Deesha(දීෂා)❤️ 5 years ago 258 4 6

Nisadas Image

__________සමාවෙයන් මැණික?___________

ළමැදේ නිදන් මතක නෙතු පියෙන හැම විටම
සැරිසරනවා සිත පුරා
නුඹ පුදන ප්‍රේමයට දෙවැනි වූ ප්‍රේමයක් පවතීද
තව සොයනවා
කඳුලක් නොදුන් සෙනෙහෙ රජු නුඹමමයි මාගේ
හුස්ම පොද නවතින තුරා
මට එන්න බැහැ ලඟට කඳුළු පිසගනු මැණික
සිරගෙයක මා සිරවෙලා....

සිව් වසර පුරාවට නුඹේ සෙනෙහස විඳපු කුමරියද
ඒ මා තමා
මං ඉවසලා දරමි ප්‍රේමයේ මුතු කඳුළු පියතුමගෙ
සෙනෙහස නිසා
වෙන් වෙන්න නොහැකි බව ලෝකයක් දන්නමුත්
නුඹව මට තහනම් කළා
නුඹෙ නීල නෙතු දෑල කඳුලකින් තෙත්වෙන්න
තව නම් ඉඩක් දෙන්නෙපා....

හිමිවෙච්ච නැතිවෙච්ච බොහෝ දෑ ඇත අපට
ළමැදේම එය සඟවලා
වැටෙන හුස්මක් ගානේ ඔය සෙනෙහෙ හද මැවේ
ලේ නහරවැල් කළඹලා
යළිඳු නුඹ හමුවන්න නොහැකි බව දනිමි මම
යටි සිතෙන් පෙම් කරනවා
දෙවිඳුන් රකී නුඹව දී අහිමි හැම සතුට මම
ඈතකින් ඉන්නවා......

Comments (6)

චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි දීශා ????

Deesha(දීෂා)❤️ 5 years ago Thank you akki ?

ශශී❤️? 5 years ago ඇත්ත සිදුවීමක්ද මේක?

Deesha(දීෂා)❤️ 5 years ago අනේ ඔව් Shashi ?

ශශී❤️? 5 years ago අනේ ??

Deesha(දීෂා)❤️ 5 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps