චතුරංගි හර්ශිකා 5 years ago 196 4 4
2020 ඔක්තොම්බර් මස 14 වැනි දා 5.39pm ____________________________⛈️⛈️⛈️__️_____ මීදුම අහස පුරව ගන්නකොට කැලෑ අයිරිෂ් මල් හිනාවෙනවා... එකම එක රතු රෝස මලක් ළඟ නැවතිලා උන්නු කාලය මතක් වෙනවා... නුවරට වහින වැස්ස හරි සැරයි මහ වැස්ස තාමත් අපි ගැන අහනවා...☔ කලු සුදු පාටට පින්තූරය ගත්තු නිසා රතු රෝස මල පිච්චිලා වගේ පේනවා... ඇත්තටම නම් ඒ ආදරේ තාමත් හිත ඇතුලෙ ජීවත් වෙනවා... මතක අහුරක් දෝතට අරගෙන මන්දාරම තුරු මුදුනක කතාවක් ලියනවා... ජීවිතේ තවත් එක පිටුවක් වැහි හුළඟට පෙරලිලා යනවා...⛈ මම, චතූ✍ ________________________________⛈⛈⛈__
Deesha(දීෂා)❤️ 5 years ago 286 3 8
වදනින් වදන අමුණා මියුරු කවි සිත්තමින් ලෝකයේ සොඳුරු තැන් දුටුවෙ මා නුඹෙ පන්හිඳෙන් පර්වත මහා නොසැලෙන මහ දිරිය දරන් නුඹ හිනැහුණා හද මඬලට හුස්ම දෙමින්........ කතරට වඩින වැස්සක් සේ පැමිණ සෙමෙන් නිසදැස් ඉම කවි ගෙතුවා සෙනෙහෙ සිතින් දවසින් දවස මෙය හැඩවෙයි නුඹෙ ගෙතුමින් ආසිරි ගෙනෙමි මා නුඹ වෙත මිතුරු පෙමින්..... කණදිරි රැයක තරු පිරි අහසක් සමඟින් සඳ හා කතාවක් නුඹ පිණිකැට සිඹිමින් ලෝදිය කඳුළු සඟවා කවි තුළ මැනවින් කඩුපුල් මලක් විය රෑ සුවඳක් හමමින්.......... ______විරුවෙකුට පුළුවන් ගුලි වෙන්න පිළිමයක කවියෙකුට පුළුවන් මියැදෙන්න අහසක෴_____ ✍️❤️ (අක්කි ඉතා කෙටි කාලයක් තළ 200 ඉක්මවූ කවි, නිසදැස් ලියූ ඔයාට සුභ පැතුම්) °මම දීෂා෴
Deesha(දීෂා)❤️ 5 years ago 331 3 10
දිවිය සිරවී කඩඉමක් තුළ නෙත් කෙවෙනි රෑ ඉකිබිඳී සියලු බැමි මදකට නවත්වා පොත් අතර කාලය ගෙවී විසඳගන්නට නොහැකි වූ එක් ගැටලුවක් ලඟ නතර වී සොයමි මම මා කව්ද යන වඟ විදු ඇසින් මඳකට මිදී.... සිහිනයක් හද පත්ල තෙරපේ යන්න ඇත බොහො දුර ගෙවා වෙදැදුරෙක් ලෙස රෝගි හදවත් වේදනාවෙන් කර මුදා දෑස අස්සේ රැකම තිස්සේ කියාදී මනුදම් කතා දනන් සිත් මෙන් ගතත් සුවපත් කළ හැකිද සිත අසනවා.... අසීරුයි මට නිවා දැමුමට මිනිසුන්ගෙ දැල්වෙන ගිනී මට නොහැකි කළ නතර කෙරුමට මගේ ලෝදිය කඳුලැලී යන්තමින් පණ ගැහෙන පපුවට විරාමයක් අවැසී සිහින අතරේ මා මියෙන්නම් භවයකට සමු දී......... -දීෂා?✍️෴
චතුරංගි හර්ශිකා 5 years ago 201 4 3
- සිතුවිල්ලක් - පරණ බල්බය පිච්චිලා වත් ද අලුත් බුබුලක් අරගත්තෙ නුඹ! ? කොහොමටත් හැමදාම එක වගේ ඉන්න බෑ හැමෝම යනවා වයසට ? මොනතරම් උත්සාහ ගත්තත් එක මොහොතකදි ජීවිතේ තැනක ? මාරයා අඩ ගසන මොහොතක යා යුතුව ඇත අපිත් හනි හනිකට ? සොබාදහමේ නියමයක් එය මිනිස්සුන්ගෙත් දත් වැටෙනකොට ? බොරු කුට්ටමකින් නිරුවත් විදුරුමස වහනවා අපිත් හරි හරියට ? ඒ වගේමද උඹලගෙත් ඔය කදෝපැණි එළිය ? ඩිම් වෙන දාට නියොන් බුබුලක් අරන් හනිකට අලව ගන්නවද හරි හරියට ? - චතූ _____________________________________?___
චතුරංගි හර්ශිකා 5 years ago 244 3 3
2020 -10 -14 12. 01am __________________________________?______ කදෝපැණි එළියකට විදුලි බුබුලක් කුමට... සොබාදම දුන් අරුම එළිය සොඳුරුයි තවම... අළුපාට ආකහේ තරු වගේ හැමදාම... දිලිසෙන්න නුඹෙ එළිය ඇති වේවි හොඳටෝම... දියුණුව සොයා යන මාවතේ අපි තාම... එන අලුත් හැමදේම වැළඳ ගත යුතු වේද...? සොබාදහමට ඉතින් පිටුපාන කොට ඔහොම... මේ සොඳුරු ලෝකයට අනාගතයක් කොහෙද...? - චතූ _______________________________??______
චතුරංගි හර්ශිකා 5 years ago 216 3 3
2020 ඔක්තොම්බර් මස 14 වැනි දා බදාදා __________________??????__ හිත ගාව ඉඩ හොයන අකීකරු සිතුවිල්ල... නුඹ තාම ගිම්හානයට ගීත ගයනවද... මල් යාය පර වුණත් එක වැස්සකින් දිනෙක... මුලු පතන බිම පුරා පිපෙයි මල් නෙක පාට...?? දූවිල්ල සිපගත්ත මේ සුළඟ ළඟ ඉන්න... වැව් ඉවුරු කොණක එක පුංචි පැලයක් වෙන්න... ඉඩ දෙන්න වසන්තය හොයාගෙන පියඹන්න... සමනල් තටු දෙකක් මට ගෙනැල්ලා දෙන්න...?? මම චතූ ____?????____________________
චතුරංගි හර්ශිකා 5 years ago 217 3 3
__________________________________________ චතු මධුර පුද පඩුරු දෙවියන්ට උකස් කර... ඈ සොයා ඇවිද නුඹ කොහේ ඇය සොයන්නද... කවි ගගන හැර දමා සඳට බැහැ බැසයන්න... ඇයට අවසර නැතිද යළි කවිය ළග ඉන්න...? ? මම චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 342 3 3
- සොයා යන මග - ____________________________________?____ හිත රිදෙන හීනයක හීනියට නතර වුණ... නෙතු අගට නිරන්තර කදුළු පමණක් ගෙනෙන... අවතැන් හිතේ කොණක හැමදාම ඉඩ හොයන... වැස්ස නුඹ වගේමයි හිත් පතන බිම තෙමන... මේ ඉරට මේ අහස තරමටම පෙම් කරන... මහ පොළොව සිපගත්ත නැවුම් පස්වල සුවඳ... හිත් කොණක මුතු කතාවක් හෙමින් යළි ගොතන... පෙරඹරේ හිරු එළිය සිපගන්නවා සුළග... සීතලම කෙම් බිමක මතකයක් වී නිදන... අපි ලිව්ව කතාවම පස පෙරලමින් හොයන... එක අරුම මොහොතකදි ජීවිත පොතේ ලියන... මගෙ කවිය සොයා යමි කෙම් බිමේ හැම තැනම... මම, චතූ 2020 - 10 - 12 10.15am _____?___________________________________
චතුරංගි හර්ශිකා 5 years ago 191 2 3
______?_______________________?_______ අමාවක දවසකට, කුමට මල් ලියකම්... හිතින් වැලපෙමි, බලා තරු කැටයම්... ගගන විනිවිද, සොයා එනු හැකිනම්... සත්තමයි සඳ, නුඹ සොයා එන්නම්... මම, - චතූ _____?__________________________?______
චතුරංගි හර්ශිකා 5 years ago 210 3 3
අද, ඔක්තොම්බර් මස 12 වැනි දා සදුදා _____________________________________?️___ අහස පුරවගත්ත මන්දාරම හැම කදු වැටියකම හීන මවනවා... එකම එක මලක් හිත අද්දර නෙතගින් හිනාවෙනවා... වසන්තය ඉවර වුණත් කුරුල්ලෝ තවමත් කවි කියනවා... සරත් අහසට මම හරි ආදරෙයි සඳ ඒක හොඳටම දන්නවා... මම - චතූ ____________________?____________________
චතුරංගි හර්ශිකා 5 years ago 196 2 2
- කොරෝනා නුඹ හිරකෙරූ අපේ ජීවිත - එකම අහස යට ඉර හඳ තරු ළග නැවතුන... එකම හීනයක් මගෙ ළග තිබුණා තුන්යම... පුරුදු සුළග ගස් වැල් මල් සිපගත්තත් තව... හිතම නතර වෙලා යළිත් හිරවුණි එකතැන... සරසවියේ සොදුරු පොළොව මටහිමි සරු බිම... ජීවිතයේ හීන අහුරු මම දුටු පින් බිම... ලස්සන කවියක් වී හිත නතර කෙරූ තැන... ආයෙත් දිග නිවාඩුවක් ලැබෙන හැඩයි අද... අනාගතේ සරසවියට සමුදෙන ඒ දින... තව තව දුර ඇදෙයි ඉතින් මෙහෙම වහනකොට... සරසවියේ හීන අහුරු නෙතු ළග හිරකර... බලා සිටින්නම් ආයෙත් එන දවසක් ගැන... මම, චතූ ??
චතුරංගි හර්ශිකා 5 years ago 246 2 2
හිමි අහිමි හීනවල ලියූ නොලියූ මතක කවිකාර හිත පුරා සිතුවම් කළෙමි නිබඳ... අනන්තේ කෙළවරක මගෙ හිතත් එක්ක මම නැවතිලා ඉන්න ඇති කවියක් වෙලා හවස... නිහඩ අහසට යටින් මගේ කවි අහන්නට රතු පාට කුරුල්ලෝ ඇවිත් යයි ඉඳහිටක... කහපාට මලක් මම දන්නවද හැමදාම නැගෙන ඉරටත් ඉතින් කවි කියනවා තාම... හිරු අවරගිර කොණක බැස ගියායින් පසුව රෑ සදට කවි කියන කෙවිලියක් වගේ මම... මේ අහස ගහ කොලට හරි ආදරෙන් තාම හැම පුංචි කොලේටත් පෙම් කරමි හැමදාම... හෙන ගහන වැස්ස යට පවා තනියෙන් රෑට වැහි බිංදුවලට මම පෙම් කරනවා තාම... වසන්තය සිසිරයට ගිම්හානයේ සැරට මම ආදරෙයි ඉතින් මේ අරුම ලෝකයට... ජීවිතේ හැම පැයම මල් නටුව අග ඉදන් මියැදිලා යනතුරුම කවි කියමි හැමදාම... මම චතූ ???????????????
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps