චතුරංගි හර්ශිකා 5 years ago 286 3 3
හුදෙකලා විරාමයක හිත නැවතුණි... අවසන් නොකළ කවියක් යළිදු දුටුවෙමි... සිනහව අකුරු කළ අකුරු අතරම... අපේ කවියත් ලියා තැබුවෙමි... මම කවියෙකු නොවීමි මම රචකයෙකු නොවීමි... මා ලියූ අකුරු පුරාවට සිටියේ ඔබ පමණි... හුදෙක්ම මම ඔබ ගැන සටහන් තැබූ මියගිය හදවතක් මි... ප්‍රේමය මියැදි කල කවිකමක් උපදීද? මේ එකී අකුරු සියල්ල කවියක් ද? නොහඩා ඉවසපන් හදවත මියැදි කවිකම සොයා යන්නෙමි මම... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 237 2 2
මැලවුණු හිතක අයිනක වුව දන්නවද නොමැරුණු මල් කැකුළු ඇත නොපෙනෙන කොණක රිදෙනා මතක අහසේ දුර ඈතකට යළි පියඹන්න හැකි සතුටින් අනන්තෙට... නොලැබෙන දේ කොතරම් තිබුණත් මෙලොවේ කදුලින් දිවිය ගෙවුමට අවැසිද මිතුරේ නොලැබුණු දේ ගැන සිතමින් නිරන්තරේ හඩා වැටෙන්නට අවැසිම නැත දිවියේ... සිනහව උකස් කල මුත් එක එකා ළග සින්නක්කර නොදෙනු සිනහව කිසිදාක ජීවිතයේ කටුක දුක් වේදනා මැද පරසතු මලක් විය හැකි වෙයි නුඹට හෙට... දන්නවාද මේ ගහ කොළ යට රෑට සුරංගනාවියො එනවලු හැමදාම නොදුටු නොසිතූ ලෝකය සොඳුරුයි තවම ඉතින් හිනාවෙමු අපි හැරදා කදුල... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 238 5 5
ඔබ ගියාම දුක තියලා නිදි වරා තනිව හඩලා නෙත් ඉමේ කදුළු කැට මුහුදක් තරමට හලන්න ඇති මම හිත පුරවා... නුඹ තමයි ප්‍රථම කවියත් මට නුඹ තමයි එකම කවියත් මට ආදරයේ කවියේ හැම පදයම මට නුඹ විතරයි හැමදාටම... මම බලා සිටින්නම් නිතරම සුළි කුණාටුවෙන් විසිරුණු පෙම යළි එකතු කරන්නට නොහැකි වුණත් මම රැදී සිටිනවා එතැනම... නුඹ ගැනම සිතන්නම් දිවියම මේ පුරාවතේ හැම පිටුවම හරි ආදරයෙන් නිරතුරු රැක ගන්නම් අපේ මතක පිරි දිනපොත... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 220 3 4
2020 සැප්තැම්බර් මස 07 වෙනි දා රෑ ගොම්මනට රෑ බදුල්ලෙක් පාට පුරවනවා... මේ තුරු ලිය ගොමු මණ්ඩපයේ එක බංකුවක මම හිතින් වාඩි වෙලා ඉන්නවා... වෙන කවුරුත් නෑ මම විතරයි තනියම... නම නොදන්න මොකක් දෝ මලක මිහිරි සුවඳක් සුළගත් එක්ක මේ පැත්තට එනවා... මේ ලිය ගොමු මැද සිමෙන්ති බංකු අතරේ කොයි තරම් නම් ආදර කතා තියෙන්නට ඇතිද... මෙහෙම හමුවෙලා ජීවිතේ පුරා එකට ඉන්න ගිවිස ගත්ත උන් කොයි තරම් ඉන්න ඇතිද... ජීවිතේ කවියක් අපි ම ලියන අපිම කියවන... හරි හීනියට පළගැටියෙක් කෑ ගහනවා... මේ පුංචි මාවත් දිගේ ලියැවුණු දහස් ගණන් කතන්දර රෑ පුරහද ගස් මුදුන් වලට හොර හොරෙන් කියනවා... සරසවියෙ හැම බිම් අගලකම වසන්තය ජීවත් වෙනවා හදවත ගැහෙනවා දැනෙනවා... හරියට හීනෙන් ගෑ සුවඳක් වගේ අමුතු පින්බර ලස්සනක් මේ මීදුම ඇතුලෙන් හිතට ගොඩ වෙනවා... අනාගතය හොයාගෙන ආපු ගොඩක් උන් ආශිර්වාද ලබපු මේ බිමේ හැම ඉමකම පුදුම ළෙංගතුකමක් ලියවිලා තියෙනවා... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 221 3 4
නිසල හිතුවිලි කදුළු නෙත් ළග හොරෙන් නැවතී ලතැවුණාවේ... හැගුම් පාරන පැතුම් කවියක තවත් පදයක් ලියැවුණා වේ... රිදෙන රිද්දන නපුරු මතකය කාලයේ ඉම බොද වුණාවේ... නෙතින් හිනැහෙන සුන්දරම එක හිතක් ළග මම නැවතුණාවේ... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 286 4 6
කරුවල අරන් ගගනත ඉම නවතින්න... රෑ පුර හඳට මයෙ හිත ගියෙ නෑ ඔන්න... එනමුත් නිතර උඹෙ මුව සිහියට එන්න... මෙතරම් වද දෙන්නෙ ඇයි හිත තුළ දැන්ම... ප්‍රේමය කවි නොකර ඉන්නට මම ම මට... පොරොන්දු වී ඇත බැහැ නවතින්න අද... තරු ඇස් වලින් නිතරම මට ඉගි කරන... උඹ ළග නතර වෙන්නේ නෑ මගේ හිත... මේ මල් පාර ළග අද උදයෙත් හිටියා... නාදුනනා ඔය ඇස් මට කතා කළා... කොතරම් කරත් ඇවිටිලි දෙනෙතේ තවරා... නවතින්නට හිතක් නෑ මගෙ හිත දැන් මැරිලා... වසන්තයට ආ කොවුලෙක් වගේ උඹ... හිත මත ගයනවා ගීයක් ඉගි කරන... හැම දවසකම මගෙ නෙත් ළග නතර වෙන... නුඹට දෙන්න මට දැන් නැහැ මගේ හිත... උඹ ලස්සනයි තරු ඇස් හිත පුරා රැඳෙයි... උඹ ළග නවතින්න මගෙ හිත නිතර සිතයි... මම විදවාපු ප්‍රේමය මට තව රිද්දයි... ඒ හින්දාම යළි ප්‍රේමය අවැසි නොවෙයි... - චතූ
✍️Nilushi Nisansala✍️ 5 years ago 427 7 3
සිනා සී මුහුණට පිටුපසින් විත්, පිහියෙන් ? අණින මුරුංගා අතුවල තියයි තම වැඩේ කරගන්න , ගසා පයින් එළවාවී අපෙන් පල නැති දාට............ ව්කුණමින් තම ආත්මය වුව දුවයි හති දා ? කාසි පසුපස මසුරුකම නම් නියං සායෙන් වියළිලා ඉරිතලා ඇත හද...................... සෙම් සෙමින් වියැකෙමින් ඇත අද, මනුෂ්‍යත්වය ලොවේන් සදහට, නෙතින් කදුළක් නොම වැටෙන්නට ගලක් වී අවසන් ය මනුසිත............................. ළංව ඇතිකළ හැර දා නැති විට දෙන්න නම් හදාවී දෑතින් ම රැගෙන පණ, එපා රැවටෙනූ තවත් බොරුවට තම හිසට තම අතම වූ ලොව...............
චතුරංගි හර්ශිකා 5 years ago 232 3 3
මැද මිදුලෙ වාඩිවෙලා රෑ පුර හඳ දිහා බලාගෙන මම ඉන්නවා දැන් රෑ මැදියම... බොරදම් කැටයම් අතරින් හඳ එළිය හරි ලස්සනට රටා මවනවා වැලි මිදුලේ... කලු පාට මේසෙ කකුලකට හද එළිය රේඛාවක් වැටිලා හරියට සුදු පාට සර්පයෙක් වගේ... හීතල හුළගක් මල් සුවඳකුත් අරන් නාස් පුඩුවල ඇතිල්ලෙනවා හුරතලේට වගේ... මොන මල් සුවඳ ද ඒ මගෙ හිත මගෙන් අහනවා මං හිතන්නේ සේපාලිකා මල් ඔව් ඔව් ඒ සේපාලිකා මල් තමයි මගෙ හිතත් මට එකග වෙනවා... රැහැයියෙක් පුළුවන් උපරිම හයියෙන් කෑගහනවා එකපාරටම ඒ සද්දෙ නැවතුණා... පුපුරලා යන්න ඇති මගෙ හිත කියනවා... ඔව් වෙන්න ඇති හරියට අපේ ජීවිතේ වගේ කෑගහලා කෑගහලා... එකපාරටම පුපුරලා යනවා... රෑ හරි ලස්සනයි හිත නිවෙනවා මගෙ හිතත් මැද මිදුලෙ බීරළු අතරෙ එල්ලිලා කල්පනා මාලිගාවක් හදනවා... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 241 3 3
ගොඩක් දුර නෑවිත් නතර වෙන්නම් මමත් මතක අහසෙන් මැකූ මම තවත් එක සදක්... ඔය හිතෙන් තව දුරක් ඈත් කෙරුවට මමත් ළං වුණා තව තවත් හදවතින් යළි යළිත්... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 243 3 3
පණිවිඩයක් තියන්න මට බලන්න... ආයෙ හමු නොවුණට කමක් නෑ... උඹ හොඳින් දැයි කියන්න... එක පාරක් මුණ ගැහෙන්න... අපිට බැරිද මේ කතාව ආයෙත් ලියන්න... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 176 3 3
මෙහෙට නම් දිගටම වැස්ස උදේ හවස වෙනසක් නෑ රෑට පවා වහිනවා හරි සැරට... එහෙට කොහොමද මේ වගේම වැස්සද මිණි පුර ගංගාවල වතුර ගොඩ ගලනවද... පහළ ගග ගේ ගාවටම මේ පාරත් වතුර අරන් ආවද... දැන් පතල් යන්න බෑ නේද ගග පිටාර ගලන කොට කොහොම මැණික් හොයන්නද... කොහොමටත් මම ඒ දවස්වලත් කිව්වෙ නුඹ නොයනව නම් හොඳයි ඔය අවදානම් වැඩ වලට... කියන දෙයක් නෑහුවට ඉතිං ඔය හිතුවක්කාරකමටත් හරි ආදරෙයි මම... කොහොම උනත් මේ වහින කාලෙට ජීවිතේට ගොඩක් ප්‍රශ්න එයි නේද... මොනවා කරන්නද මටත් හරි දුකයි මුරණ්ඩු උනාට හරි අහිංසකයි නුඹ මට... තවමත් පුරුදු තැන ඉස්සර වගේ වැඩ කරන්න දැනුත් එනවද... ආයෙත් පරණ පුරුදු ඉතිං නැවතුණු තැනින් පටන් අරන්ද... ඔය මුරණ්ඩු උඹේ කන්දෙකෙන් ගලවගත්ත රස්තියාදුකාර කරාඹු දෙක පවා... තවමත් තියෙනවා මං ළග පරිස්සමට හමුවුණොතින් ආයෙ දෙන්නත් පුළුවන්... මොන දේ වුණත් හොඳින් ජීවත් වෙන්න ඒකෙන් මට නෙවෙයි උඹටමයි හොඳ... උත්සාහ කරන්න ජීවිතේ ලස්සනට පිළිවෙලක් කරගන්න දැන් වත් ටිකක්... මම හිත හදාගන්නම් උඹ ගැන හිතලා ඉස්සර වගේම හරි ආදරෙයි තාමත්... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 174 5 4
හරි රස්නෙට රැස් පොළොවට අරන් එන ඉර එළියට ඇස් රිද්දන සුළං මැද මද්දහනක මම නොදනිමි ඇයිද අද මම තවමත් නතර වුණේ මතක මැද... මතකය මරා වැලලූ පසුවත් දිනෙක තවමත් මා හඹා එන්නේ නුඹ ඇයිද අහිමිව ගියපු දේවල් ලොව කොතරම් ද එක නැවතුමක් යනු අවසානය වේද... නිතරම හිතට සුසුමක් බර වූවාට නොලැබෙන දේට කුමටද තැවිලා මෙලෙස දැන් නම් මට නුඹ ඕනෑ නැහැ නේද මතකෙට එන්නෙ පුරුද්දකට වාගේද... හිත හරි අමුතු අරුමැති ජීවියෙක් වැනි ඕනෑ නැති වුවත් නුඹ ගැන අසයි නිති කොහොමත් මතක මැරුමට මට බලෙන් බැරී කාලෙත් එක්ක නුඹෙ මතකෙත් යාවි මැකී... ඉර අවරට ගොස් සද නැගෙනා යාමේ තරු කුමරියකට හිරු පෙම් බැන්දානේ එනමුත් ඉර යා යුතුමයි සද එයිනේ තරු පායන්නෙ මහ රෑටයි දුර ගගනේ... විසිරෙන හිතුවිල්ල එක තැනකට ගෙන්වා මා ළග තබා ගන්නට මම වෙහෙසෙනවා හිත මගෙ ළගින් තබලා දම්වැල් දමලා හිර කළ යුතුයි කුමටද නුඹ ගැන හිතලා... තවත් ඉතින් මට කදුලක් නැහැ සබද නැවත නොආ එක යහපත් හැමෝටම මෙහෙම ඉවර වෙන්නට මේ කතාවම සසරේ පුරුද්දට එන්නැති පතාගෙන... - චතූ
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps