Wathsala 5 years ago 280 5 4
හිරුත් එක්ක ම පිපෙන හිරුත් එක්ක ම මියෙන නියතදම වෙනුවට පසක් කලා ඒ අරුත ඒ නුඹයි කපුරු මල... ඉඩොරෙත් වසනතෙත් එකවගේ ලග ඉන්න හැමදාම එකවගේ මල් පිපී හිනැහෙන්න සුභ පැතුම් ගෙනෙමි මම කිසිදාක නොමියෙන්න ඒ පුංචි ලා දම් මලට...
Kaveesha Lakmali 5 years ago 249 8 10
සරා සඳ මත පළුදු සිතුවම් ශේෂ වී හදවත පුරා නුරාවට පෙම් බැන්ද සුසුමට නොරැවටී රැවටී එදා අනග සිහිනෙක ගෙවුනු හෝරා අදුරු කුටියක තනි වෙලා නුහුරු හඬ කුස ගැහෙන හුස්මෙන් දෙනෙත් සිහිනෙන් විය මුදා හිරුගෙ අයිතිය දිවා අහසට පෙර ලියවි දෛවය නිසා සඳත් තරුවත් උරුමයක් නැති උරුම ලද්දෝ විය මෙදා ~~KaVee~~
සත්සරණි 5 years ago 298 7 8
කවිකාර පුංචි අැස් කියන්නෙම කතාවක් මුළු හිතම ගැස්සුනා මන බඳින හිනාවක් දඟකාර හිතකට ළං වෙන්න ඉනාවක් පතන්නද අවසර වේවි ලස්සන පෙම් කතාවක් ❤❤
Samanmali 5 years ago 221 6 5
මුව පුරා සිනහා නගන්න දෙනෙත් වලින් කදුලු සලන්න සිත පුබුදන්න සිතුවිලි උපදවන්න සතුට විද ගන්න දැනේවි දවසක තමාගෙ සතුට තමාම බව
Supuni Nilukala? 5 years ago 295 6 6
මැවූ හීන හීනයක්ම වෙද්දි පැතූ දේ නොලැබෙද්දි නොපැතූ දේ ලබද්දි නොසිතූ දේ සිදු වෙද්දි සිතූ දේ නිෂ්ඵල වෙද්දි දැනුනෙ හරි හිස් බවක් මහ පොළවට බරක් වෙද්දී.. කියන්නට දහසක් ඇතත් තෙපලන්නට වචන නැති නම් කෙසේ නම් තුටු වෙම්ද ගොලු වී ඇත අද මං... දෛවය හරි නපුරුයි තැලූවත් කෙතරම් රත් කළත් ගිනි උඳුනෙන් මුවහත් නොවේ මං.... ????
ශශී❤️? 5 years ago 256 7 10
ලවන් නෙතු යුග පෙමින් ඇලලෙන සවන් පෙති නුබෙ හඩින් රැව්දෙන සුසුම් සිරකර දවන ප්‍රේමය සිතින් හැරයනු කෙලෙස මම අද ශශි
සත්සරණි 5 years ago 235 7 9
සයුරු තෙර දිය රැළි මතට හිරු රැස් වැටී දිලිසුනි එදා... වෙරළ මත හිඳ නුඹ වඩින තුරු මග බලා හිඳුනෙමි මෙමා... සිංහ තේජස පරයනා ඔය රුවට අවනත වුනිද මා... යකිනියක යැයි නම් දරන මුත් මගෙත් හද පණ ගැහෙනවා... නුඹම පෙම්බස් දොඩා සැනසු තම්බපන්නි කුමරිය මමයි දේශය පරපුර සියල්ල හැරදා නුඹටම පෙම් කළ කුවේණියයි පවිටු මිතුරු බස් නුඹ පිළිගත් හින්දා අවලාද විඳි ප්රේමියයි පෙම් කළ හදින්ම වෙෙර කරනෙමි එදා මම විජය පතිනියයි...
Supuni Nilukala? 5 years ago 284 7 7
බෝ පත් සෙලවෙන සිසිල් සුළං හඬ නාදයයි ඝණ්ඨාර දසතින්ම පැතිරෙන වැලි මලුව රැව් දෙන සුමිහිරි බණ පද නිවයි මා සිත පිනෙන් බර කර ????
සු ද් දා ? 5 years ago 236 3 5
පෙම් කලා ආතල් ගන්නත් ඒකත් හරි ආතල් නෑ හිතේ දුකක් හැදිල පෙම් කරා අවංකව පන ඇරන් කෙලෝලම ගියා මගේ හොද පන අරන් ???️
සු ද් දා ? 5 years ago 242 5 6
පියෙකු දරුවකුට ආදරෙයි යැයි දොඩමලු වූයේ කවදාද නොකිව්වාට හිත් පවුරේ සෙනෙහස නැතුවාද වැරෙන් ගත්තත් රාවණා සීතට පෙම් පිරුවාම ස්පර්ෂ නොකරම පරිසම් කරේ ඒ සෙනෙහේ නොවෙද ❤️
සු ද් දා ? 5 years ago 227 4 5
ඉරක් පතන්නේ තවකෙකි පරදා දිදුලන්නට සදක් පතන්නේ අදුරෙන් කැපී පෙනෙන්නට හිතක් පතන්නේ නොහඩා සැනසෙන්නට මමත් පතන්නේ ඒ ඇස් මගෙ වෙන්නට ?❤️
malki 5 years ago 245 7 4
සීත හිරි පොද වැටෙන මැදියමේ.... හීන තරු මල් පිපුනි හදවතේ.... නුඹේ දගකාර ප්‍රේම හැගුමන්.... සිතම නුඹ ලග නැවතුවේ.... පිරිමි නුඹේ රළු පපුතුරේ.... උණුහුමට සැනසෙමි නුඹ මගේ...
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps