1,804 Total Nisadas Found





Inoka Jayasekara 5 years ago 245 3 4

Nisadas Image

පැතුම ?

ජිවිතෙ ගෙවෙද්දීත් මග සොයාගනු බැරීව .... නුබ නොඑන මගක හිද ...
බලා සිටියා සබද ...
නුබ එතැයි සිත සිතා ....
පෙරේදාක සේම නුබ නොඑන විට...
දගකලා නෙතු කොනක .....
මහා ගිරිදබට වැඩි බරක් ඇති .....
කදුලූ බිද ...
නුබට මෙතරම් සබද පෙම් කලෙ කිමද මම ......
නුබ මගෙන් වෙන්ව ගොස්
ගෙවිගිය අතිතයේ ....
කෙසේ ගෙවුවාද මම ...
මම සිතුවේ ඔබ නැතිව ...
මියයැතැයි සිතා මම ....
කදුලූ පොඩි ගල ගලා වැටෙද්දිත්...
නිහඬවම දරා සිටියා සබද ...
නුබ නොමැති අඩුව සිත...... දැනෙන විට .....
අමතක කරන්නටම සිතුන විට...
නුබම එයි මගෙ නෙතු මානයට...
නුබෙන් විදි අහිංසක පෙම් සුවද ..
ආදරණීය බව ..
කෙසේ අමතක කරන්නද....
හදවතින් දහස් වර මියයමින්...
ජිවත් වුනෙමි මම ...
පතමි මම පැතුමක් හදවතින්ම ..
නැවත උපදින බවෙහි ....
ඔබෙ ආදරණීය පෙම් සුවද ...
යලි රැගෙන සිනා පිරි හදවතින් ..
වඩින විට පෙර මගට...
දොත පා පිලිගන්න ...
මතකයෙ තියේවා...
එතෙක් මම මෙලොවින් සමුගන්න ..දිනය තෙක්....
නුබව සිහි නොවේවා...
නොවසාම හදකුටිය...
නුබේ මතකය රැගෙන ...
මේ ලොවින් නික්ම යමි...
මතු බවෙහි හමුවන්න....

චතුරංගි හර්ශිකා 5 years ago 279 4 5

Nisadas Image

හිස් බවක් විතරක් මේ දැනුත් හරි බරට තියෙනවා හිත පුරාවට...

කවිකාර හිත පුරාවට
කවියක් වුණේ නුඹයි හැමවිට...
නුඹ නොමැති හැම මොහොතෙම
දුක ලිව්වෙ කිව්වෙ මම කවියට...

කාලය ගෙවිල යනකොට
හිත නුඹ ගැනම හිතුවට...
මැරුණු මතක ගැන තවත්
කවිවලට කියන්නේ කුමටද...

මතක එක්කම හිත යට
මම තනියම හිතනකොට...
වෙනස් වෙන ලෝකය තුළ
නුඹේ වෙනස් වීමත් අරුමයක් නොවෙයි දැන් මට...

අහිමිවීම පුරුදු නැති හිතකට
එක පාර ගින්දරක් දුන්නම...
පිච්චිලා ගියාට හදවත
දැන් හුරුයි හිත හැම දේටම...

පොඩි දරුවෙක් වගේ මම
ආයෙමත් අඩන්නෙ නැහැ ඉතින් තව...
ලෝකෙ හැම දෙයක්ම
වෙනස් වෙන එකයි ධර්මතාව...

කවියක් ලියන්න හිතුවට
ලියන්න දෙයක් හිතෙන්නෙ නෑ මට...
හිස් බවක් විතරක් මේ දැනුත්
හරි බරට තියෙනවා හිත පුරාවට...

මම,
චතූ







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps