චතුරංගි හර්ශිකා 5 years ago 203 2 2
යදමින් බැඳ විලංගු ලා කවි හිත සිර කරන්න බෑ කවුරුත් ආවත් නාවත් මට නොලියා හිදින්න බෑ... කවිය අතැර පිට පාරක මට වැඩි දුර දුවන්න බෑ සිතුවිල්ලක් පත්ඉරුවක කුරුටු නොගා ඉන්නත් බෑ... මටම දඩුවමක් විදිහට කවියෙන් සමුගන්නත් බෑ කවි හිත නොමරා මරලා නෙත් රිදවා ගන්නත් බෑ... දහස් දෙනා යන එන මග ගොළුවී නවතින්නත් බෑ මට හුරු වූ මගේ කවිය හැරදා මට යන්නට බෑ... ? මම චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 224 2 2
කවියක්ව සැතපෙන්න හැකියි නම් දෙනෙත් මත අහසක් වෙලා ඉතින් බලා ඉන්නම් තනිව දහසක් දෙනෙත් අතර මගෙ දෑස් තුළ නිදන අවසඟ නැති අරුම සිතුවිල්ල නුඹ නොවෙද... පුර පෝය හඳ ගාව නැවතිලා හැමදාම අරලියා මලක් වී සිනාසෙන්නේ කොහොම මගෙ සිතුවමේ එතුන නාදුනන ඇස් දෙකට මම පෙම් කලේ නෑ ඇත්තමයි ඔය හිතට... මම චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 220 2 2
මුළු ලෝකයට හොරෙන් රහසේ නුඹේ නෙත් අගින් මම ඇහින්ද කදුලක් තවමත් තිබේ මගෙ ළගින්... ඔය ගිම්හානෙට වුණත් මෙහෙට වහිනවා ඉතින් රළු ඉඩෝරයට පවා තවම ආදරෙයිනෙ මං... එක නෙත් කැල්මක නුඹ තැවරූ ළෙංගතුකම මැදින් වන මල් සුවඳක් මම වින්දා පත් ඉරුවක අගින්... මේ වේදිකාව මත ආයෙත් ඔය නෙත් ළග හෙමින් හිත නැවතුනාට බැහැ මට දැන් නවතින්නට පෙමින්... මම චතූ 2020 ඔක්තෝබර් මස 11 වැනි දා ඉරිදා
චතුරංගි හර්ශිකා 5 years ago 222 2 2
මගෙන් හොරකම් කරපු මගේ හිතවත්ම හිත ආයෙමත් ගෙනැල්ලා මටම පවරා යන්න... මල් වැස්ස වහින්නට ගිම්හානයට ඉතින් ලස්සනම මදහාස ඔය මුවග තවරන්න... ලෝකෙටම හොර රහසේ හැන්දෑවේ ගොම්මනක මගෙ දෙනෙත් මත සොදුරු කවියක්ව සැතපෙන්න... හීන් පොද වැස්සකින් පිණි පොකුරු ඇහිදින්න ගිම්හානයේ එකම මල් පොකුර සිපගන්න... නෙත් මානයෙන් එපිට වසන්තය ගැන ඔන්න ලස්සනම කතාවක් වෙලා හිත සනසන්න... හන්තාන සිප ගත්තු මද සුළඟ මෙහි එන්න යළි මේග දූතයක් මම ලියනවා ඔන්න... මම චතූ 2020 ඔක්තොම්බර් මස 11 වැනි දා ඉරිදා
චතුරංගි හර්ශිකා 5 years ago 230 2 2
ආදරණීය ජීවිතේ කවියක් ඉන්නට තිබුණා නම් නුඹ ළග වරුවක් ලස්සනම පදයක මමත් එක අකුරක් ලියන්නම් ඉතින් අපි ගැන පුරාණයක්... වැස්සට තෙමෙන මල් කැකුළු ගොමුවක් වැරදිලා වගේ මගෙ දිහා බැලුවත් සසරේ පුරුද්දට වෙන්නැති එක කදුලක් මගේ ඇස් බර කලා හොරෙන් හිතටත්... හන්තාන පවා ඉගි කරනවා තවමත් ඒ පිනි අතර අපි ලිව්ව කතාවත් හරි ලස්සනට කුරුල්ලෙක් ඊයෙත් පිණි බින්දුවකට කිව්වලු දෙවතාවක්... මම චතූ ?❤
චතුරංගි හර්ශිකා 5 years ago 235 2 2
ඉඩෝරයේ අළු අහසට ආදර කවි කියන්න මට තාමත් බෑ ඒකට මගෙ සිතුවිලි යොමන්න ගිම්හානෙට ගිනි ගන්නා හිරුටත් පෙම් බඳින්න කවි හිතකට හැකියිලු ලොව හැමටම පෙම් කරන්න... ගහට මලට මේ අහසට ආදරයෙන් බැඳෙන්න ගලන දොළට වැව් ඉවුරට කවි හිත දිග හරින්න මලක ළපටි පෙති අතරේ හිතින් දෙතොල් තියන්න ප්‍රේමය නම් කිමැයි කියා කවි හිතකින් අහන්න... මම චතූ 2020 ඔක්තෝබර් මස 11 වැනි දා
තුෂාරි සේනාලිකා 5 years ago 212 3 4
නුඹ ලියූ කවි පේලි වල මම මා සිටීදැයි සොයනවා..... ඉඟියකින් වත් මගේ ගැන ඇයි ලියා නැත්තේ සිතනවා ..... මා ලියන කවි පේලි ඇතුළෙ නිතර නුඹ නම් ඉන්නවා..... මා ලියූ පද ගුවනේ මුසුකර සිතින් සිතින් සුසුමන් හෙළනවා..... කාලයක් නුඹේ තාලයට මා ලියු කවි පද තියනවා.... තාලයක් නැති නිසා ඒ පද තාම එළිවැට සොයනවා ........ මගෙන් වරදක් උනාදැයි සිත නිතර විමසිලි කරනවා.... නුඹ මෙන්ම නුඹේ කවිකමත් මට මහාමෙරක් සේ වටිනවා.... හීනයක් වගේ දැවටීලා නුඹ සිතට එබිකම් කරනවා...... තේරුමක් නැති වුණත් නුඹේ පෙම තාම මගේ සිත සොයනවා.... තුෂාරි සේනාලිකා 2020.09.24
චතුරංගි හර්ශිකා 5 years ago 223 3 3
වස්සානෙට මල් පිපෙන්න පිණි වැස්සක් වහින්න... හැන්දෑවේ රතු අහසට ලස්සන කවි කියන්න... ගිම්හානේ මිය ගිය පසු හෙමින් සිනා නගන්න... රාධා ගැන ක්‍රිෂ්ණා ගැන ආයෙත් කවි ලියන්න... ගංගාවේ හැම ඉවුරෙම සමනලයින් පිරෙන්න... හන්තානේ කඳු මුදුනට සුළග එක්ක ඇදෙන්න... මල් යායේ පිපෙන පිපෙන මලක් ගානේ සිඹින්න... ඉතින් ඔන්න කුරුල්ලන්ට කවි ලියන්න වඩින්න... නොහොඳ නෝක්කඩු දියකර උඩු හුළගට පුදන්න... කවි අතරේ සුවද හමන අරලියා මල් තියන්න... රෑ ගගනත වලාකුළක් පත් ඉරුවේ මවන්න... පොද වැස්සක් වෙලා යළිත් කවි හිත දිග හරින්න... මම චතූ
ශශී❤️? 5 years ago 352 3 8
දුර තුශාරයේ සීතල පිනි බිදුවක එතිලා මන් දිවා රැයේ සිහිනෙන් නුබ සිත්තම් කෙරුවා පෙම් පුරානයේ මතකය ලග හදවත බිදලා රලු ඉඩෝරයේ ගිලිහුනු නුබ ඈතට ඇදුනා පිනි කඩා හැලේ හදවත ගිනි දලු වට කරලා නෙතු හඩා වැටේ අහිමිව ගිය නුබ සිහි කරලා නෙක පාට වලින් සේදී ගිය සිහිනෙට වැදිලා සීතල උනු කදූලු වලින් මතකය තෙමුවා යලි වසන්තයේ එක දවසක අප හමුවීලා දොඩමලු වෙමු දෙනෙත් වලින් උනුහුම සොයලා එක නිමේශයක් සැනසෙන්නට ඇසිපිය සලලා එක දවසක ඇවිත් යන්න ඇයගෙන් මිදිලා ශශී
හිතවත් කවියා වෙත, පුරාවත් පුරාවට සුන්දරම කතන්දර නිරන්තර වචන තුළ හරි රහට කවි කරන්... මිහිරි සුන්දර කවිය නුඹ මැවූ අපූරුව කියවන්න හිත වුණත් මග බලනවා ඉතින්... මම ලියන කවි අතර පිළිතුරු වචන නිතර ලිව්වෙ නෑ කිසිදාක කවුරුවත් නුඹ තරම්... හැම පබැඳුමක් ගානෙ නුඹෙ පිළිතුරක් තිබුනා දන්නෙ නෑ නුඹෙ කවිය ළං වුණා මට හොරෙන්... මට හයිය නැහැ තවත් කවි පොතේ පිටුවලට ආදරෙන් ළං වෙන්න දැන් ඉතින් පෙර තරම්... හෝඩි පොත් පිටු අතර බොළද රූ කුරුටු ගී වගේ වෙන්නැති ඉතින් මම ලියන කවි වදන්... නුඹ එහෙම නෙවෙයි ඔය පුරුදු හරබර වචන මේ සොඳුරු ඉසව්වේ ලිව්වාද මොන තරම්... මම ඉතින් නොලියාම කවි පොතම හැර ගියත් කියවන්න මනාපයි මිහිරි පබැඳුම් ඉතින්... පිළිතුරු නොලියා වුණත් නුඹ ලියන වචන වැල් කියවලා යන්න මම එනවා තවමත් හොරෙන්... නුඹෙන් මෙය නොඅසන්න සිතා සිටියත් තදින් පිටුව මත මගේ හිත ලියා තැබුවා ඉතින්... ඉදහිටත් ඇවිත් යමි මම නොලිව්වත් ඉතින් සොඳුරු සටහන් තැබූ නුඹ කොහේදෝ ගිහින්... මට නොවැටහෙයි තවත් නුඹ නේන්නේ මන්ද? දන්නවද පාළුවක් මුළු පොතම බදු අරන්... මම -චතූ
Deesha(දීෂා)❤️ 5 years ago 285 3 2
හදන්නට වැහි බිඳක් පොළොව ගහකොළ විඳි දුකක් දන්නවානම් තෙමෙනවා ඔබ මහ වැස්සෙ කල්පයක්..... ????
Deesha(දීෂා)❤️ 5 years ago 318 4 6
කඳුළු නෙත් ඉම සැරිසරන විට ලඟින් හිඳගෙන දුක අහන් සිනිඳු සුදුමුදු දෙඅත් එක්කොට වැටෙන පිණිකැට පිසදමන් නුඹේ ළමැදේ හොවන් මා හිස සිනාවක් දුන් අනුහසින් මවකි නුඹ මට දිවිය නැවතත් පිදූ මා වෙත සෙනෙහසින්... වැටෙන හැමවිට දෙඅත් අල්ලා නැඟිටින්න දුන් ධෛරයෙන් නොදුටු බෝසත් ඇසින් දුටුවෙමි මහා සත්ගුණ ශක්තියෙන් වේදනාවෙන් දැවෙන සිරුරම දෑතින්ම නුඹ පිසලමින් දෛවයේ කස පහර විඳිමින් නුඹම එතුනා මා වටින්... කිසිමදා බර අහක නොදමා ලැබූ තිළිණය ලෙස සිතින් පළඳන්න අවසර දෙන්න මට ආදරේ කිරුළම හිසින් රුහිර කිරි වන දවස අත ළඟ නැඟිටින්න නුඹ වෙර දරන් රැකේවා නුඹ ගැබත් සමඟින් නෙත් දහක් ඇත මඟ බලන්.... ? ඉක්මන් සුව පතමි! ?
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps