Deesha(දීෂා)❤️ 5 years ago 274 8 16
හාර හාරා වනේ කුණු රස
උරා බොන නිලමැසි කැලැක්
හිනාවෙනවලු සමනලුන් හට
සොයනවට මල් රොන් පොදක්
උන්ට නම් නෑ වෙන වැඩක්...
සූර සූරා ගතෙහි ලේ බිඳු
සොයාගෙන යන මදුරුවෙක්
හිනාවෙනවලු බඹර තුඩකට
පැණි සොයන එක මදිකමක්
උන්ට නම් නෑ වෙන වැඩක්...
පාර පාරා ඉඳුල් අතරෙහි
කුසය නිවනා පණු රැළක්
හිනාවෙනවලු ගැඩවිලෙක් හට
ඇයිද කන්නේ පස් ගොඩක්
උන්ට නම් නෑ වෙන වැඩක්...
පීර පීරා යනෙන හැම තැන
මිනී බුදිනා කැණහිලෙක්
හිනාවෙනවලු ඇත් රජෙක් හට
රසද ඔය හැටි තණ ගසක්
උන්ට නම් නෑ වෙන වැඩක්...
නාව නාවා පව්වලින් සිත
සුදු අඳින ලොකු පින්වතෙක්
හිනාවෙනවලු අසරණුන් හට
ගෙවනවට පෙර කළ පවක්
උන්ට නම් නෑ වෙන වැඩක්...
??????????
Shenali Sewwandi 5 years ago Woow..????
✍️Nilushi Nisansala✍️ 5 years ago ලස්සනම ලස්සනම ලස්සනයි .?
ශශී❤️? 5 years ago ඒක නම් නියමයි කෙල්ලේ??
Deesha(දීෂා)❤️ 5 years ago Thanks my dear friends ?
Methmi Nimnadi 5 years ago අර්ථවත්..?
Deesha(දීෂා)❤️ 5 years ago ? Thanks dear
Supuni Nilukala? 5 years ago ඒක මරු
Deesha(දීෂා)❤️ 5 years ago Thanks ?
Sachini Kangara ? 5 years ago ඒක වෙනස්..♥️
L.isanka 5 years ago කියෙව්ව ලස්සනම නිසදැස..
Deesha(දීෂා)❤️ 5 years ago Thanks ඔයාලට
සිතුවිලි පාරමී 5 years ago ඒක නියමයි ?❤️
Deesha(දීෂා)❤️ 5 years ago Thanks ??
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනම ලස්සනයි ?
Deesha(දීෂා)❤️ 5 years ago Thanks Chathu
නදී ..✍???? 5 years ago ඒක ගොඩක් ලස්සනයි ?❤️