චතුරංගි හර්ශිකා 5 years ago 321 6 7
කඳන් පිටින්
කොට පටවන්
කන්ද නගින
ලොරි බාගේ...
කවුරුවත් ම
හිතුවෙත් නෑ
රූස්ස ගස්
මරණ වෙලේ...
කුට්ටි කරන්
අරන් ගිහින්
කාසි කරත්
නිරන්තරේ...
අන්ධ නෙතට
මොණර කොලය
රස අඳුනක්
වන මොහොතේ...
මොණරු මැරුණෙ
මහ කැලයේ
ග්‍රීස්මයට
නේද ඉරේ...
අපිම තමයි
හේතු හැදුවෙ
ඉඩෝරයට
මේ පොළොවේ...
- චතූ
Deesha(දීෂා)❤️ 5 years ago ඇත්තටම අපූරුයි
චතුරංගි හර්ශිකා 5 years ago ?❤thanq
✍️Nilushi Nisansala✍️ 5 years ago හරිම ලස්සනයි
චතුරංගි හර්ශිකා 5 years ago Thanks ?
Kavinda Sahan 5 years ago Nice
ශශී❤️? 5 years ago Gdk lassnai ?
චතුරංගි හර්ශිකා 5 years ago Thank you ?