චතුරංගි හර්ශිකා 5 years ago 232 2 2
එකම මගක දෙතැනක උන් අපි දෙන්නා ගැන... හීන දකින ඔහු මාගෙන් පෙම විමසන විට... ඔය උඹ හා හාද වෙලා උන් හින්දා මම... ඔහුට බහක් නොදී නුඹේ ළග රැදුනා මම... නුඹත් මගෙන් වෙන් වුණාම නොහිතන විදිහට... හිමිදිරියේ මම දැක්කා පුදුම දෙයක් අද... බහ ඉල්ලා මගේ ළගින් හුන් ඔහු සුන්දර... යුවතියකගෙ දෑත අරන් නැගුණා රථයක... හෙට දිනයේ උඹත් යාවි පැටලී දෑතක... මම තනි මග බලා හිඳිමි මගෙ තනි හිත ළග... හිත් රිදවන ඔය බැදීම් නැතුවට කම් නැත... තනි හිත තුළ සැනසීමට ආසයි දැන් මම... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 255 2 1
උඹට ළං වූ මුල් දවස්වල බොහෝ උන් මට රිද්දුවා මෙහෙම උඹ ගැන හිතන්නේ ඇයි උමතුවෙන් දැයි විමසුවා... ආදරේ හදවතේ ඇත්නම් ළගින් ඉන්නම් දිවුරලා මම උඹේ ඔය ආදරේ ළග මගේ හදවත හිර කළා... කතා කියු අය හිනා වෙද්දී උඹ මාව අතහැර ගියා උන් තමයි හරි මමයි වැරදී අන්තිමේ මට වැටහුනා... ආදරේ විහිළුවක් වූ කල සුපෙම් හැඟුමන් නෑ කියා මගේ දිවියේ හොඳම පාඩම ඒ නුඹෙන් මම උගත්තා... - චතූ
Kavinda Sahan 5 years ago 184 5 5
සුන්දරයි ඔබ කී කතා මගේ සවන් රැදී ගෙන දැන් අසන්නට බෑනෙ ඒ ලෙස ඔබ දුරයි මගේ සවනට... සිතුවෙ නෑ "කොරෝනා" වක් අපව දුරකින් තබා විය කෙලෙස වූ වත් අප ලගයි අපේ සිතුවිලි වලින් හැමදාම...
Kavinda Sahan 5 years ago 240 3 4
දිනාකට වරක් හෝ ඉස්සර මුණගැහෙන නිතරම හිනාවෙන් එලි වුණ ඔය මුහුණ කවදා දකින්නද කියමින් දින ගනින කාලය ගෙවී යයි තාමත් නෑ දවස
චතුරංගි හර්ශිකා 5 years ago 240 4 7
මගේ දිනපොත මේ අසාපන් අදත් මගෙ හිත ඔහුව සෙව්වා නුඹට කීමට තරම් නොවුණත් කියන්නට වෙන කෙනෙක් නැතුවා... නාදුනන අංකෙකින් මට අද නොහදුනන ඇමතුමක් ආවා ඒ ඇමතුමේ මැදින් මගෙ හිත අපේ මතකය මතක් කෙරුවා... නාදුනන අංකයේ ඇමතුමට පිළිතුරක් මම දුන් වෙලේ අනිත් පැත්තෙන් කියූ කිසිවක් මෙමට නම් නැහැ වැටහුණේ... මගේ හිත ඇමතුමත් අතරෙම අතීතය ළග නැවතුණේ නුඹ වගේමයි නුහුරු බසකින් ඒ කතාබහ ඇති වුණේ... නුඹ ඇදට සිංහල කියනකොට ලස්සනයි මං ආදරෙයි මං ආසා ඒ කැඩුණු සිංහල මතක පිරි නුඹ මගෙ නොවෙයි... නුඹේ ළග නැවතිලා මගෙ හිත යළිත් මෙලොවට ආ වගයි කවුද කියලා අහන්නට මට සිහි වුණේ ඉන් පසු තමයි... නමුත් ඇමතුම ගත් කෙනා නම් අපේ බස නොදනී වගෙයි මා කියූ දෙය නොතේරී ඔහු නැවත නැවතත් කෑ ගසයි... ඔහු කියන දේ බිංදුවක්වත් ඉතින් මට නම් නොතේරෙයි හරියටම ඉස්සර දවස්වල නුඹ කතාකළ බස වගෙයි... ගිනිගත්ත තල් අරඹ මැද්දෙන් කිරිල්ලක් ඉගිලුණු වගයි මගේ ප්‍රේමය ඒ වගේ මුදු කවක් නොවුණේ ඔබ නිසයි... බොහෝ දුර ඔබෙ මතක මැද්දෙන් ඉගිල ගිය හිත නතර වෙයි යමක් දෙඩවූ අමුත්තා දැන් මටත් නොදැනිම ගොස් හැඩයි... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 304 6 7
කඳන් පිටින් කොට පටවන් කන්ද නගින ලොරි බාගේ... කවුරුවත් ම හිතුවෙත් නෑ රූස්ස ගස් මරණ වෙලේ... කුට්ටි කරන් අරන් ගිහින් කාසි කරත් නිරන්තරේ... අන්ධ නෙතට මොණර කොලය රස අඳුනක් වන මොහොතේ... මොණරු මැරුණෙ මහ කැලයේ ග්‍රීස්මයට නේද ඉරේ... අපිම තමයි හේතු හැදුවෙ ඉඩෝරයට මේ පොළොවේ... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 223 3 2
ගොඩක් තැන්වල මමත් වැටුණා නමුත් මට හොඳ හයිය තිබුණා ජීවිතේ නෙක වේදනා මැද අඬ අඬා මම හිනා හෙව්වා... මගේ නෙත් ඉම තරම් කඳුලක් කාටවත් නොතිබෙන්න ඇතුවා ආයෙමත් නම් ප්‍රේමයක් ගැන මගේ හිත තුළ ඉඩක් නැතුවා... ලෝකයේ හැම තැනම ඇත්තේ නුඹ වගේ අය තමයි කියලා මම දනිමි දැන් මට එපා යළි නුඹ මගේ හදවතම මැරුවා... තවත් නෙත් ඉම සොඳුරු සිතුවිලි ඇවිත් ඉදහිට ඉඩක් හෙව්වා ඒත් මම සදහටම මගෙ හිත ප්‍රේමයෙන් වෙන් කරලා තැබුවා... - චතූ
Kavinda Sahan 5 years ago 240 3 3
මා හද සැනසුම ඔයා තමයි සියුමැලි සිතුවිලි අපේ තමයි හිනැහෙන නෙත් යුග ඔබේ තමයි සත්තකින්ම අපි අපේ තමයි.......
චතුරංගි හර්ශිකා 5 years ago 317 2 11
මිස්ට වොන්කා වෙත, ජීවිතේ ෆැන්ටසිය තුළ කිමිද හැමදාම... ජීවිතේ විදින්නට මටත් ආසයි තාම... විලී වොන්කා එක්ක රස රහස් නරඹන්න... අවස්ථාවක් මටත් ලබා දෙනවද දිනක්... චාලි වාගෙම තමයි අකීකරු නැහැ මමත්... ඒ නිසා අනිත් අය වගේ වෙන්නෑ මමත්... ඔබට යළි ඒ වගේ තව කෙනෙක් ඕනිනම්... මිස්ට වොන්කා දෙන්න අවස්ථාවක් මටත්... හුරු පුරුදු ගැහැට මැද මමත් හැදුනේ ඉතිං... චාලි වාගෙම තමයි මමත් දුප්පත් කෙනෙක්... ඒ වුණත් හරිම හොඳ හිතක් තියෙනවා මටත්... ටිකක් හොයලා ඉතිං දැන ගන්න මං ගැනත්... - චතූ
✍️Nilushi Nisansala✍️ 5 years ago 651 4 4
නෙලූ මල් ගෙන බබළම්න් සුද ගියෙමූ අපි කදු මුදුනේ වෙහෙරට පතා මොක්සුව තුණුරුවන් වැද භවුන් වැඩ් හැට් නැගේ මතකෙට රැගෙන බණපොත කියූ බණ පද හෙන්දිරික්කා මල් සුපිපෙන යාමෙට අනේ !!!!ඇයි ? නෑසෙන්නේ අද මට නමුදු ඇගේ රුව මැවෙයි මාහද ඇසේ සදහම් ගේ පුරාවට නිවන් පුරයට හුගාක් ඈත ද පිපෙනව ද මල් එහෙත් පොකුරට මටත් දිනයක එන්න හැකිවේ ද ? යළිත් නුඹේ පායුග වදින්නට !!!!!!!!!!!!!!!
චතුරංගි හර්ශිකා 5 years ago 235 2 3
ඉස්සරම මගෙ හිතේ උන්නෙ උඹ විතරමයි... කාලයත් එක්ක නුඹ ගිය පසුව කවි නිමයි... ඉන් පස්සෙ ජීවිතේ මට තිබුණෙ පින්සලයි... පැන්සලයි මට පුරුදු කැන්වසය සහ හිතයි... මගේ හැමදේම මම අදින සිතුවම් තමයි... ඒ පුරාවට තිබුණේ මගෙ හිතේ කැඩපතයි... මමයි මගෙ පින්සලයි පාට කළ මගෙ හිතයි... මගේ හැම මොහොතක්ම සිතුවමක් විතරමයි... නුඹ මතක මට තියා ගියත් මතකය මගෙයි... නුඹ දුන්නු සිහිවටනයත් හරිම අපූරුයි... මගෙ අතේ නුඹ පැලැදි වළල්ලත් එහෙමමයි... තනි මගේ හිත නිවන සිතුවමක් වගේමයි... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 282 2 2
මම මගේ හිත ලියූ නුඹ වෙත කියන්නට මට බොහෝ තතු ඇත දිනපොතක් වාගෙමයි නුඹ මට මගේ නිසදැස් ලියන මුහුණත... මට දැනෙන පාළුවට තනිකම එකතු වුණ විට වගෙම දවසක මට දැනෙන නෙක විඩාවන් ළග නතර වුණි මම නුඹේ පිටුවක... හිතට නිදහස සතුට සැනසුම නුඹේ පිටුවක දිගහැරීමට හැමදාම මම බලා ඉන්නේ නුඹේ පිටු මත මහිත තැබුමට... - චතූ
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps