චතුරංගි හර්ශිකා 5 years ago 233 2 2
සිහින නෙත් ඉම
කුරුටු ගෑවේ
සදා නොමැකෙන
අරුම ප්‍රේමය...
නිහඩ ගගනත
සොඳුරු ඇසිදිසි
ආදරේ ගැන
වදන් ගොළු විය...
හිරුට අහසට
පෙම් කරන්නට
හිරු මලක් ළග
හිතක් ඇති විය...
මතක ගිරි හිස
පාමුලට විත්
සිහින ඇහිඳින
කිරිල්ලිය ඇය...
රිදෙන හිත ළග
අවැසි කවියයි
ආදරේ ගැන
ගොතන්නේ තව...
මියැදි ගියමුත්
මියැසි ප්‍රේමය
පුරාවත් නොලියූ
සුයාමය...
කහට කුල මල
නැතිලු ආලෙට
පූජනීයයි
සැබෑ ප්‍රේමය...
දෙවිවරුත් දණ
නමා නැවතෙන
පඩි පුරක්
ගිනි තැබූ ප්‍රේමය...
රාධා නෙතග
කවියක් ම වූ
ළබැඳි ඉමිහිරි
සොඳුරු ප්‍රේමය...
ටජ්මහල් උස
අහස විනිවිද
ලෝකයට කී
පුදුම ප්‍රේමය...
විඳින විඳවන
මියැසි ඇසි දිසි
මිහිරි කවියයි
යොවුන් ප්‍රේමය...
මම,
චතූ
Deesha(දීෂා)❤️ 5 years ago ගොඩක් බුද්ධිමත් අය වුනත් තේරුම් නොගන්න කුල මල මත නොරැඳුණු සුන්දරම ප්‍රේමය.... ලස්සනයි නිසදැස ✍️❤️
චතුරංගි හර්ශිකා 5 years ago Thanks ???