චතුරංගි හර්ශිකා 5 years ago 271 2 2
මගෙ ජීවිතේ ම පාට!
කැන්වසය පුරාවට
හැමදාම ඇන්දෙ
පාට පාට රූප...
අදින අපි
හැම මොහොතකම
අපේ හීන
ලස්සන පාට වලින් පුරවනව...
අපි ආසයි
අනිත් උන්ගෙ ජීවිතත්
ලස්සනට පාට කරන්න...
මුළු ලෝකෙම
අදුර මැකෙන්න...
හැම හිතකම
පාට තවරන්න...
මම මගෙ පාට පාට හිතෙන්
සිතුවිලි පාට කරනව!
අනිත් උන්ට පාට ගාගන්න
ඕනි තරම් ඉල්ලන්න...
ලස්සන පාට
ලෝභ නැතුව දෙන්න කියලා
මේ කලාව අපිට උගන්නලා තියෙනවා...
අදින නොඅදින හැමෝම
පුළුවන් විදියට
ලස්සන පාට වලින් හීන පුරෝමු...
ජීවිතේ ලස්සන පාට පාට
හීන ඇතුළෙ ඒ පාට
සතුට ගෙනෙයි හැමදාම...
- චතූ
Deesha(දීෂා)❤️ 5 years ago ?? ලස්සනයි
චතුරංගි හර්ශිකා 5 years ago Thank you ?