✍️කවිකාරි ✍️ 5 years ago 291 5 8
මතක අස්සෙම ගුලි වෙමින් මම සිහි කෙරුවේ නුබේ ගතේ රස්නෙයි... එදා නුබ හා දග කෙරූ ඒ ලවන් පෙති අද දුකින් හිනහෙයි... ජීවිතේ මගේ හුස්ම සැමකල් ඒ නුබයි මගේ හිමියනේ... ඉතින් යන්නට අවසරයි මට හුස්ම එක්කර වාතලේ... ...කවිකාරි...
✍️කවිකාරි ✍️ 5 years ago 441 5 8
අමාවක දවසකට කලුවරට රෑ අහස... සෙමින් ඉකිබිඳ හැඩුවා සදසාවි නැති සොවින... පුර පෝය ආ දාට මුළු අහස ලස්සනය... ඉතින් හරි හැඩකාර ගැළපීම එය නේද ?.... ...කවිකාරි...
❤️mila❤️ 5 years ago 251 4 7
හැමදාම මග බැලුවේ අහිමි නුබ එයි කියා හීනෙනුත් පවා දුටුවේ නුබේ රූපෙයි සදා දින ගැන්නා සය වසක් කෙදින හෝ නුබ එයි කියා තවත්නම් බෑ දරාගන්නට මියෙමි මම , ලබන ආත්මෙක හෝ නුබ ලැබේවා පතා ❤️
Kasuni Tharushika 5 years ago 256 4 4
තනිවෙච්ච හැම හිතක්ම හොයනවා තුරුල් වෙන්න උණුහුම් පපුවක් ඇස්වලට කඳුළු පුරවගත්තම අඬන්න එපා මැණික උඹ අඬනකොට මටනේ රිදෙන්නේ කියලා සනසවන හිතක් හිත රිදුනම මොන වැරැද්ද කරත් සමාව දීලා තුරුල් කරගන්න හදවතක් ඒ උණුහුමේම ඇස් පියවෙනකොට නළලට ඇස්වලට හාදු තියන ආදරණියෙක් රිදුන හිත හදන්න වචනයක් හරි කියන කෙනෙක් යන්නම ගිහින් ආපහු ඇවිත් තදින් බදාගෙන වැළඳගන්න කෙනෙක් සනසවන්න බැරිම මොහොතකත් දුරින් ඉදන් නොරිද්දා ඉන්න පුළුවන් කෙනෙක් ඇස්වලට කඳුළු පුරවගෙන තමන්ගේ හිතවත් හදාගන්න බැරි මෙහොතකත් තව හිනාවක් වෙනුවෙන් කැපවෙන නොකිව්වට හැම හිතක්ම හොයනවා එහෙම ආදරයක්....❤️ ❁k❁❁a❁❁s❁❁u❁
ශශී❤️? 5 years ago 358 4 6
සද වන් පිරුනු නුබෙ සුන්දර සුදු මුහුන හැබැහින් දකිනු රිසි මම තැවුනෙමි බෝම නා දලු වගේ දිලිසෙන ඔය දෙතොලතර දග කරලන්නේ කොහොමද මම මගෙ මැනික අවසග නොවන සිතිවිලි මම හදින් බදා ප්‍රේමය පතා ආවෙමි මම පෙමින් හඩා අන්සතු නුබව හැර යන්නේ කෙලෙස මෙමා පෙම් කල පවට මගෙ මැනිකේ දෙන්න සමා ඔහු ලග නතර උනු ඔය හිත මා දුටු දා සසැලුනු බව දනිමි වැඩියෙන් පෙමත් තියා ඉකිලන හැගුම් සන්සුන් කර තැවෙමි මෙමා එක බවයක් දෙනවද මට නුබව ලියා ඔහු තුරුලේම නුබ සැනසෙන හැමදාම ගිනි ගෙන දැවෙයි මගෙ හදවත හොදටෝම ඇත්තද මැනික නුබ කිව්වේ රහසේම වලලපු බවක් නුබෙ සෙනෙහස මා ගාව සුසුමක සුවද කිසි දිනයක විද නැත්තේ අවිහින්සකම රුව හැබැහින් දැක නැත්තේ පෙම් කලේ නුබත් නොඅඩුව මට හැමතිස්සේ මිහිදන් කරමු පිවිතුරු පෙම හිත අස්සේ මෙතුවක් ආ දුරත් අප හට බර හින්දා අන්සතු පෙමක් මා හට හිමි නැති හින්දා මතු බවයේ දවසක මුන ගැසෙමු සිතා නවතිමු මැනික අද මෙතනින් පෙම හන්ගා ශශී
චතුරංගි හර්ශිකා 5 years ago 281 4 2
කාලය තටු අරන් ඉගිල්ලුණා...⟳ , මුලු ලෝකයටම සොබාදහම අලුත් පාඩමක් ඉගැන්නුවා* ༺═─⃝─⃟─⃟─⃟─⃟─⃟─⃟─⃝─═༻ ~ඉතින් හැමෝම අද ඉදන් අලුත් අවුරුද්දට අලුත් බලාපොරොත්තු ගොඩක් හිතේ තියාගෙන ඇති~? ╰☆☆ ☆☆╮ නිතින් පතනා සියළු පැතුමන් ඉරක් සේ පායා නැගේවා... හිතෙහි හිරවුණු සියළු ගින්දර හිමක් සේ සිහිලැල් කෙරේවා... නිදුක් වසරක සොඳුරු දිවියක දනන් දහසක් සිත් නිවේවා... සෙනෙහෙබර සුව පිරුණු වසරක් ඔබට මට හෙට උරුම වේවා...!!! _*❛↝ලැබුවා වූ නව වසර සැමට සතුට,සෞභාග්‍ය සපිරි සියලු පැතුම් ඉටු වෙන නීරෝගිමත් අලුත් අවුරුද්දක් වේවා!!!❜↜*_ ✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬✾✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬✾➣✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖ۬ ✪ ☸???✝?☪✪ ┏┓┏┓。・゚゚・。。゚ ┃┗┛ appy ┃┏┓┃ ᑎEᗯ✿ ┗┛┗┛ year*゚✾ 。.。.。.。❤ ...☬❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀ ? මම, චතූ✍
චතුරංගි හර්ශිකා 5 years ago 308 4 2
අවසන් වරට නුඹට තියන්නට හිතයි පණිවුඩයක්... නමුත් අවතැන් හැගීමක මළගමත් දැන් අවසන්... එහෙයින්ම හිත පෙලන සිතුම් සිතුවිලි රටාවක් කොලයකට පවසන්නම් නුඹට රහසින් වතාවක්... සමාවක් දෙන්න හෝ ගන්න නැහැ හිත අද වුණත් ආයෙමත් ඒ කවිය ලියන්නට දැන් නැහැ හිතක්... එකම පැතුම හෙට ගැනයි පතන්නම් එය මෙතැන වත් යළිත් හමු නොවේවා කදුළු ගෙනෙනා ප්‍රේමයක්... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 313 3 2
අවුරුද්දක්ම මෙහෙම තටු ලත් සේ ඉගිල ගියා... මම ලිව්ව සොඳුරු ජීවන පිටුත් පිරී ගියා... මදහස පවා අරගෙන නුඹ මගෙන් ඈත් වුණා... මතක එක්කම මේ වසර මමත් ලියලා ඉවර කරා... එදා මම එහි නේන්නට අපි හමු නොවෙන්නට තිබුණා... දෙතැනක උන් අපිට අපි නොහිතාම ගොඩක් ළං වුණා... නොගැළපෙන පද ඉතින් අවසානෙදී මැකුවා... ඉතුරු වුණේ හිත පමණයි මතක හුස්ම බර කළා... තරහක් නැහැ නුඹට මම මතක ලස්සනයි එකතු කළ ආයෙත් නොලියන ඒ කවියට ලෝබකමක් නැහැ හිත යට... ජීවිතේ එක අවුරුද්දක යහළුකම ආලයකට පෙරලුව... දෛවය වෙන්නැති වැරදිකරු නුඹ නෙවෙයි වැරදි මේ කදුලට... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 300 2 2
නුපුරුදු හුදෙකලාවත් කලාවක් කළ කාලයක අවසන්ම දිනය අද හරි පුදුම කාලයක... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 299 2 0
සිතුවිලි කවි කරන්නට පද බඳින්නට නිරන්තර... ඇබ්බැහියක් තිබුණේම ලියන්නට තැනින් තැන...? ලියන දේවල් සේරම එකතු කරපු තැන... නිසදැස් පිටුව නුඹ වුණා හදවතේ නවාතැන...? මෙතැන තබා ගියපු වචන පද ඔක්කොම... හිතක පහලවුණු කවි කතා හින්දම...❤ හදට ළං කරන් හිටපු හැම දෙයක්ම... මෙතැන තියා ගියේ දිනපොතක් සේ මම...? හදට දැනෙන දේ වචන තුළ තැවරුන... ලියන වදන් පුරා ජීවිතේ ලියවුණ...? මගේ කවි පොතේ මේ සොඳුරු පිටුව මත... මම මේ ලියන්නේ අවුරුද්දේ අන්තිම ම කවිය...? දැනෙන රිදෙන දේ කවි කරපු අහස... අලුත් අවුරුද්දෙ මුණ ගැහෙමු නැවත...☀ මම, චතූ✍
චතුරංගි හර්ශිකා 5 years ago 303 3 0
දෙනෙත් තෙමෙනකොට කොලයක් පුරාවට කදුළු හැලුවේම හිත නිවාගන්න...? වරක් දුර යන්න සිතක් ආවත් නොගොස් හිටියේම කවිය නුඹ වෙනුවෙන්ම...? නෙතක් පිසලන්න වතක් සනසන්න හැකි සොඳුරු දෙය කවිය ඔය නුඹ...? හිතක් නැහැ ඔන්න කවිය හැර යන්න සදා ආදරෙයි කවිය මම නුඹට...❤✍ මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 394 2 0
වෙස් මුහුණු යටින් පට සේල යටින් කලු පාට හිටියෙ සුදු සේල දරන් මම, චතූ
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps