චතුරංගි හර්ශිකා 5 years ago 344 4 3

Nisadas Image

මගෙ මිතුරි..............නුඹට ලියමි

ආදරණීය මිතුරිය,

හමුවීම් වෙන්වීම් බහුල
ජීවිතේ හරි පුදුමයි කියලා මට හිතෙනවා...

මේ නිසදැස් ඉමේදිම
මට හමුවුණු නුඹත් පුදුමයි...

වචන අතරෙ අකුරු අතරෙ
නිතර දෙවේලෙ හසරැල් පෑව කාලයත්
හරි පුදුමයි...

මේ නිසදැස් ඉමේ හමුවෙලා
අපි අපිව දැන හැඳින ගත් අයුරත්
හරි පුදුමයි...

මට තේරෙන්නේ නෑ
මට තේරුම් ගන්න බෑ

ඇස් තෙමන
හිත පාරන
කදුළු කතාවක් නුඹට තිබුණා...

මට නුඹ ගැන පුදුමයි...

නොහිතන මොහොතක ඇවිත්
නොහිතන මොහොතක
නොකියාම ගිහින්...

ජීවිතේ හරි බර ගොඩක්
ඒ පුංචි වයසට එකතු කරගෙන
අමාරුවෙන් හිනාවණු
මගෙ මිතුරිය...

කදුළු මැදින්
නැගිටින්න හයිය හොයපු
මගෙ මිතුරිය...

කාලෙත් එක්ක
ජීවිතේ ගොඩක් වෙනස් වෙයි...

මම බලා ඉන්නවා

මම,
චතු අක්කා

Comments (3)

ශශී❤️? 5 years ago ??

Deesha(දීෂා)❤️ 5 years ago අක්කි ??

සත්සරණි 5 years ago





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps