1,804 Total Nisadas Found





චතුරංගි හර්ශිකා 5 years ago 217 3 4

Nisadas Image

විලාසිනියක්

හැමදාම ගොම්මනේ
පහන් කණුවක් අසල
ජීවිතේ හොයනවා
රෑ කරුවලේ නිතර...

එකින් එක එහේ මෙහෙ
යනෙන වාහන අතර
එක්කෙනෙක් ඈ රැගෙන
යයි නිවන් සොයන්නට...

දෙතොල් රතු සායමින්
පාට කෙරුවේ තදට
දෙනෙත් අංජන ඉලූ
මීන දෑසේ අගට...

පුරුද්දට වගේ ඇයි
ආවෙ කදුලක් මෙලෙස
දන්නවා ගිරි දුවේ
නුඹ දරන දුක් කන්ද...

සැමියා නැති ගේ පැලේ
දරුවො බඩගින්නෙන්ද
ඇගේ මස් විකුණලා
කන්න දුන්නද උන්ට...

නිරන්තර ජීවිතේ
ගැහැට විදිනා උන්ට
පඩුපුල් ආසනේ
රත් වුණේ නැතුවාද...

ලෝකෙන්ම කුණු කතා
කෝටියක් කියනකොට
ජීවිතේ හොයාගෙන
කදුළු හංගන උඹට...

යන්තමින් හරි ඉතින්
සැනසීම ගෙන එන්ට
ලෝකේ දිහා බලන
සක් දෙවිඳු නුඹ නිදිද...

- චතූ

චතුරංගි හර්ශිකා 5 years ago 220 3 3

Nisadas Image

නේන ගමනක් ගියා(අදහස මගේ නොව. වෙනත් නිර්මාණයක් ඇසුරින් කළ කවියකි)

හැමදාම හැන්දෑවෙ
වැඩ ඇරිලා එන දිහා
පුංචි උන් අපි ඉතින්
මග බැලුවෙ එයි කියා...

කඩල ගොට්ටක් මගේ
දෑත මත්තේ තියා
බෙදාගෙන කාපල්ලා
කියූ ආදර පියා...

ගියොත් ගමනක් ඉතිං
හැමදාම එයි එයා
මේ පාර මාස තුනකට
වැඩියි නෑ පියා...

වෙනදාට ලොක්කියේ
කියා අමතන එයා
දුරකථන ඇමතුමක්
දුන්නෙ වත් නෑ මෙදා...

මෙහෙට එන්නකො මගේ
සුදු පුතේ ඇවිදිල්ලා
තාත්තට විට එකක්
ගෙනත් දීපන් කියා...

ලොක්කියේ ඇද යටින්
මගෙ සපත්තුව හොයා
ඩිංගක් පොලිෂ් කරලා
තියාපං කී එයා...

පොඩි පුතේ තාත්තගෙ
පෝන් එක රින් වෙනවා
ඉක්මනට ඔන්න ඕක
ගෙනත් දීපන් කියා...

හැමදාම ජීවිතේ
කොටසක් ම වූ පියා
ලියුමක් පවා ඔයා
නොඑවාම හැංගිලා...

එදා මූසල හුළග
වැහි කදුළු ගෙනැල්ලා
මග දෙපස පේලියට
සුදු පාට කොඩි දමා...

පෙට්ටියක දමාගෙන
ගෙනගියා කර තබා
හැමදාම ආව නුඹ
නේන ගමනක් ගියා...

චතූ







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps