1,804 Total Nisadas Found





චතුරංගි හර්ශිකා 5 years ago 257 4 4

Nisadas Image

වදකාර පෙම්වතා

පුරා වසර ගණනක්
හිත බැඳි ආලයට
මම නුඹ නමට
එදා අද පුරාවට බලා උන්නෙමි...

නොකියාම වෙනතකට
නුඹ රහසේම බැදුනත්
මගේ යැයි කියා ගත්
නුඹ නමට පේ වුණෙමි...

වරක් දෙවරක් නොව
සිය දහස් වර
මහිත බින්දත්
නුඹටම පෙම් කළෙමි...

දන්නවද මහිමි
කන්නගීලා එහෙමයි
ඒ ආදරේට
සීමාවක් මායිමක් නොවුණි...

හිත් ඉවුර බිද ගලන
අකීකරු සැඩ රළක
ආලයේ නාමයෙන්
මමත් උඩුගං ගියෙමි...

සෙල්ලක්කාර නෙතට
බැදුනු ඒ ප්‍රේමයට
අද මෙන්ම හෙටටත්
නොවෙනස් ව පෙම් බඳින්නෙමි...

කුලුදුලේ මම ලියූ
හිතාදර පෙම් කවිය
ඉරා විසි කරන්නට
මම නුඹට ඉඩ නොදෙමි...

ආලයේ පූජාව
දෙපා මුල පුදන්නට තරම්
ඔය අකීකරු දෑස්
පුදසුනක් නොවන බව දනිමි...

එහෙත් මට පෙම් කෙරූ
වදකාර පෙම්වතා
නුඹට මම
සදාකාලිකව පෙම් කරන්නෙමි...

මම,
චතූ

Deesha(දීෂා)❤️ 5 years ago 316 4 11

Nisadas Image

නුඹේ පාමුල නොහඬා ඉන්නම් හැඟුම් මගෙ නිර්වින්දන කරන්?....

ආදරණීය ශෂී අක්කි,

දැවෙන පපුවට හැලෙන ලෝදිය
කුමට නුඹ පිසදා නෙතින්
මැරුන හදවත යළිඳු ඉපදී
මැරී නුඹ ළඟ පස් වෙයන්
තුරුළු කරගෙන සොහොයුරිය නුඹ
වේදනා මගෙ සුවකරන්
ඇවිලෙනා දුක සැනසුනා නුඹෙ
සොයුරු පෙම ළඟ සත්තකින්....

මතක පාරා කඳුළු ගැලුවට
නුඹේ පාමුල මේ නෙතින්
සමාවක් මං අයදිමී නුඹ
රිද්දවූ පාපය නමින්
දුර්ලභයි නිර්ලෝභි හදවත්
නුඹෙන් දුටුවා එය හොඳින්
බුදුන් අභියස දෙදණ නවමින්
අයැදුවේ දිවි මා නමින්....

දෑස නින්දට වෛර කරනා
නීල තරුකැට තව රවන්
සඳේ පාටට අහස කළු ඇයි
ගිගුම් ලයි සිත පැන නගන්
හැකිද හිඳිනට නුඹේ සෙවනේ
එක්වරක් මතුදා ලඟින්
නුඹේ පාමුල නොහඬා ඉන්නම්
හැඟුම් මගෙ නිර්වින්දන කරන්.....

°දීෂා නංගී️ ✍️?....







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps