චතුරංගි හර්ශිකා 5 years ago 309 4 2
අවසන් වරට නුඹට
තියන්නට හිතයි පණිවුඩයක්...
නමුත් අවතැන් හැගීමක
මළගමත් දැන් අවසන්...
එහෙයින්ම හිත පෙලන
සිතුම් සිතුවිලි රටාවක්
කොලයකට පවසන්නම්
නුඹට රහසින් වතාවක්...
සමාවක් දෙන්න හෝ
ගන්න නැහැ හිත අද වුණත්
ආයෙමත් ඒ කවිය
ලියන්නට දැන් නැහැ හිතක්...
එකම පැතුම හෙට ගැනයි
පතන්නම් එය මෙතැන වත්
යළිත් හමු නොවේවා
කදුළු ගෙනෙනා ප්‍රේමයක්...
මම,
චතූ
Dila ???? 5 years ago යළිත් හමුනොවේව කදුළු ගෙනෙනා ප්‍රේමයක්... !!! ❤️
චතුරංගි හර්ශිකා 5 years ago ❤❤❤හ්ම්