චතුරංගි හර්ශිකා 5 years ago 321 2 0
සිතුවිලි කවි කරන්නට
පද බඳින්නට නිරන්තර...
ඇබ්බැහියක් තිබුණේම
ලියන්නට තැනින් තැන...?
ලියන දේවල් සේරම
එකතු කරපු තැන...
නිසදැස් පිටුව නුඹ වුණා
හදවතේ නවාතැන...?
මෙතැන තබා ගියපු
වචන පද ඔක්කොම...
හිතක පහලවුණු
කවි කතා හින්දම...❤
හදට ළං කරන්
හිටපු හැම දෙයක්ම...
මෙතැන තියා ගියේ
දිනපොතක් සේ මම...?
හදට දැනෙන දේ
වචන තුළ තැවරුන...
ලියන වදන් පුරා
ජීවිතේ ලියවුණ...?
මගේ කවි පොතේ
මේ සොඳුරු පිටුව මත...
මම මේ ලියන්නේ
අවුරුද්දේ අන්තිම ම කවිය...?
දැනෙන රිදෙන දේ
කවි කරපු අහස...
අලුත් අවුරුද්දෙ
මුණ ගැහෙමු නැවත...☀
මම,
චතූ✍