චතුරංගි හර්ශිකා 5 years ago 248 2 2
මග දෙපස පුරුදු එළි
පුරුදු වාහන අතර
මල් පාර නොපෙනෙනා
අවන්හල් පෙළ අතර
මතකයේ නිරන්තර
ගිලී නොගිලී නිතර
යනෙන වාහන අතර
සෙව්වෙ නෙතු නුඹ නිතර
අතරමග හැර නොයන
තාර පාරේ තැනක
බස් රියට නුඹ නැගපු
නැවතුමේ අද වුවද
නොබැස්සට මම එතන
යනෙන කොට මග නිතර
නුඹ මැවී පෙනෙනවා
සෙනග මැද නිරන්තර
මම,
චතූ
Deesha(දීෂා)❤️ 5 years ago Woow ලස්සනයි ❤️
චතුරංගි හර්ශිකා 5 years ago Thanks ??