චතුරංගි හර්ශිකා 5 years ago 237 3 4

Nisadas Image

සිතුවිලි

?පෙම්වතෙකුගේ කවක් ✍

ඉතින් අවසර
හිනැහෙන්න මට
සිහිනයක් ළග
නැවතිලා මම...?

පුංචි දෙණියේ
මගේ අත ගෙන
ගුරු ගෙදර ගිය
සිගිති මිතුරිය...?

ජීවිතේ බෝ
දුර ගෙවාගෙන
පෙම්වතිය වී
ළගින් නැවතුණ...?

ගම් දනව්වේ
වතුසුද්ද මල
නුඹ මගේමයි
සෙනෙහෙබර හිත...??

මතක විනිවිද
අතීතේ දුර
දෝත පුරවා
නෙළුම් මල් මිටි...?

මලසුනේ නෙක
කුසුම් අතරේ
පුදා පැතුවා
පැතුම් මල් මිටි...?

ආදරේ යන
අකුරු අතරේ
ජීවිතේ යනු
කිමැයි කී නිති...?

මගේ ජීවන
ගුවන් තලයේ
සදා හිනැහෙනු
පුර හඳක් රිසි...?

මම,
චතූ ✍

2020 ඔක්තොම්බර් මස 19 වැනි දා
ප.ව. 04.26



Comments (4)

Deesha(දීෂා)❤️ 5 years ago Woow nice ❤️?

චතුරංගි හර්ශිකා 5 years ago Thank you ??

ශශී❤️? 5 years ago ම්ම්ම් ලස්සනයි ?

චතුරංගි හර්ශිකා 5 years ago Thank you dr ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps