤️ 5 years ago 197 4 4
lokayama sana sanna man hithuwe na api apita nathi wenna ida denne na mage sathuta oba gawa adu padu na hith badunuda ranhuyath oni na, kiyala oya eda mata kiyaddi mata hithune oya mage loke kiyala na oya giya manika koheda kath ekkada kiyala man danne na eth oya sathutin parissamen inna....❤️?
❤සදට ආදරෙයි ❤ 5 years ago 242 8 6
තාමත් මං ඉන්නේ එනකං එකදවසක් හුස්මක් ළගකින් ඉන්නට හීන්සීරුවට එන්නම් නොකියාම සවසක් හිනාවකින් සරසන්නට
Deesha(දීෂා)❤️ 5 years ago 273 8 16
හාර හාරා වනේ කුණු රස උරා බොන නිලමැසි කැලැක් හිනාවෙනවලු සමනලුන් හට සොයනවට මල් රොන් පොදක් උන්ට නම් නෑ වෙන වැඩක්... සූර සූරා ගතෙහි ලේ බිඳු සොයාගෙන යන මදුරුවෙක් හිනාවෙනවලු බඹර තුඩකට පැණි සොයන එක මදිකමක් උන්ට නම් නෑ වෙන වැඩක්... පාර පාරා ඉඳුල් අතරෙහි කුසය නිවනා පණු රැළක් හිනාවෙනවලු ගැඩවිලෙක් හට ඇයිද කන්නේ පස් ගොඩක් උන්ට නම් නෑ වෙන වැඩක්... පීර පීරා යනෙන හැම තැන මිනී බුදිනා කැණහිලෙක් හිනාවෙනවලු ඇත් රජෙක් හට රසද ඔය හැටි තණ ගසක් උන්ට නම් නෑ වෙන වැඩක්... නාව නාවා පව්වලින් සිත සුදු අඳින ලොකු පින්වතෙක් හිනාවෙනවලු අසරණුන් හට ගෙවනවට පෙර කළ පවක් උන්ට නම් නෑ වෙන වැඩක්... ??????????
ශශී❤️? 5 years ago 288 6 5
අතින් අත යන දුහුල් මලකට ලොවක් ගැරහුම් කලද කොපමන ඇගේ ලය මත පිරුනු ගින්දර ලෝකයක් හට කෙලෙස වැටහෙද අතීතය වත්මනට පැමිනී අනාගතයම දවා අලු කර ඇගේ සිත ගත නොනිමි කදුලක පැටලවීමට කවුරු වග වෙද ශශී
Supuni Nilukala? 5 years ago 299 5 4
වසන්තය නොආවත් වැසි බිඳු නොලදත් කටෝර සුළං වැදුණත් ඇයට කම් නැත කිසිත්.. පිටතින් ගොරහැඩි නමුත් ඈ ලස්සනට රළු පොළොවෙ හිනැහේවි ඇත්තටම අපූරුයි.. වසන්තයම එනතෙක් නොඉද බලා හිඳ තවත් වෙයන් නුඹ පතොක් මෙන් හුරුවෙච්ච ඉඩෝරයටත්... ????
ශශී❤️? 5 years ago 352 5 8
දෑතම දිගුකර දිවුරුම් දුන්නට කිසි දින හැරදා නොයමි කියා ඒ දිවුරුම අද කදුලක දැවටී පවනේ පාවී යයි රිදවා සෙනෙහස විදිනට නුබගෙන් මොහොතක් මට අවසර නැති බව දැනිලා නුබ දුර ඈතක පාවී යනු දැක මගෙ සිත සුසුමින් වට කෙරුනා පෙරදින හමුවී දොඩමලු වූ ඒ සුමිහිරි මතකය අවදි වෙලා වසන්තයට පෙර ගිලිහුනු කැකුලක් හැගුමන් ලග අද වැද වැටිලා උයනක වැතිරුනු සීතල පිනි බිදු තුශර හිමේ අද තනිවීලා ඈතින් පෙනෙනා බොද වූ සිතුවම මා ලය කුසුමේ පරවීලා පාලුව තනිකම සතර දිගින් විත් විකසිත කුසුමක් ගත වෙලුනා හැන්දැවක පිපි සමන් පොහොට්ටුව නටුවෙන් ගිලිහී බිම වැටුනා දෙලොවක් අතරේ සරන මගේ සිත නුබෙ රුව ලග විත් නතර වුනා ආපසු යන්නට පෙර එක මොහොතක් සුවද තියන්නද දෙතොල් නුරා ගොම්මන් අදුරේ සිසිල් සුලග වී නුබ මගෙ සවනට රහස් කියා ඇසිපිය සලනා එකම නිමේශෙන් නුබෙ හඩ දුර ඈතක රැදිලා පියවෙන දෙනුවන් නුරා මතින් දැන් සයනේ ගුලි වී ගිලන් වෙලා සුරගන වේශෙන් මා මැවු සිහිනය අද මට නොකියම දුරස් වෙලා ශශී
Prem14 Nath 5 years ago 190 5 5
ඔබ කොහේද කියන්න පරිගණක පිටු අතර ඔබ නැහැ පෙනෙන්න මගෙ පාළුව මකන්න E-මේල් එකක්වත් ඒවන්න...
තරිඳු හෂාන් 5 years ago 224 8 6
වෙනදා වගේම අදත් බලන් හිටියා ඔයා එයි කියලා.. හායි හලෝ බායි කියලා යයි කියලා.. ඒත් එහෙම වෙන්නෙ නැහැනේ.. ඒකනෙ ඇත්ත.. මම මගෙ හිතේ තව කාටවත්ම වටිනා කමක් දීලා නෑ.. කාලය යනවා කියලා මට වගකුත් නෑ.. ඒ ප්‍රතිපත්තිය.. ආදරය.. වටිනාකම ඒ ඔබට මගෙ හිතේ තියෙන අගය.. ඒත් ආයෙ එන්නවත් හිතක් නැති කෙනෙක්නෙ ඔයා.. අහිතක් නෑ තුන් සිතකින්වත්.. රත්නත්තරේ පිහිටයි.. කියලා සිංදුවකුත් තියෙනවා නේ.. අපි ඒක අමුතු විදියට දැක්කට ඒ එයාගෙ හිතේ තියෙන ආදරය නේද.. ආදරේ කරන අය මොනදේ කලත් වෛරයක් හිතෙන් නෑ නේද? වාසනාවන්ත ආදරණීය සියලු පැතුම් ඉටුවෙන්න කියලයි පතන්නේ නේද.. මගෙත් ආයු ගෙන ඔයා ජීවත්වෙන්න දිගු කාලයක් වස්තූව.. කියලයි හිතන්නේ නේද?? ආදරේදි සප්‍ප්‍රයිස් කරනවට කවුරුත් ආසයි නේද?? ඒත් මට ඒ තරම් වත් කමක් නෑ.. ලොකූ සප්ප්‍රයිස් එකක් කරන්න.. කවදා හරි දවසක අහම්බෙන් හරි මෙහෙම පෝස්ට් එකක් ඇහැ ගැහෙයි.. එදාට අඩුම ගානේ "පිස්සෙක්" කියලාවත් ඔයාට කියවෙයි.. කමක් නෑ ඒකත් ඇති ඒ කමෙන්ට් එක මට වටිනවා ගොඩාක්.. නෙගටිව් මයින්ඩ් හිතන නිසාම මහා ලොකු දුකක් නෑ හිතේ තව තව ශක්තිමත් වෙන්න පුලුවන් මට.. නිස්සාර හදවතක විරාමක්
ශශී❤️? 5 years ago 290 5 5
ඇවිද යන්නට තෙරක් නොපෙනෙන සසර මග හමුවේ ඇවිත් නුබ දුක තුරුල කරගෙන මගේ පන සම සේ මගේ හිමිකම මටම හිමි නැති විඩාබර ගමනේ ඉතින් නුබ ලග කෙලෙස ඉන්නද අයිති නැති සෙනෙහේ අදුර පිරි මුත් සදක් නැති මේ විසල් ආකාසේ තරුත් නොනිදා සද වඩින තුරු බලා ඉන්නා සේ සියුම් හැගුමක් කදුලු අස්සේ කොපුල් සිප රහසේ පැවසුවා මට එපා දුවනට මිරිගුවක් පස්සේ සීත පවනක් නුබේ වේශෙන් පැමිණ ගත දැවටී අසුරු සැනෙකින් හැන්ගුනා මේ නුවර කදු අස්සේ මිරිගු දිය ලග හඩා වැටෙනට නෙතට අවසර දී නික්ම යන්නම් අදුරු මතකෙන් සසර මග සමු දී ශශී
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps