චතුරංගි හර්ශිකා 5 years ago 255 3 5
මතකයට තියන්නද නැවතීම මොහොතකට... ලස්සනම කතාවක් ලියන්නද මම දිගට... ආදරේ විතරමද ජීවිතේ එක සතුට...? හුදෙකලා හීනවල සතුට තිබුණේ නැතිද... වැහිදාට මතක මැද ඉකි ගසා නොහඩාම... උණු කෝපි උගුරකින් මනස සනසනු බැරිද...? වැහි හුළං එක්ක ඔය අතීතෙට නොහඩාම... හිරිකඩට ආදරෙන් කවි ලියන්නට බැරිද...? ජීවිතේ ආදරේ පටලගෙන හීනවල... මැරුණු වැලලූ මතක ගොඩ දමන්නේ කුමට...? මලක තරුවක සොඳුරු කවිකාර ලස්සනට... ආදරේ කරන්නට උගන්වන්නම් හිතට... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 264 3 5
නිළි වැස්ස යාන්තමට ඇවිත් ආයෙමත් මැකෙනවා... ගහක් වැලක් තෙමන්න තරම් වත් වතුර නොවැටෙද්දි මහ පොළොව හඩනවා... අහස පුරාවට ගිනියම් ඉර මලට සුදු වළාකුළු හිනා වෙනවා... වියළි කලාපෙට කොහොමත් පුරුදු විදිහට හැමදාම පායනවා... රෑ පුරාවට අහස ගෙරෙව්වත් පහුවදාටත් ගිනි අව්ව වැටෙනවා... හිතට දැනෙන විඩාවට වියළි සුළං හරි හරියට අලගු තියනවා... වස්සාන ගීතිකා මේ ඉමට නෑ කියලා කුරුල්ලෝ පවා හොඳටම දන්නවා... පුළුවන් තරම් බලා උන්නත් වැහි දෙයියො හැමදාම පිට පාරෙන් යනවා... මම, චතූ 2020 ඔක්තොම්බර් මස 20 වැනි දා 03.03pm
Deesha(දීෂා)❤️ 5 years ago 257 4 6
ළමැදේ නිදන් මතක නෙතු පියෙන හැම විටම සැරිසරනවා සිත පුරා නුඹ පුදන ප්‍රේමයට දෙවැනි වූ ප්‍රේමයක් පවතීද තව සොයනවා කඳුලක් නොදුන් සෙනෙහෙ රජු නුඹමමයි මාගේ හුස්ම පොද නවතින තුරා මට එන්න බැහැ ලඟට කඳුළු පිසගනු මැණික සිරගෙයක මා සිරවෙලා.... සිව් වසර පුරාවට නුඹේ සෙනෙහස විඳපු කුමරියද ඒ මා තමා මං ඉවසලා දරමි ප්‍රේමයේ මුතු කඳුළු පියතුමගෙ සෙනෙහස නිසා වෙන් වෙන්න නොහැකි බව ලෝකයක් දන්නමුත් නුඹව මට තහනම් කළා නුඹෙ නීල නෙතු දෑල කඳුලකින් තෙත්වෙන්න තව නම් ඉඩක් දෙන්නෙපා.... හිමිවෙච්ච නැතිවෙච්ච බොහෝ දෑ ඇත අපට ළමැදේම එය සඟවලා වැටෙන හුස්මක් ගානේ ඔය සෙනෙහෙ හද මැවේ ලේ නහරවැල් කළඹලා යළිඳු නුඹ හමුවන්න නොහැකි බව දනිමි මම යටි සිතෙන් පෙම් කරනවා දෙවිඳුන් රකී නුඹව දී අහිමි හැම සතුට මම ඈතකින් ඉන්නවා......
චතුරංගි හර්ශිකා 5 years ago 266 3 4
මම පුංචි කාලේ ඉඳලම මගෙ වීරයා මගෙ තාත්තා... වැඩිය කතා නොකරන ඕනිම ප්‍රශ්නෙකට උත්තර තිබුණ... හරි නපුරු යෝධයෙක් කියලා මම හිතාගෙන හිටිය මගෙ තාත්තා... සුපර් මෑන්ලට එහා ගිය මගෙ ජීවිතේ සුපර් මෑන් මගෙ තාත්තා... වැරැද්දක් කළාම අම්මා වගේ බැනලා නොඉඳ... කෝටුවක් කඩාගෙන හොඳටම තලපු වාර අනන්ත... ඒත් කිසි කහටක් නැතුව ඒ ආදරේ ගැන මම දන්නවා හොඳටම... ගොළු මුහුද වගේ හිත ඇතුලේ ජීවිත තුනක් තියාගෙන... හදවතින් පමණක් කතා කරපු අරුම පුදුම මිනිසා මගෙ තාත්තා... කවමදාවත් දෝතට අරන් හුරතල් නොකළට... හදවතේ මම වෙනුවෙන් අප්‍රමාණ සෙනෙහසක්... හිර කරගෙන උන්නු ආදරණීය මිනිසා මගෙ තාත්තා... දුවෙක්ව ලෝකෙ කාට එපා වුණත් කිසි වෙනස්කමක් නොකර... ආදරෙන් නොවෙනස්ව ඉන්න මම දුටුව එකම මිනිසා තාත්තා... ජීවිතේ මේ ගමන මෙතෙක් දුර එන්න... එකම හේතුවත් මගෙ ආදරණීය තාත්තා... ආ මග පුරාවට හැම සතුටකටම එකම හේතුවත් තාත්තා... තාත්තගෙ රැකියාව තාත්තට දුන්නු රළු පරලු බව නිසා... නපුරු මනුස්සයෙක් කියලා හැමෝම කිව්වත්... සත්තමයි ජීවිතේ කාටත් වඩා... මට ආදරේ කළේම මගෙ තාත්තා... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 235 3 4
ඈ පුංචි සන්දියේ ඇගේ ගම මෙසේ විණැයි ඈ මට නිරන්තර කීවා ය. එය දිගු වූත් සුන්දර වූත් අපූරු කතාන්දරයකි. මම එය මෙසේ කෙටියෙන් කවි කළෙමි.✍ ____________________________________ නෙත් ඉමේ ලස්සනම කවියක් වුණා අහස... නිල් වලාකුළු වලට හරි ආදරෙයි සුළග... ගං ඉමේ හැම තැනම ජීවිතේ පණ ගැහෙන... ලස්සනම පියස යට ජීවත් වුණා සතුට... මගෙ ගමේ පුරාවට පුරාවත් නොවුණාට... ජීවිතේ කතාවට ළෙංගතුම මදහාස... නිරන්තර නෙතු අගින් හිත නිවන සෙනෙහසට... ගම්මු පුරුදුයි ඉතින් පෙම් කරන්නට හැමට... හිත් යාය ගොඩ ගලන බිනර මහ ග්‍රීස්මෙට... වස්සානයේ තුමුල ගංවතුර ගලන කොට... කරුණාව නෙත තියා හැමෝටම ළං වෙන්න... ගම්මු හරි මනාපයි හැමට සරණක් වෙන්න... ගම්මානයේ සොදුරු පන්සල් බිමේ අරුම... පුර පොහොය සද නැගෙන රෑ යාමයට උරුම... සිල්වත් ම මදහාස නෙතු පුරා තවරගෙන... ගම්මු පන්සල් ගියා බැති මල් පොකුරු රැගෙන... අද වගේ නෙවෙයි ඔය හෙන ගහන වැස්ස යට... මහ පොළොව පුලුස්සන ගිනි ගහන අවුව යට... උදැල්ලට වාරු වී මුළු දිවා කාලයම... ගොවිතැන් කළා උතුම් දේව කාරියක් ලෙස... ආදරෙන් හැම තැනම ජීවිතේ බෙදන්නට... ගම්මු හරි ආදරෙයි මේ ගහට මල්වලට...?? මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 243 3 4
ජීවිතය නම්, හවහට වහිනකොට... කාණු වැහි වතුරෙන් පිරෙනකොට... තවත් එක නැවතුමක... දුගී පවුලක් හඩා වැටුණා මැදියමක... මැසි මදුරු ගැහැට මැද... හිස් කුස කෑ ගහන මොහොතක... ජීවිතේ නෙක ගැහැට... උරා බිව්වා ජීවය නිතර නිතර... අහසින් වැටෙන කඳුලට සේදුණා ඒ ජීවිත... නෙක නෙක ගැහැට මැද විඳින ලොව විඳවන කොට... තවත් උන් සැනසුනා සොඳුරු සත් මහල් මැදුරක... එකෙක් විඳින මොහොතක දහසක් දෙනා විඳවනු ඇත අඳුරු මුලුවල... ජීවිතය නම් මෙයයි නොතේරෙන අරුම රංගනය... මම, චතූ
? කිරි අම්මා ? අහිංසක පැතුමක් පතන්නට මෙළෙක් හදවතක්... මට දුන්නු ඔවදනක් කිසිදාක නෑ මගහැරියෙ මමත්... කුරුල්ලෙක් උනත් මහ දළ ඇතෙක් උනත්... පණ තියෙන සතෙක් නසන්න එපා කිසිදා පර පණක්... පුංචි කාලේ ඉඳන් ජීවිතේ ගැන ගොඩක්... කියා දුන්නා පෙමින් ආදරය මහ මෙරක්... අවතැන් හිතක් පිරි මදින හැටි නෙතින්... ආදරේ පිරුණු හදවතක් මට දුන්නු නුඹ සොඳුරු කතක්... නැතක් බාධක ආවත් නොමැකෙන හිනාවක්... ඇත්තමයි කිරි අම්මේ නුඹට ඇත්තේ පුදුම හිතක්... මම, චතූ 2020 ඔක්තොම්බර් මස 19 වැනි දා 07.25 pm
චතුරංගි හර්ශිකා 5 years ago 283 3 4
? හැන්දෑවක් ? නම නොදන්න කුරුල්ලෙක් හෙමිහිට කෑ ගහනවා...? පරිසරය නිශ්චලයි ඉර අහස කොණක ගිලෙන්න අර අඳිනවා...? හුළං රැල්ලක් වත් නිකමටවත් නොඑන හින්දා ගස් මුදුන් තුෂ්නිම්භූතව බලා ඉන්නවා...?? කහ පාට ආකහේ හෙමි හෙමින් රතු පාට ඉරි ඇඳෙනවා...? තවත් එක දවසක හවසක මම ගල් බංකුව උඩ වාඩිවෙලා ඉන්නවා...? හුදෙකලා රස්තියාදුවට හිත පුරුදු වෙලා මට නොකියම එහෙ මෙහෙ යනවා...? මම, චතූ 2020 ඔක්තොම්බර් මස 19 වැනි දා ප.ව.04.22
චතුරංගි හර්ශිකා 5 years ago 225 3 4
?පෙම්වතෙකුගේ කවක් ✍ ඉතින් අවසර හිනැහෙන්න මට සිහිනයක් ළග නැවතිලා මම...? පුංචි දෙණියේ මගේ අත ගෙන ගුරු ගෙදර ගිය සිගිති මිතුරිය...? ජීවිතේ බෝ දුර ගෙවාගෙන පෙම්වතිය වී ළගින් නැවතුණ...? ගම් දනව්වේ වතුසුද්ද මල නුඹ මගේමයි සෙනෙහෙබර හිත...?? මතක විනිවිද අතීතේ දුර දෝත පුරවා නෙළුම් මල් මිටි...? මලසුනේ නෙක කුසුම් අතරේ පුදා පැතුවා පැතුම් මල් මිටි...? ආදරේ යන අකුරු අතරේ ජීවිතේ යනු කිමැයි කී නිති...? මගේ ජීවන ගුවන් තලයේ සදා හිනැහෙනු පුර හඳක් රිසි...? මම, චතූ ✍ 2020 ඔක්තොම්බර් මස 19 වැනි දා ප.ව. 04.26
Rasika Maduwanthi 5 years ago 328 2 3
මම = ආදරෙයිද මට එයා = මන් ආදරෙයි මම = ඇත්තම ද එයා = ඔව් මම = දිවුරන්න එයා = ඔයා පල්ලා මම = ? මදූ ✍ 2020.10.19 7.48 ප.ව
Rasika Maduwanthi 5 years ago 284 0 0
චතුරංගි හර්ශිකා 5 years ago 296 3 9
අපූරු ලෝකයේ තවත් දවසක කතාව... දන්නවද මේ අහස මල්වලට කියන කවිය... සිනහව වගේම උරුමයි ලු ලොවේ වේදනාව... එනමුත් බලාපොරොත්තු ජීවත් කරයි ලු ජීවිතය... ගිම්හානයට මියෙන පතොක් මලක් රහසින්... පෙම් කරාලු ඔන්න සුදු පාට වලාකුලකට... ගිනියමේ ගගන මත වැහි වලාකුළු කොහෙද... ගිනිගන්න ගගනටත් හිතක් තිබුණා ලු මෙලෙක.. මම, චතූ 2020 ඔක්තොම්බර් මස 17 වැනි දා 3.00pm
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps