1,804 Total Nisadas Found





චතුරංගි හර්ශිකා 5 years ago 178 3 4

Nisadas Image

තවත් චිත්‍රයක්

රෑ අහස ලස්සනම කලු පාට
වූවාම...
පුර පෝය දා රෑට හඳ අදින්නම
ඕන...
කතරක පවා හරි මග පෙන්වනා
අරුම...
තරු ඇන්දොතින් ගොඩක් ලස්සනයි රෑ ගගන...

ගගනතට යටින් මම මහ පොළොව
ඇන්දාට...
හිතන්නට එපා නුඹ ළගයි කියලා
ගගන...
ඇස් බැන්දුමක් තමයි මේ මිනිස්
ලෝකේම...
තනිව එන අපි යළිත් යා යුතුයි
තනියෙන් ම...

පුර පෝය දා ටීච අදින්නට
කිව්වාට...
මම අදින් නෑ ඒකෙ පන්සලට
යන මාව...
කවුද කවියෙක් දුවට කිව්ව වාගේ
තමයි...
චිත්‍රයේ අදින්නට මටත් බෑ
අම්මාව...

වෙරළ ළග හැන්දෑව ලස්සනට
ඇන්දාට...
චිත්‍රයේ ඔවුන් දෙදෙනා ඇන්දෙ නෑ
උන්ව...
ළමයි සොයනා නිසා ඉතිං මගෙ
අම්මාව...
මමත් තාත්තයි මායි අදින් නෑ
රෑ ගාව...

- චතූ

චතුරංගි හර්ශිකා 5 years ago 230 2 2

Nisadas Image

දින පොතෙන්

2020 සැප්තැම්බර් මස 02 වෙනිදා බදාදා
ප.ව.9.00

පැලක් උඩ ජීවත් වෙන්න බැරි වුණාට
හේන් ගොවියෙක්ගෙ ජීවිතේ ගෙවෙන්නෙම
ගහක් උඩ හදපු පැලක් උඩ...

අප්පච්චි
උඹත් එහෙමයි...

දන්නවද අප්පච්චි
උඹට මහන්සියි කියලා
ඇලවෙලා ඉදපු
එකම දවසක් වත් මම දැකලා නෑ...

ගිනියමට ගිනිගන්න
කරවෙච්ච පොළොවෙ
ඉසුරු හෙව්ව උඹේ හිතේ
නපුරුකමක් තිබුණෙම නෑ...

වල් ඌරෙක් ඉරිගු යායම කෑවත්
උඹ ඌරට බැන්නෙත් නෑ
අපිව බඩගින්නෙ තිබ්බෙත් නෑ
ඒ හයිය අත්වල කරගැට
අපිව මේ ජීවිතේට හරි තදට බැදලා තිබ්බා...

හිත රිදුන වෙලාවල් තිබුණා
ඒත් ඒ කිසිම මොහොතක
උඹ
අපිට දුකක් දැනෙන්න දුන්නෙ නෑ...

උඹේ ඔය හයිය හිතට
මද්දහනෙ අහස පවා හරි ආදරෙයිලු
ඒ හින්දම
නොවරදවා හරි කාලෙට වැහි ගේන්න අහසත් වගබලා ගත්තා...

මොන නැති බැරිකම තිබුණත්
අනුන්ට අත නොපාන
අමුතු ආඩම්බරකමක් උඹට
තිබුණා...

ඒ යකඩ හයිය අත් වලට
කදුළු දැනෙන්නැති ආඩම්බර හිතට
නොපෙනෙන කොණක උඹ හංගපු සෙනෙහසට
මං හරි ලෝබයි අප්පච්චි...

මම දන්නවා
උඹේ පණ ගැහෙනකං
උඹේ පුංචි උන් වෙච්චි අපි
ආරක්ෂිතයි...

උඹ නැතිදාකත්
කෙලින් හිටගන්න
මේ පිච්චෙන ගිනියම මැද්දෙ
උඹ අපිට හුරු කළා අප්පච්චි...

- චතූ

චතුරංගි හර්ශිකා 5 years ago 209 2 2

Nisadas Image

කුරුදු ඔය

කුරුදු ඔය
පුරුදු වතුර අරගෙන
හැමදාම වැටෙනවා...

කදුකරයේ හීතලට
ඔය වතුරත්
වෙව්ලනවා...

මේ හැම තැනම
සොබාදහම
ජීවත් වෙනවා...

ආදරණීය ගස් වැල්
හරි සෙනෙහසින්
මේ වතුරට තුරුළු වෙනවා...

හැම ගිම්හානෙකම
නොහිදෙන වතුර
පොළොවට ප්‍රේම කරනවා...

සමනලයෙක් වෙලා
මේ ඔයබඩ
ඈතට පියාඹන්න ඇත්නම්...

මේ ගහක
කූඩුවක් හදාන
කුරුල්ලෙක් වෙලා නවතින්න ඇත්නම්...

ආදරණීය අහසේ
වලාකුළක් වෙලා
ඔය වතුරට හිනාවෙන්න ඇත්නම්...

ඈත පෙරදිග
දේදුන්නක් දිගේ
පාට පාට සිහින සොයා දිව යන්න ඇත්නම්...

මේ සීතල ඔය වතුරෙ
මාළුවෙක් වෙලා
සදහටම නවතින්න ඇත්නම්...

මම මගේ හීන දැකපු
මගේ හීන කියපු
පාරාදීසය
මගේ ලස්සන නවාතැන...

- චතූ

චතුරංගි හර්ශිකා 5 years ago 220 2 2

Nisadas Image

කතාවක්

මේ ටිකේම කලබලේට
හිතන්නවත් බැරි වුණානෙ
මම ආසම ලස්සන එක
පොතක් මටත් හම්බුණානෙ...

මගෙ දිනපොත මේ අහපන්
පුදුම කතාවක් තියෙන්නෙ
එකමත් එක කාලෙක මම
සිටුවරයෙක් ගැන කියන්නෙ...

මොන්ත ක්‍රිස්තෝ ඔහු පුදුමයි
දෛවය ඔහු පෙරළද්දී
හරි හයියට නැගිටින්නට
යකඩ හිතක් ළග තිබුණී...

තරුණ වියේ සුන්දර ඔහු
ආලය කළ මර්සිදී
අහිමි වුණේ ඉරිසියාව
ඇති උන් හින්දයි නිතී...

වැටෙන තරම් කොතරම් ලොව
නතර නොවී නැගිටිනවා
පුදුම මොන්ත ක්‍රිස්තෝ ළග
මගෙ හදවත නැවතෙනවා...

ජීවිතයේ තමන් පවා
තමන්ට අහිමිව ගියා
පුදුම තරම් හයිය හිතට
බොහෝ ඉසුරු හිමිවුණා...

හෙට දිනයේ මගෙ හිස මත
ලෝකය වැටුණත් කඩා
ධෛර්යයෙන් මුහුණ දෙන්න
ඒ කතාව ඇති වුණා...

- චතූ







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps