1,804 Total Nisadas Found





චතුරංගි හර්ශිකා 5 years ago 276 3 4

Nisadas Image

☔ මගේ හිත නතර වුණු මම කැමති කිවිඳෙක් ගැන පුංචි සටහනක් ?❤

ඔහු නමින් එච් එම් කුඩලිගම විය.

"සැන්දෑ වලාවක සිට තොල්පෙති මතුල
සොබාදහම ඔබ රෝහිණි මම අතුල"?

සොබාදහමේ සුන්දරත්වය හෘදයංගම ලෙස උකහා ගත් කොළඹ කවිය සැබැවින්ම භාව ප්‍රකාශනයකි. මම වඩාත් ම ආදරය කරන කවියා එච් එම් කුඩලිගමයන් ය.☔?❤

"කදු බෑවුමක දං බෝවිටි පදුරු තලා
පහළට ඇදී පර මල් පෙති ඉවත නොලා
කලදෝ දියෙන් පොගවා රන් පුලින තලා
සංගීතවත් වී යමි ඉදිරියට බලා"

ලොව බොහෝ දෙනා සුන්දරත්වය ගෝචර කර ගන්නේ ඇසට හෝ සවනටයි. නමුදු කවියා සුන්දරත්වය දකින්නේ හෘද අභ්‍යන්තරයෙනි.❤✍

"සැගවෙමි එබෙමි නිසසල වෙමි සසල
වෙමි
ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි
කවදා කොතැනකදී හෝ මහ මුහුදු
හිමි
හමුවුණු කෙනෙහි මා සතු බර ඔහුට
දෙමි"

ඒ අරුම චමත්කාරය පුදුම සහගත ය.??

"රන් තරු පිරිවරාගත් සඳ මඩල
යට
මහ වන බිමක් මැද ගිරි කුළු අතර
සිට
නොමියෙන හේලි දහමක පණිවුඩය
පිට
කොඳුරමි කෙඳිරියක් මුළු ලොව නිසල
කොට"

මෙවන් ආදරණීය සුන්දර කවි රැසක් කුඩලිගම කවියාගේ පන්හිඳ තුඩගින් ලියවී ඇත. ඒ සුන්දර ම කවි අතරින් මා සිත් ගත් ආදරණීයම කවි කිහිපය ඉහත ලියා තැබුවෙමි.☔?✍

ඔබට ද රසවිඳිනු වස්...?❤

මම,
චතූ

චතුරංගි හර්ශිකා 5 years ago 205 3 4

Nisadas Image

අම්මා තාත්තා

___________________________________??__
??දන්නවද!

උඹේ කුස පුරවන්න
කප්පරක් ගිනි දරාගෙන
දහඩිය කදුළ දිය කලේ
උඹේ අම්මා තාත්තා...

ගිනි ගොඩක හිත තියාන
මල් යහනක නුඹ තියන්න
නොවිදිනා දුක් වින්ද සුසුම
උඹේ අම්මා තාත්තා...

ගල් බොරලු වැලි අතර
හඩා වැටෙන දෑස් ළග
අස්වැසිල්ලක් වුණු සෙවන
උඹේ අම්මා තාත්තා...

ජීවිතේ රළු ගමන
දරු සෙනෙහෙ තුරුළු කර
නූපන් අනාගතය මවන අරුමය
උඹේ අම්මා තාත්තා...

දිවි මගේ නැවතුමක
නුඹ දැන නොදැන මග හැරෙන
නොවැටුණු කදුළු බිදුවත්
උඹේ අම්මා තාත්තා...

මම
චතූ

__________________________________??___
(ඔය උඹේ ඇස් වලින් කදුලක් වැටෙන්න නොදී උඹව ඇස් දෙක වගේ බලාගන්න ඒ ආදරේට කවදාවත් ම ගින්නක් දෙන්නෙපා...)

2020 ඔක්තොම්බර් මස 16 වැනි දා
12 .02 am







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps