Deesha(දීෂා)❤️ 5 years ago 323 3 4

Nisadas Image

මා රකින්නට මා දිනන්නට නුඹයි වෙහෙසුනෙ ජීවිතේ ❤️

වසාගෙන මම නුඹේ රුව සිත
හඬ හඬා දුක කිය කියා
දහස් වරකුත් මැරී ඉපදී
තවත් හදවත ගැහෙනවා
සිතේ පුළුටට නුඹේ සුවඳම
තවත් හද මා සොයනවා
නීල නෙත් ළඟ නුඹේ ඔය රුව
පෙනෙනතුරු දින ගනිනවා....

පිදූ සෙනෙහස් සමරු අතරට
කඳුළු කැට බර වැඩි නිසා
සඟවන්න මම හිනැහුනා දුක්
කඳුළු ඇස් යට රඳවලා
කිසිඳු දිනයක නොරිදවා සිත
මා සුරැකි නුඹෙ පෙම නිසා
අද ඉන්නවා ලොවක් තුළ මා
නුඹේ සවියෙන් නැගිටලා....

යදම් බැඳි මේ සිරකුටියෙ හිඳ
ඈත අහසේ මායිමේ
මවා නුඹෙ රුව ඉකිබිඳිමි මම
අදත් මහ රෑ තුන් යමේ
මා රකින්නට මා දිනන්නට
නුඹයි වෙහෙසුනෙ ජීවිතේ
හුස්ම ගන්නට තව වරක් මට
එන්න නෙත් මානෙට මගේ....

Comments (4)

චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ?❤❤❤❤

Deesha(දීෂා)❤️ 5 years ago ? Thanks

ශශී❤️? 5 years ago අනේ ? ලස්සනයි ?

Deesha(දීෂා)❤️ 5 years ago ? Thanks akki





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps