1,804 Total Nisadas Found





චතුරංගි හර්ශිකා 5 years ago 382 3 4

Nisadas Image

උපුටා ගැනීමකි

අන්තර්ජාලයේ සැරිසරන මොහොතක නෙත ගැටුණු ලස්සනම කවි පෙලක් මෙසේ සටහන් කර තබමි. කවියට ආදරේ කරන සැමට රස විඳිනු වස්...

මෙහි රචකයා ඉලක්ෂ ජයවර්ධන නම් වේ.


අහසකට ලස්සනම ගෑවමයි
දම් පාට...
හදත් අයිනෙන් අදිමු එය නැතිව
බැහැ රෑට...
දුවේ නුඹ දන්නවද දුරයි
හද හාවාට...
ඒ නිසා අදින්නට ඕනි නැහැ
ආවාට...

චිත්‍රයට නගද්දී එක ළගින්
ඇන්දාට....
අහස සයුරට දුරයි බර වැඩියි
මගෙ දූට...
ගගනතේ මායිමේ නුඹ ඇදපු
වවුලාට...
ළගින් තවකෙක් අදිමු තනිය හොඳ
නෑ ඌට...

ටීචරුත් ලකුණු දෙයි නොවෙන් බිය
සංකාව...
දැන් හරිම ලස්සනයි වෙරළ ළග
හැන්දෑව...
චිත්‍රයේ නොඇද ඉමු දුවේ අපි
දෙන්නාව...
එහෙම වුණොතින් ළමයි සොයයි නුඹෙ
අම්මාව...

චතුරංගි හර්ශිකා 5 years ago 271 2 2

Nisadas Image

මම සහ හිත

ජීවිතේ කියන්නේ මොකක්ද
මම මගෙන් ම අහනවා

මම දන්නෑ
හිත කියනවා

ඇත්තටම මොකක්ද ජීවිතේ
මේ හැම දේම මොනවද

දන්නවද
මලක ජීවිත කාලය

දවසක් නැත්නම් දෙකක්, තුනක්, සතියක්
ඔය කොහොම වුණත්

හරි ඉක්මනට
මල පරවෙනවා

ඒ වුණාට
මලට ඒක ජීවිත කාලයක්

අපි තව අවුරුදු සීයක් ඉන්නවද
විශ්වාසද

නෑ මම තව අවුරුදු සීයක් ඉන්නෙ නෑ
දැනටමත් අවුරුදු විසි එකක්

මම පාවිච්චි කරලා ඉවරයි අවුරුදු විසි එකක්
මට තව අවුරුදු කීයක් ඉතුරුද

මම දන්නෙ නෑ
මට දැනගන්න ඕන නෑ

ලැබෙන දේවල් කෙසේ වෙතත්
මේ පුංචි ජීවිත කාලෙට

නොලැබෙන දේවල් ගැන හිතලා
පසුතැවෙන්න තරම් මම බොලද නෑ

කවදා කොහොම වුණත්
අපි යන්න ඕනි, වෙලාව ආවහම

ආවා වගේම
හිස් අතින් තනියෙන්...

මම,
චතූ

චතුරංගි හර්ශිකා 5 years ago 232 2 2

Nisadas Image

කහට කුල මල නැතිලු ආලෙට

සිහින නෙත් ඉම
කුරුටු ගෑවේ
සදා නොමැකෙන
අරුම ප්‍රේමය...

නිහඩ ගගනත
සොඳුරු ඇසිදිසි
ආදරේ ගැන
වදන් ගොළු විය...

හිරුට අහසට
පෙම් කරන්නට
හිරු මලක් ළග
හිතක් ඇති විය...

මතක ගිරි හිස
පාමුලට විත්
සිහින ඇහිඳින
කිරිල්ලිය ඇය...

රිදෙන හිත ළග
අවැසි කවියයි
ආදරේ ගැන
ගොතන්නේ තව...

මියැදි ගියමුත්
මියැසි ප්‍රේමය
පුරාවත් නොලියූ
සුයාමය...

කහට කුල මල
නැතිලු ආලෙට
පූජනීයයි
සැබෑ ප්‍රේමය...

දෙවිවරුත් දණ
නමා නැවතෙන
පඩි පුරක්
ගිනි තැබූ ප්‍රේමය...

රාධා නෙතග
කවියක් ම වූ
ළබැඳි ඉමිහිරි
සොඳුරු ප්‍රේමය...

ටජ්මහල් උස
අහස විනිවිද
ලෝකයට කී
පුදුම ප්‍රේමය...

විඳින විඳවන
මියැසි ඇසි දිසි
මිහිරි කවියයි
යොවුන් ප්‍රේමය...

මම,
චතූ







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps