චතුරංගි හර්ශිකා 5 years ago 224 3 2
ගොඩක් තැන්වල මමත් වැටුණා
නමුත් මට හොඳ හයිය තිබුණා
ජීවිතේ නෙක වේදනා මැද
අඬ අඬා මම හිනා හෙව්වා...
මගේ නෙත් ඉම තරම් කඳුලක්
කාටවත් නොතිබෙන්න ඇතුවා
ආයෙමත් නම් ප්‍රේමයක් ගැන
මගේ හිත තුළ ඉඩක් නැතුවා...
ලෝකයේ හැම තැනම ඇත්තේ
නුඹ වගේ අය තමයි කියලා
මම දනිමි දැන් මට එපා යළි
නුඹ මගේ හදවතම මැරුවා...
තවත් නෙත් ඉම සොඳුරු සිතුවිලි
ඇවිත් ඉදහිට ඉඩක් හෙව්වා
ඒත් මම සදහටම මගෙ හිත
ප්‍රේමයෙන් වෙන් කරලා තැබුවා...
- චතූ
Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ගොඩක්ම
චතුරංගි හර්ශිකා 5 years ago Thank you ?