ශශී❤️? 5 years ago 284 5 7
සද තනි මකන සැන්දෑ බටහිර අහසේ
පඩු පැහැ තාරකා ඇයි නිවි නිවි දිලුනේ
ලියකම් මවන තරු සිත්තම් මන දසුනේ
නුබෙ නෙත් සගල මට ඇයි මැවි මැවි පෙනුනේ
පිනිබිදු සැලෙන සීතල හිරිගඩු පින්නේ
සිසිලස නොදී හදවත ඇයි ගිනි ගන්නේ
හෙමිහිට නැගෙන ඉර මල සුන්දර අඹරේ
මට ඇයි සිතට සැනසුම නොම ගෙන ආවේ
පෙම් ගී ග්‍යන සියොතුන් කැල සතර දිගේ
නැවතුම නොදී ගලනා ජීවිතය දිගේ
මිහිදුම් නැගෙන නිසසල පිවිතුරු උදයේ
මේ හැමතැනම නුබෙ රුව ඇයි මට පෙනුනේ
ශශී
Deesha(දීෂා)❤️ 5 years ago Wooow ! Very nice my dear ?❤
✍️Nilushi Nisansala✍️ 5 years ago ලස්සනයම ලස්සනයි ,???
ශශී❤️? 5 years ago Thank you.?
සත්සරණි 5 years ago ?
ශශී❤️? 5 years ago ❤️
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ගොඩක් ❤
ශශී❤️? 5 years ago Thank uu❤️