Tharindu Rukshan 5 years ago 299 3 7
කදුලු නැතිලු මේ පිරිමි ඇස් යට.... රළු හිතත් උනු වෙනව දවසක.... ලොවට නොපෙනෙන පිරිමි හිත ලඟ.... කදුලු ඇත සාගරේ විලසට.... පිරිමි හිත හදුනනා ගැහැනිය.... රැක ගනි ඔහු ලොවක් විලසට.... එහෙවු ගැහැනිය මගේ මව විය.... ජීවිතේ දුන් දේවතාවිය.... දිනක මා හා පෙමෙන් වෙලෙනා.... සිතේ කදුලට සිනහ ගෙනෙනා.... තව කතක් ඇත ලගම රැදෙනා.... ඇයයි මාගෙ බිරිඳ සැමදා.... රුක්ෂාන්... වැරදි දෙයක් ලියුවනම් සමාවෙන්ඩ ඒත් හිතට දැණුනු දෙයක් මේ ලියුවෙ. පිරිමියෙකුට දුකක් දැනෙන් නැත්තේ නෑ දැනෙනව. ඒත් ගොඩක් වෙලාවට ඇස් දෙකෙන් කදුලු එලියට දාල දුක පෙන්නන්නේ නෑ. තනියම හිතින් අඩල තනියම දුක නිවා ගන්නව. ඒත් මේ ලෝකෙ පිරිමියාව තේරුම් ගන්ඩ දෙන්නෙක් ඉන්නව ඒ එක්කෙනෙක් අපිට ජීවිතේ දුන්නු අම්මා. අපි කොච්චර ලොකු උනත් අපේ දුක අම්මට තේරෙනව. අපිත් මොන වයසක හිටියත් දුකක් දැනුනාම අම්මා ලගට යන්නේ ඒ නිසයි. අනිත් කෙනා අපේ ජීවිතේ ලස්සනට හරි ගස්සන බිරිඳ. හැබැයි ස්වාමියාට ආදරේ බිරිඳ ගැන මම කීවෙ. එහෙම බිරිඳක් කියන්නේ ස්වාමියාට වාසනාවක්. අම්මාගෙන් පස්සෙ පිරිමි හිතක් තේරුම් ගන්ඩ පුලුවන් එකම කෙනා. අවන්ක බිරඳයි.
Nawodya Dissanayake 5 years ago 228 4 6
විටෙක දෙමාපියන් විලසින්...... විටෙක සහෝදරයින් ලෙසින්....... සැපෙත් දුකෙත් ලගම ඉදිමින්... සිටියෙ මා මිතුරන් සැම ලෙසින්...
Nawodya Dissanayake 5 years ago 251 4 6
හිතට දැනෙන දුක් කරදර නිමක් නැතිවෙලා.... විටෙක සිතෙනවා ලොව අත්හැර යන්න මැකීලා ....... සියලු දුක් බුදුන් වෙත ගොස් වැද වැටී කියාලා ..... සමාවෙන්න බෝ පතකට කදුලු වැටීලා.......
චතුරංගි හර්ශිකා 5 years ago 269 4 4
ප්‍රේමයට ඉඩක් යළිත් නොදෙමි යි මම මටම ගිවිසා ගත් නමුදු ඔය නෙත් අතර හිරවෙන මොහොතකට හදවත නුඹට කවි ලියයි සිතුවිලි පවුරු බිද... ආසයි හුදෙකලා හීන තුළම ලොවට රහසින් ජීවත් වෙන්න නමුත් නුඹ දෙනෙත් දකින මොහොතේ හිත දුවයි නුඹේ වත සොයන්නට... ආසයි ප්‍රේමයෙන් වෙන් වී සදාකාලික තනිකමක රස තනිව විදිමින් තනිව සොයමින් හුදෙකලාවට පෙම් බඳින්නට... නමුත් ඔය දෙනෙත් මා වෙතට මානන සෑම මොහොතකම ආසයි නවතින්න ඔය හිත මත සිතුවිල්ලක් ව සදාකාලිකවම... ප්‍රේමය කටුකයි රළුයි මම සිතුවද නුඹ දුටු සෑම මොහොතකම ආසයි වෙන් වෙනවා නම් ඔය හිතේ ඉඩක් මා වෙනුවෙන් ම... අන්සතු බව හැගෙනකොට සිත හොරෙන් ඉකි බින්දට අහිමි අපූරු සෙනෙහසක් පූදින හැඩයි නුඹ වෙනුවෙන් අනවසරයෙන් මා තුලම... නුඹට වෙන්වූ නුඹට පේවූ පෙම්වතියක් ඇතැයි සිතුනත් තනි හිතට ආසයි නුඹ ගැනම සිතන්නට බල කරන මගෙ දේදුනු පාට හිතුවක්කාර සිතුවිල්ලට... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 276 4 5
°°°°අවාරයේ ප්‍රේමයක් ද?°°°° අකීකරුයි දැන් දැන් මගේ ළග උන් හිතත් මට... ආසයි ආයෙත් වරක් ආගන්තුක දෑස් දකින්නට... මගෙම නොවුණත් මම හිතින් මගේම කරගත්ත... අවාරයේ ආදරයක් උපදින හැඩයි කවිකාර හිත් යාය තුළම... ප්‍රේමයට ඉඩක් නැතැයි කී මගෙ හිත මටත් රහසෙම... නුඹට පෙම් කරනවාදෝයි සැකයි දැන් දැන් මට ම... ඒ පෙමක් නොවේමැයි හිත මට දිවුරා පැවසුවද... නුඹවම හොයන හැගීමට කුමක් ද මම දෙන නම...? මම, චතූ
Tharindu Rukshan 5 years ago 261 4 5
නුබත් එක්ක සෙල්ලම් කල කාලය.... මතක් උනා මට අද මෙන් නැගණිය.... අපිටත් නොදැනිම කාලය ගත විය.... නුබත් මාත් දැන් පිපි කුසුමන් මය.... සිත් තුල පෙම් මල් විකසිත වී ඇත.... නැගණිය වූ නුබ මට සොදුරිය අද.... රන් හුයකින් අපේ දෑගිලි පටලා.... සසර ගමන එකටම යමු සොදුරිය....
Nawodya Dissanayake 5 years ago 232 3 4
නොකියූ පෙමක් ඇත මා හද සිර වීලා...... පමා වැඩි අද ඔහු සැමියෙකු වීලා...... පිනක් නොමැත මා හද දැන් වැලපෙනවා... ලබන භවේ මගෙ වේවා පතමි මෙමා.....
චතුරංගි හර්ශිකා 5 years ago 254 3 6
දෙසැම්බරයේ හමන සීතල සුළඟ හිතට ගොඩ ගහගෙන ආ මතක කවිය කදුළු පිරවූ පොතක ලියනු වස් අදුරු මුල්ලක් සොයා යමි තනිව... ග්‍රීස්මයට හිරු ගිනි ගන්න දහවලට ගස් මල් පවා පිච්චී හඩන දහවලේ ගිනියමට සුව සදන සීතල අරන් ඇවිත් රෑ පුර හඳ... ජීවිතේ නෙක පැතුම් අතරේ හොයන මටත් අහිමි වූ පුදුමාකාර මම ගැන මමත් නොදන්නා කවියක් ලියමි මම මේ තමයි අවුරුද්දේ අවසාන මාසය... අපි අපෙන් වෙන් වී ගියපු මග අට මසක් පිරෙන හෙට දිනයට හිතුමතේ කතා කරන මගෙ හිතට මමත් කිව්වා හිටපන් ඔහොම ඉවසගෙන... ජීවිතේ හරි පුදුම කතාවක එක පිටුවක මටත් හිමි නොවූ කවක් ලිවුවා තනිව මම අදහන්නට නොහැකි තරමටම මේ මටම හැම පදයක්ම ලියා තිබුණේ මම ඇදට... එළිසමය හෝ පද ගැළපීමක් නැතිව අකුරෙන් අකුර මම වැරදියට ලිව්ව මගේ නෑඹුල් ප්‍රථම පුදුම කවිය හරි ගැඹුරට හිතේ නම් ලියැවිලා තවම... දුන්නු ගින්දරට පිච්චිලා ගියපු හිත යට අළු අතර හිනාවෙන සුදු පාට පිටු කෑලිවල අරුම ප්‍රේමයක් ලියැවී තිබුණු බව දන්නවද ඒ සෙල්ලක්කාර ආදරේට තවම ආදරෙයි මම... හීන විසිරුවා දමන සිතුවිලි සුළගත් එක්ක හැකි නම් මටත් පාවී දුරක් එන්න නුඹට රහසින් නුඹේ කුටිය අද්දර නැවතී සොරා ගනිමි මගෙන් උදුරා ගත් හදවත... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 295 3 9
ජීවිතේ මෙතෙක් ආ ගමනේ මතකය තනපු... හිත් යායම මිතුරු හිනාවෙන් හැඩ කරපු... ලස්සනම කවිකමක් වෙලා හිත නිවපු... සොඳුරු මිතුරුකම් තිබුණා අතීතයේ හිත සනසාපු... ඒ අතරේ, මතකත් එක්කම අකීකරු හිතට ගොඩ ගහපු... කවිකාර සිතුවිලි යළි යළිත් මරපු... සමහර කලු සුදු හීනත් තිබුණා හිත පුරවපු... අදටත් යළි යළිත් හිත මෙන්ම නෙතත් රිද්දපු... මම, චතූ
චතු ගුණසේකර ? 5 years ago 285 3 9
ඇලඩින් උනොත් මං පහන පිරිමැද වරුවක් ඉල්ලන්නෙ එක දෙයක් මං පලස මත නැගෙන්න මොහොතක්... °°°°°°°°° ඉර, බහින හෝරාව ලංව ගොස් අසමි මම එක දෙයක් ඔහුගෙන් මෙදා නත්තලට වත් නොලියමිද කවි පෙමක් ... -චතූ- 1/12/2020
ශශී❤️? 5 years ago 275 5 7
සීතල සුලග මගෙ දෙසවන් සිබිනකොට සුන්දර නිල් පලස මත පය රැදෙනකොට දසතින් ගලන මීදුම නෙත වෙලනකොට මුලු ගම සුරපුරක් ලෙස නිති දැනෙයි මට ඉපනැලි පෙමින් ඒ මේ අත වැනෙනකොට සියොතුන් පෙමින් පෙම් මදු ගී ගයනකොට ඇල දොල නිතර සිලි සිලි හඩ නගනකොට මගෙ මුලු ගමම සුන්දර යැයි හැගෙයි මට ඈතින් නැගෙන හිරු මල කදු සිබිනකොට අරුනලු කිරණ මගෙ මුලු ගත වෙලනකොට මානෙල් නෙලුම් හිරු එලියේ දිලෙනකොට ගම්මානයම සිරියාවෙන් උදම් විය ශශී
thanya priyadarshana 5 years ago 210 5 8
අවසන්ම දිනය අද, මා උඹට සින්න වෙන..., ඉතින් අපි වෙන්ව යමු, තවත් හෝරා කීපෙකින්, ඉනික්බිති අවසරයි.., නුඹේ මතකේ කිමිදෙන්න, ඈට නතුවෙන්න පෙර, උඹේ අන්තිම හුස්ම, මට දියන් විඳ ගන්න... දයාබර ඉල් මහ, උඳුවපේ මනාලිය, සැරසිලා කල් ඇතිව..... ....තාන්යා.... ----30/11/2020----
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps