1,804 Total Nisadas Found





චතුරංගි හර්ශිකා 5 years ago 245 2 2

Nisadas Image

දැන්!

2020 අගෝස්තු මාසෙ 31
මාසෙ අන්තිම දවස!

මේක හැන්දෑවක්
උඹ දන්නවද...

මම ඉන්නේ
අක්බාර් පාලම උඩ...!

මතකයිද?
අපේ මතක විසි කරපු

මේ ගඟ!

හැමදාම වගේ
අදත් ගලනවා...

මට පේනවා
පෙණ අතරෙන්

රොබරෝසියා මල් පෙත්තක්
පාවෙලා එනවා...

හරියටම
උඹ දවසක හවසක

මේ ගඟට විසිකරපු
මගෙ හදවත වගේ...

ගල් බොරලු මැදින්
ඒක පාවෙලා එනවා

දිය රැළි ,
මල් පෙත්තට රිද්දනවා...

මේ පැත්තෙන්
ගහගෙන ආව මල් පෙත්ත

පාලම යටින් අනිත් පැත්තට
ගඟ දිගේ ගලාගෙන යනවා...

මම අනිත් පැත්තට දුවනවා
ඒත් මල් පෙත්ත නෑ...!

ගඟ පහළට ගලාගෙන
යන්න ඇති වතුර එක්ක...

නැත්නම් පාළම යට
රැදෙන්නැති ගල් ගොඩක...

මට යන්න හිතයි
මල් පෙත්ත හොයාගෙන...

පරිස්සමට අරගෙන
තණකොළ උඩින් තියන්න...

නොරිදෙන්න
නොතැලෙන්න...

ඒත් මම කොහොම යන්නද
මම තවම පාළම උඩ...

ඉර අහස කොණක ගිලෙනව
මම බලාගෙන ඉන්නව...

චතූ







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps