හිතුවක්කාරී 5 years ago 238 6 7
උදේට පායලා හවසට බැසලා... ගතම උණුසුම් කරා කදු අතරින් එබී බලා... හොරෙන් හොරෙන් මුදුන් උනා ගතට රස්නෙයි හරිම වෙහෙසයි අනේ දෙවියනි සූර්යා...
✍️කවිකාරි ✍️ 5 years ago 293 8 12
ප්‍රේමය සුන්දරය කිසිදා නොව මිලින වන... ආදරය ලස්සනය නමුත් එය නම් භයංකාරය... දිරන රූපෙට වහ වැටීගෙන කරයි නම් කෙනෙකුන්ට ආලය දැන ගනින් එය නොවේ ප්‍රේමය... ප්‍රේමය නම්,,,, කල්පයක් හෝ දුරින් හිටියත් පපුව ගැහුනෙම එක නමින් නම් නියම ප්‍රේමය එයයි මනරම්... ...කවිකාරි...
චතුරංගි හර්ශිකා 5 years ago 290 3 4
මල් ලිය මඩුළු අතරින් පතර පෙනෙනා සොඳුරු රතු අහසේම ආසයි තුමුල සිතුවම් දෙකක් පින්තාරුවට හැන්දෑවේම... එක සිතුවමක ලියකම් පිරුණු සුන්දර මගුල් පෝරුව ගාව සිතුවම් කරමි නුඹ සහ දිගැස අතිනත ගන්න මංගල දවස... ඈතින් එපිට කදුවැටි ගාව ඇන්දෙමි අනිත් සිතුවම මෙලෙස හිසකෙස් ශ්වේත තනිකඩ කතක් උන්නා බලා දෙස රතු අහස... මම, චතූ
❤️mila❤️ 5 years ago 245 5 9
සෑම ගැහැනියක්ම සිහින දකිනවා තමන්ගේ කිරි සිහිනය සැබෑ කරගන්නට නමුත් තමන්ගේ එම සිහිනය සැබෑ කරගන්නට බැරිව විදවන කිරි සිහිනය සිහිනයක්ම පමනක් වන ගැහැනියන් එමටය... අප සාමාජය විසින් ඔවුන්ට වද ගැහැනිය කියා ලේබල් ගසන්නේය... ඔබ අප මොහොතකටවත් සිතුවාද ඇය ඒ වචන වලින් මොනතරම් පිච්චෙන්වද කියලා ඔබත් මනුශයෙක්නම් , මවක්නම්,පියෙක්නම් කිසිම දිනෙක එවැනි ලෙස අපහාස නොකරන්න නැතිනම් මතු ආත්මයකදි , ඔබටත් එම ඉරනම ම අත් විදීමට සිදු වනු නොඅනුමානය... ?මිලා??️
Nethu 5 years ago 246 3 5
ජිවිතයේ එක් මංසලකදි එක් දෙනයනක් නෙතට ගැටුනා... මුළු ලෝකයක් වුන මගේ පවුලට තරම් ස්නේහයක් ඒ දෙනයනට බැඳුනා... නමුත් ඒ දෙනයන වෙනත් කෙනෙකුගේ හිතක් අසලින් නැවතිලා... කල්පනා වන රැයක් පාහේ දෑහේ කඳුලු බිඳු වරුසාවක් නේකවර කොපුල් මත රැඳුණා... මගේ හිත මටත් නොදැනිම ආගන්තුක තනිකමක් වෙළුවා... ?
❤️mila❤️ 5 years ago 290 3 5
ලේ කිරට නොහැරුනත් දස මසක් කුස නොදැරුවත් විලිබර නොවින්දත් ඔබය මිහිපිට දෙවියෝ මට නම් ?මිලා??️
✍️කවිකාරි ✍️ 5 years ago 273 4 7
සදක් සේ හිනහෙන්න සදක් සේ පායන්න... අමාවක කලුවරට පුර සදව පැහැ දෙන්න... අහස් කුස සරසන්න තරු සමග මුමුණන්න... සිසිල් සද කිරණ ගෙන මගේ ගත දෝවන්න... ඔබේ සද කිරණ ගෙන මම කුමුදු මල ලෙසට... ඔබේ මුදු පහස ලැබ පිපෙමි රෑ සදයාමේ තුන් ලෝකයට රහසින්ම... ...කවිකාරි...
✍️කවිකාරි ✍️ 5 years ago 266 3 4
පුරුදු විදිහට එදත් පුරහද පෑව්වා හන්තාන අහසට... සීතලේ අපි ලංව තුරුළු ව ගෙව්වා මතක ද අනුරාගී පැය... අනේ ඒ දවස් බොද කර වෙන් වුණා අපි හිතම සුන් කොට... පෙම් කෙරූ ඒ දවස් සිහිකර හන්තාන හද අදත් පායයි මගේ දෙස හොරහින් බලාගෙන... ...කවිකාරි...
✍️කවිකාරි ✍️ 5 years ago 272 7 6
හිත නිවන ඔසුසලය අති පරම මනරම්ය... දෙව් බබුන්ගෙත් පිදුම් ලබනා ලොව්තුරා ඒ පුණ්‍ය භූමිය... දෙනෝ දාහක් වැදුම් ලබනා... භූමියයි ඒ ගමේ පන්සල... ...කවිකාරි...
✍️කවිකාරි ✍️ 5 years ago 276 5 9
රිදෙන හදවතේ රිදුම් සගවා හැමදාම රෑ කදුලු බිව්වා... කවියෙකුට බැරි උනත් සනසන්න ඒ හිත.... මහ රෑට කලුවරට පුලුවන අඩන ඒ හිත සුව කරන්නට... ...කවිකාරි...
❤️mila❤️ 5 years ago 316 2 4
ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය විටෙක පියෙක්,මවක් තවත් විටෙක හොදම මිතුරෙක් , මිතුරියක් ලෙස සෑම විටම ඔබව ආරක්ෂා කරන්නේ නම් ඔබට ගරු කරන්නේ නම් කිසිදු දිනක එම ආදරයට අවමන් නොකරන්න අත් නොහරින්න සදාකල් ඒ ආදරය රැක ගන්න එවිට ඔබට කාලයත් සමග සැබෑ ආදරයේ වටිනාකම හැගෙනු නිසැකය. ?මිලා??️
❤️mila❤️ 5 years ago 274 3 6
කවියෙක්ට පුලුවන් රසිකයෙක් හඩවන්නත්, ඒ වගේම හිනස්සන්නත් යමෙකු කවියක් රස විදිද්දී එයට සිනහවකින් හෝ කදුලකින් ප්‍රතිචාර දක්වයිනම් එහි අයිතිකරු විය නියම කවියා කිමද,ඔහු හෝ ඇය හදවතට ලියන්නෙකි. ?මිලා??️
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps