Sewwandi Perera 5 years ago 311 3 4
තිසරුන් පමනි දුටුවේ ඇද මතදි එදා
නැතිවත නෙතින් දුටුවේ වැටි කදුලු මෙදා
හිතකින් නොවේ ආවේ නුබ සමග බදා
එදිනෙන් පසුව දුකමයි මට ඉතිරි සදා
ලන්සුව තබන මත් බබරෙකු පැමිනීලා
කාසිය තැබුවා අත කිසිවක් නොඅසාලා
පහසට පමනි හිත ඔහුගේ පැහැදීලා
පෙති පොඩි කලා මල මත ඔහු ගුලිවීලා
සුව කරගන්න මා ආදර ප්‍රිය සැමියා
කවුරුත් නොකෙරුවේ පිහිටකි වී දෙවියා
බන කිය කියා නාගයා නිති හැව අරියා
බේරෙනු කෙලස මා අසරන වී ඉදියා
ගැහැනිය අසරනයි හිතමිතු නොමැති විට
සරනක් අවැසි මයි කාගෙත් ප්‍රිය ලෙ
සට
විසුමක් නොමැත කවුරුන් හෝ නැති විලට
ගොදුරක් වෙන හැඩයි කාගෙත් උගුල
කට
Deesha(දීෂා)❤️ 5 years ago ම්ම්ම් ඇත්තමයි වටිනා නිසදැසක් පද ගැලපුම ලස්සනයි
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ❤❤❤✍
ශශී❤️? 5 years ago ගොඩක්ම ලස්සනයි වටින අදහසක්.❤️
Sewwandi Perera 5 years ago ස්තූතී හුගක් ???