1,804 Total Nisadas Found





චතුරංගි හර්ශිකා 5 years ago 258 3 4

Nisadas Image

අහිමි ප්‍රේමයක්

හිත් යාය මදු මලින්
පුරවන්න හීනයක..

සන්ධ්‍යාව රතු සළුව
පොරවන්න ගගන මත...

මල් වියන යට එකම
රතු රෝස කැකුලකට...

ආදරේ කළා සුදු
සලඹයෙක් පෙර දාක...

සමනල් තටු තරම්
ලස්සනක් නොවුණාට...

පුදුම ලස්සන හිතක්
තිබුණා ඔය ඌ ගාව...

රතු රෝස කැකුලු මල
පිණි වැස්සෙ තෙමෙනකොට...

ලෝකෙටම හොර රහසේ
හැඩුවාලු ඒ හිතම...

එක සොඳුරු දවසකදි
කඩවසම් තරුණයෙක්...

ලස්සන උයන් තෙරේ
රෝස මල ගෙන ගිහින්...

ඔහු ආදරේ කරන
පෙම්වතිය සනසන්න...

ඌ ආදරේ කරපු
රෝස මල ගෙන ගිහින්...

සලඹයා අදත් ඔය
රතු රෝස ගහ ගාව...

බලා ඉන්නවා ඉතින්
හැම සෘතුවෙම රෑට...

පෙර වගේ මද සුළඟ
කවි කතා කිව්වාට...

සිනා සෙන්නේ නැතිලු
හිතක් නෑ දැන් ඌට...

මම,
චතූ







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps