චතුරංගි හර්ශිකා 5 years ago 348 3 2
පෙර රැයේ ඇද වැටුණි
මහ අනෝරා වැස්ස...
අපේ ගම හරි මැදින්
අහස් ගඟ ගැලුවා ද...
මහ දෙණියෙ කොණක අද
මම අසා ඉමි සද්ද...
මාළුවෝ වැහි කළුව
ගැන කතා කිව්වා ද...
ඇළ හරි පෙමින් ඉද්ද
ගස අරන් ගියා වත්ද...
මහ කොස් ගහේ අත්ත
බිම දැම්මෙ ඇයි හුළග...
අවාරෙට ගෙඩි හැදෙන
අඹ ගස මමත් දන්න
දෙණියෙ හුළගත් එක්ක
ඉදුරුවේ ඇයි වැස්ස...
ඉත්තෑවො නිතර එන
ගුරුපාර ළග ලන්ද
පොළව සිප ගන්නටම
සමතලා කළ වැස්ස...
ඊයෙ රෑ පුරාවට
ඇද වැටී වෙහෙසයි ද
ගගන මායිමේ අද
නැවතියන් නුඹ වැස්ස...
- චතූ
Deesha(දීෂා)❤️ 5 years ago ගොඩක්ම ලස්සනයි ??
චතුරංගි හර්ශිකා 5 years ago Thank you dr