චතුරංගි හර්ශිකා 5 years ago 204 2 2
යදමින් බැඳ විලංගු ලා
කවි හිත සිර කරන්න බෑ
කවුරුත් ආවත් නාවත්
මට නොලියා හිදින්න බෑ...
කවිය අතැර පිට පාරක
මට වැඩි දුර දුවන්න බෑ
සිතුවිල්ලක් පත්ඉරුවක
කුරුටු නොගා ඉන්නත් බෑ...
මටම දඩුවමක් විදිහට
කවියෙන් සමුගන්නත් බෑ
කවි හිත නොමරා මරලා
නෙත් රිදවා ගන්නත් බෑ...
දහස් දෙනා යන එන මග
ගොළුවී නවතින්නත් බෑ
මට හුරු වූ මගේ කවිය
හැරදා මට යන්නට බෑ... ?
මම
චතූ
Deesha(දීෂා)❤️ 5 years ago Excellent ?❤️
චතුරංගි හර්ශිකා 5 years ago Thanks ?