චතුරංගි හර්ශිකා 5 years ago 783 4 3
Now I shall write about it, ?I have never written a blog. ?But I have read lot of blogs. Among them 'Rathgamaya' blog is my favorite place.? Blogs are a wonderful mirror wall of cyberspace.? I'm also been interested in writing a blog for a while. Now I have the opportunity to write that wonderful. I am very happy.?❤ I am very excited to start writing my new blog.?⚡ I can write about myself, my thoughts, my dreams, the everyday events of my life, the things I like and dislike, all of this. Like a diary.? I personally write a diary.? I write everything in my diary. I also do not forget to draw beautiful little pictures in my diary.✏️ So I would love to write a lot of heartfelt notes like that on my blog. ?❤ - Chathu ( with happy)
චතුරංගි හර්ශිකා 5 years ago 553 3 4
Who created the memory of the journey of life so far ... The heart is shaped by friendly laughter Done ... Think of it as a beautiful poem Extinguished ... There were sweet friendships in the past that comforted ... Meanwhile, Come to a disobedient mind with memory Struck ... Poetic thoughts again and again Killed ... There were some black and white dreams that filled the mind ... To this day, the mind as well as the eye Hurt ... - chathu
Deesha(දීෂා)❤️ 5 years ago 330 3 4
යන්න මතකෙන් අඟුළු හැරදා නුඹෙන් මිදිලා හදින් දුර මා... පළුදු වූ තැන් යළිඳු හදලා ගන්න බෑ දැන් රිදුම් හැරවා... කඳුළු ගංඟා ඔහේ ගලලා දුරට යාවී නෙතින් රූරා.... නමුදු සෙනෙහේ මතක රන්දා නුඹ හිඳීවී... ළයේ රැඳිලා.... කිසිඳු දිනයේ මැකී නොයනා නුඹේ සෙවනැලි ළඟම රැඳෙනා... මගේ නොවනා මගේ කියනා මගේ වූ නුඹෙ සෙනෙහෙ පතනා... හිමි නොවූවත් අහිමි නොවනා පැතුම් ගොන්නක් සිතේ රඳවා... නුඹේ මුලකුරු ළඟම සොයනා ආදරේ නම්... නුඹ තමයි මා... හුස්ම වැටෙනා පපුව ගැහෙනා රිද්මෙ ඇසුනා ලොවට හඬගා... ගතේ දැවෙනා රිදුම් ඉවසා සිතින් මා නම් නුඹව සෙව්වා... යන්න හැදුවත් මතක හැරදා යන්න බෑ දැන් නුඹව දමලා... නිවුණු මතකේ යළිඳු අවුලා ගින්දරේ මා මසිත දැව්වා....
Deesha(දීෂා)❤️ 5 years ago 322 3 4
වසාගෙන මම නුඹේ රුව සිත හඬ හඬා දුක කිය කියා දහස් වරකුත් මැරී ඉපදී තවත් හදවත ගැහෙනවා සිතේ පුළුටට නුඹේ සුවඳම තවත් හද මා සොයනවා නීල නෙත් ළඟ නුඹේ ඔය රුව පෙනෙනතුරු දින ගනිනවා.... පිදූ සෙනෙහස් සමරු අතරට කඳුළු කැට බර වැඩි නිසා සඟවන්න මම හිනැහුනා දුක් කඳුළු ඇස් යට රඳවලා කිසිඳු දිනයක නොරිදවා සිත මා සුරැකි නුඹෙ පෙම නිසා අද ඉන්නවා ලොවක් තුළ මා නුඹේ සවියෙන් නැගිටලා.... යදම් බැඳි මේ සිරකුටියෙ හිඳ ඈත අහසේ මායිමේ මවා නුඹෙ රුව ඉකිබිඳිමි මම අදත් මහ රෑ තුන් යමේ මා රකින්නට මා දිනන්නට නුඹයි වෙහෙසුනෙ ජීවිතේ හුස්ම ගන්නට තව වරක් මට එන්න නෙත් මානෙට මගේ....
චතු ගුණසේකර ? 5 years ago 333 4 4
ඔව්, මං ආසම කවියක් වෙන්න හෙමි හෙමීට නුඹෙ හිත ඇතුලට යන්න කවිය නුඹෙ මුවින් කියවෙන තරමට ලයාන්විත වෙන්න දෙතුන් සැරයක් මුමුණන තරමට ආදරණීය වෙන්න? ඒ කවිය නැවත නුඹෙ අතින් ලියවෙන්න තරම් හැගුම්බර වෙන්න....❤️ නුඹ :- මන:කල්පිතය -චතූ- 14/12/2020
Dila ???? 5 years ago 250 4 5
ඉතිං මම බිම ඉන්න පලියට කඩා නොවැටෙන්න ඔබ පොළොවට දුරින් ඉදගෙන මගේ තනියට හැමදාම බැබලුණොත් ඇති මට... දුකක් රැදුණත් මගේ හිත යට ඔව් ඉතින් නුඹ අයිති අහසට කඩං වැටුණොත් මගේ පොළොවට මෙහෙමවත් නැතිවේවි නුඹ මට... කාත් කව්රුත් නොමැති රැයකට මාත් ඉන්නම් ඉතින් තනියට ඒත් මම නැතිවෙච්ච දවසට රෑත් දිළියන් පුරුදු විදිහට...
චතුරංගි හර්ශිකා 5 years ago 259 3 6
Now I shall write the little and beautiful story.? I like it. It name was " The golden eggs". Now I shall start.✍ Once upon a time... There was a man. He had one hen. It was a big hen. The man didn't get eggs from his hen. One day, the man went to the hen's hut and he found a big egg from there. It was made of gold. You know, The man had found a golden egg in the hen's hut!? The man was so glad. Then the man hid it a hole near his hut. Day by day the man's hen give a golden egg. In ten days he found ten golden eggs. One day, the man said, "I shall get many eggs in many days. There is a big golden egg in the hen." Then he got the poor hen and made a hole in the hen.? There was no a big egg in the hen. The man didn't find an egg in the hen. The hen was dead. The man didn't get eggs and gold.?✍ Craving is not good. Craving gives many bad things.?so we shall remove craving. Be kind!
Dila ???? 5 years ago 202 4 5
අන්තිමට මං මගේ නිහඬ බව බින්ඳා.. උඹෙ ලඟටම ඇවිත් හැමෝටම ඇහෙන්න කෑ ගහල ආදරෙයි කිව්වා.. උඹෙ හිනාවට ලෝකයක් දිනුව තරමේ හැඟීමක සතුටක් මට දැණුනා.. මැණික.. උන් නම් මහ නරක මිනිස්සු උඹට මුකුත් කියන්න නොදීම උන් මම උන්නු පෙට්ටිය වැහුවා..
චතුරංගි හර්ශිකා 5 years ago 295 3 7
❤ The lost love ❤ ______________________________???____ Unknown eyes have been seen in unknown places in the world...?❤ Various thoughts have arisen and disappeared in the heart...? Most of the people I met have reunited... Others may be walking on the road we walked yesterday...? Many will go that route tomorrow... They too will be separated one day...☀️ Maybe build together... But appointments are temporary... I know that...? Even the trees we saw still sing poems about us today...? If we ever meet again, will we forget??❤ - chathu
Sewwandi Perera 5 years ago 310 3 4
තිසරුන් පමනි දුටුවේ ඇද මතදි එදා නැතිවත නෙතින් දුටුවේ වැටි කදුලු මෙදා හිතකින් නොවේ ආවේ නුබ සමග බදා එදිනෙන් පසුව දුකමයි මට ඉතිරි සදා ලන්සුව තබන මත් බබරෙකු පැමිනීලා කාසිය තැබුවා අත කිසිවක් නොඅසාලා පහසට පමනි හිත ඔහුගේ පැහැදීලා පෙති පොඩි කලා මල මත ඔහු ගුලිවීලා සුව කරගන්න මා ආදර ප්‍රිය සැමියා කවුරුත් නොකෙරුවේ පිහිටකි වී දෙවියා බන කිය කියා නාගයා නිති හැව අරියා බේරෙනු කෙලස මා අසරන වී ඉදියා ගැහැනිය අසරනයි හිතමිතු නොමැති විට සරනක් අවැසි මයි කාගෙත් ප්‍රිය ලෙ සට විසුමක් නොමැත කවුරුන් හෝ නැති විලට ගොදුරක් වෙන හැඩයි කාගෙත් උගුල කට
Sewwandi Perera 5 years ago 262 3 4
දහස් වර නුබ ගැන ලියන්නට මාත් පෑනක් ගන්නැතී ගැහෙන හදවත මෙල්ල කරගෙන හිතින් පද අමුනනැතී අරමුනක් මත ලියුම ගලපා තිතට ගන්නට බැරුවැතී ගියපු නුබ යලි එන්නේ කවදද් අම්මේ මම මුමුනන්නැතී ගැහැට අපමන පිරුනු කොටුවුන බිත්ති අතරට මැදි වෙලා ගෙවන ජීවිත උහුලනා දුක දෙයියොවත් නැත එය බලා කාසි මලු කර එවන හැම දින සතුට ඇති බව හිත බලා ලැබුව සතුටක් නොමැත සැනසුම් කදුලු පමනක් මුසු විලා ගියත් ගම රට බැහැර දුරකට අම්මේ නුබ කල් යල් බලා ගත්ත දිනනම් බොහොම වැඩි බව ඊයේ මල්ලිත් සැල කලා අප්පු නැති ගෙට ලොක්කා නුබමයි කිව දිනයක් සිහි වෙලා දෑස් අග පොඩි කදුලු ගැලුවා අම්මේ මට නුබ සිහි විලා කාසී කුමටද සතුට නැති තැන විදවනා හිත් පෑරිලා ගැබුරු පපුවේ යටම ඇත නුබේ ප්‍රේම වදනින හෑරිලා අම්මේ නුබ අපේ සතුට වෙනුවෙන් රුහිරු හෙලුවද වැහැරිලා නුබේ සැප දුක නොදැන තනි උන මගේ හිත දැන් සීරිලා
ශශී❤️? 5 years ago 284 3 4
අහම්බෙන් මුන ගැසුනු සිත ලගින් නතර වුනු යෙහෙලියයි නුබ සොයුරියයි නුබ... හැම නිතර කියවාපු නුබෙ කතා දුර ගිහින් දුක මැදින් හිනාවුනු සිනාවන් නැත ඉතින්... හැකි නොවේ ඉවසන්න ඉක්මනින් නුබ එන්න යෙහෙලියක් බලන් ඇති නුබෙ දුකට හඩන්නට... මගෙත් ආයුශ අරන් ඉතින් නුබ හිනැහෙන්න මගෙ පුන්චි නැගනියේ ඉක්මනින් සුව වෙන්න... ??? ආදර ශශී අක්කි
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps