චතුරංගි හර්ශිකා 5 years ago 269 4 5
ගිම්හානේ මියගිය පසු එපා යලිත් ඇවිත් යන්න වසන්තයේ එක දවසක ඕනෑ නැහැ නුඹ දකින්න... නුබම මැරූ අපෙ ප්‍රේමය එපා නැවත ගොඩ දමන්න වැළලූ තැන මතක් වෙන්න සිහිවටනත් එපා ඔන්න... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 244 3 3
තිමිර පට අරන් සීතල ඇවිදින් බිනර මහේ මැද පුරවයි සුසුමින්... උඹේ මතක පොත අරගෙන දෑතින් සිනා සෙන්න මට පුළුවන් කරපන්... මේ මාසේ මට ගොඩක් විශේෂයි බිනර මහේ එක දවසක් මතකයි... උඹට මතක නම් කෙටි පණිවුඩයක් විතරක් එවපන් මට එය සෑහෙයි... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 238 5 7
මහා ගල් කැට පීරලා මම දුවේ උඹ මගෙ අතට ගත්තා ගැහෙනකොට උඹ මගේ අත් උඩ පපුව මැද්දේ හංගගත්තා... මහ හයියෙන් හුස්ම වැටෙනවා උඹේ ලාමක පපුවේ ඇහුණා ගිලන් රථයට වැඩිය හයියෙන් උඹව මම අරගෙනම දිව්වා... පුංචි ඇස් දෙක කඳුළු පුරවන් මාත් එක්කල කතා කෙරුවා නුවර පොළොවත් මේ තරම් ඇයි නපුරු කියලා මගෙන් ඇහුවා... අම්මා අප්පච්චී ළගින් උඹ දුවේ හෙමිහිට ඉතිං තිව්වා නිල ඇඳුම යට තාත්තෙක් තව කඳුළු එක්කම කඩන් වැටුණා...
චතුරංගි හර්ශිකා 5 years ago 244 4 5
මිනිස්සු එනව නිකං නෙවේ උස්සගන්න බැරි තරමට හීනත් අරගෙන ඒ එන මිනිස්සු උඹ මහ ඉහලින් සක් පිඹල බෙර ගහල පිලිගන්නව ජීවිතේ උඩම තැනත් දීල ඊට පස්සෙ හා හා පුරා උඹ ආස විදිය කියල උඹ අකමැති දේවල් කියල උඹේ දුර්වලකං කියල උඹ ඌට උඹව උපරිමයෙන් අඳුන්වල දෙනව උන් හෙමිහිට හොරෙං හංගගෙන පිලිවෙලකට රටාවට පිටපත ලියනව උඹ ගැන උන් රඟපාන්න ඕනි විදිය ගැන කාලයක් හරි ලස්සනට සංවරව හැදියාවකින් යුතුව උන් උඹේ ලෝකෙ උන්ගෙ කරගෙන උඹ උන්ට හැමදේම සින්නක්කර ලියල දෙන තරමටම උන් රඟපානව සම්මානයක් දෙන්න පුළුවන් තරමට - හෙමීට ඉතිං අන්තිමට උං ගිහිං සීරුවට උඹට ඉතුරුයි පන ටිකක් ඇතුලතින් මියයන උඹට ඇත මතකයන් තැනින් තැන ඉරි ඇඳුන මිනිස්සු ආ පලියට උන් රස කර කතා කී පලියට වචන වලින් පොරොන්දු කඳු පිටිං උස්සගෙන ආ පලියට උඹ විස්වාස කරනවද උංව ජීවිතේ දෙන්න පුළුවන් තරමට ටිකක් උඹ දුරට පලයං හිනාවත් අරං පලයං බලං ඉඳපං සද්ද නොකරම උන් කවුරුද මොකට ආවද නොබෝ දිනකින් හරි ඉක්මනට නියම සතා එනව එලියට ඊට පස්සෙ බලාපං වසන්න පුළුවන් ද ඌ එක්කල උඹට (උපුටා ගැනීමකි)
චතුරංගි හර්ශිකා 5 years ago 245 5 5
නමක් දන්නැති රුවක් ඇන්දම මමත් තනියම සිනාසෙනවා... පාට දුන්නම තුඩින් ලස්සන ඔහුත් රහසින් සිනාසෙනවා... සිතක් පාරපු ආදරේ ළග තෙලි තුඩත් මට සිනාසෙනවා... පැතූ සිහිනය මිටින් අල්ලා මමත් තනියම යන්න යනවා...
චතුරංගි හර්ශිකා 5 years ago 343 4 3
ආදරණීය මිතුරිය, හමුවීම් වෙන්වීම් බහුල ජීවිතේ හරි පුදුමයි කියලා මට හිතෙනවා... මේ නිසදැස් ඉමේදිම මට හමුවුණු නුඹත් පුදුමයි... වචන අතරෙ අකුරු අතරෙ නිතර දෙවේලෙ හසරැල් පෑව කාලයත් හරි පුදුමයි... මේ නිසදැස් ඉමේ හමුවෙලා අපි අපිව දැන හැඳින ගත් අයුරත් හරි පුදුමයි... මට තේරෙන්නේ නෑ මට තේරුම් ගන්න බෑ ඇස් තෙමන හිත පාරන කදුළු කතාවක් නුඹට තිබුණා... මට නුඹ ගැන පුදුමයි... නොහිතන මොහොතක ඇවිත් නොහිතන මොහොතක නොකියාම ගිහින්... ජීවිතේ හරි බර ගොඩක් ඒ පුංචි වයසට එකතු කරගෙන අමාරුවෙන් හිනාවණු මගෙ මිතුරිය... කදුළු මැදින් නැගිටින්න හයිය හොයපු මගෙ මිතුරිය... කාලෙත් එක්ක ජීවිතේ ගොඩක් වෙනස් වෙයි... මම බලා ඉන්නවා මම, චතු අක්කා
චතුරංගි හර්ශිකා 5 years ago 234 4 5
ප්‍රේමය සොයා ගිය හැම මොහොතකම වගේ... ජීවිත පොතේ මට හිමි නැති පිටුව කොණේ... හිතවත් සිතුවිල්ල නවතා හැන්දෑවේ... මගෙ කළුවර ජීවිතයට යමි ආයේ... සීතල පින්න කවි කියනා ගිම්හානේ... නුඹ ළග විතරමයි ජීවිතයක් තිබුණේ... අහිමි නමුත් වස්සානය හැන්දෑවේ... මතකය එක්ක නැවතෙමි මේ මල් පාරේ... - චතූ
Pramudi Maleesha 5 years ago 237 2 0
වතුසුදු මලක් බලා ඉදිද්දී නෙළුමක් නෙලා ගත් විට..... සුවද නැති වතුසුදු මල කඩා වැටුණා පුංචි පිනි බිංදුවක ගැටී... ?? ලස්සන නෙලුම කොච්චර සුවඳ උනත් පංකජ බැව් පැවසූ හිරු ද මුලින් ම ඇය පුබුදුවලා... සිනාසෙමින් කතා කරන විට නෙළුම එක්ක සුදු මල බලා හෙලයි කදුලු හිරු එළිය නැතිව ....
නවෝද්‍යා දිසානායක ? 5 years ago 281 4 3
වේදනාවක් දැනෙනවා දරාගන්නට නොහැකි මා හට...... නමුදු මතකෙට නැගෙනවා එන්නෙ අපෙ ආදරේ සලකුණ..... ඉවසගමි මා කෙලෙසකින් එන්නෙ අප පුත් කුමරු මෙලෙසින්... දස මසක් කුස හොවා මා අද බිහිකරන්නේ පුතු අපේ.. මාගේ වේදනාවන් මැද ඇසුනි පුතු ඔබෙ හඩ සවන් මා..... සියලු වේදනා නැති වී දැනුනා මුළු ලොව මගෙ කියා.... කදුළු වැටුනෙ නෙත් වලින් මා සතුටටයි අපෙ පුතු නිසා.... ඇගෙ ලේ මගෙ කිරට හැරුනේ මවු සෙනෙහසටයි පුතු නිසා......
නවෝද්‍යා දිසානායක ? 5 years ago 222 1 1
නොලැබුනත් ඔය සෙනෙහස තරහක් නැත මා සිතට ඉතින් පෙම්බර සොදුර මාගෙ යන්නට අවසර සමු අරන්....... දිගු කලක් පෙම් කළා ඔබහට නමුදු ඔබෙ සෙනෙහස අයිති නැත තවත් යුවතියක් හා ඔබත් අද සිටිනු දැක මා සතුටු වෙනු ඇත...
නවෝද්‍යා දිසානායක ? 5 years ago 247 1 1
මවගෙ කුස තුළ නිදා සිටිනා චූටි මගෙ පොඩි නංගියේ....... එනතුරා ඔබ බලන් ඉන්නේ සතුටු සිතිනුයි පැංචියේ...... මවගෙ කුස මත හිස තබා මා ඔබට පවසන ආදරේ.... දැනෙන බව මා දනිමි එය මට කියා ගන්නට බෑ නගේ.......
නවෝද්‍යා දිසානායක ? 5 years ago 242 2 2
නොපෙනුනත් මට රුවක් ඔබගේ දැනෙයි හදට මා අසල ඇති බව දකින්නට ප්‍රිය වුනත් නොහැකීය මා හට සොදුර ඔය හුස්ම සිප ගනී හද මා මියෙන තුරාවට සෙවනැල්ලක් සේ ඉන්නම් ඔය තුරුලෙ ආදරෙයි ඔබට මා ..... ( නවෝ)...
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps