1,804 Total Nisadas Found





චතුරංගි හර්ශිකා 5 years ago 236 4 4

Nisadas Image

නොකියා ආවෙමි

දනින් වැටී ගණ දෙවියන්
අභියස...
මම කියන්නට ගියා ඔබ යළිත්
නේන බව...
පැතුම් ගොන්නක් පතාගෙන වැසූ
දෙනයන...
අගින් වැටුණා කදුලක් මටත්
නොදැනිම...

පතිනි දෙවොලක හඩා වැලපී
කුමට...
කෝවලන් කන්නගිය හැර දමා ගියා
නොවෙද...
දේව පුරාණයක් නොවෙයි අපි ලියූ
කතාව...
නේන නුඹ ගැන දෙවි දේවතාවුන්
කුමක් කරන්නද...

කෝවිලේ නිරන්තර නෙත ගැටී
හමුවුණ...
ගණ දෙවියන් මිතුරු සිනහවකින්
හිදී තව...
කියන්නට හිතයි නුඹ ගැන මුළු
කතාවම...
අයිතියක් නෑ නුඹට මෙහෙම
ඈතකට යන්න...

මෙලෙස හඩා වැලපී දෙවියන්
අභියස...
නුඹ ම ඉල්ලා කුමකටදැයි හිතෙයි
මට...
පෙම් කළ කාලි අම්මාත්
අතහැර...
ස්කන්ධ දෙවියෝත් වෙනතක
බැඳුනා නොවෙද...

කෝවිලේ මිහිරි සීනු නද මැදින්
එන...
නේක සුවදින් හිත ඇදෙයි මතක
විනිවිද...
දෙවියන්ට නුඹ ගැන කියන්නට සිතා ආවමුත් මෙහෙට...
කිසිවක් ම නොකියා නැවත ආපසු හැරුණෙමි මම...

මම,
චතූ

චතුරංගි හර්ශිකා 5 years ago 291 4 4

Nisadas Image

පළමු කවියා නෙවෙයි මම එය කරපු

සෙයිලමේ ඉතිරි කරපු
මතක එක්කම හිතට ගොඩ ගහපු
අතීතයත් මුහුදු රළක් ලු
හිත් වෙරළෙ වැලි මාලිගා ආයෙත් බිදියිලු

යෞවනය ගෙනා හීනවල ඇහිදපු
ලස්සනම මතක කවි කදුළු
නෙතට එන්නෙ හෙමිහිටලු
හදා ගත්තු හිතටත් හොර රහසෙලු

කාලෙන් කාලෙට ඇවිත් ගියපු
සුළග කවදත් එක වගෙයිලු
මතක එක්ක අහසට දුවපු
මගෙ හිතත් ඒ තරම් ම සෙල්ලක්කාරයිලු

උපදින්නත් පෙරම වියැකුණු
මියැදුන සකුණ විජිතය හරි සොඳුරුයි ලු
කුරුල්ලා නාවත් එදා මවපු
හීනත් එක්ක කිරිල්ලි ඊයෙත් හිනාවුණාලු

නෙත් සිත් පුදුම කරපු
අනවසර ප්‍රේමයක බැදුනේ රහසින් ලු
අපිත් අමුතුම කවියක් ලු
නොගැළපෙන පද දෙකක් වගේ ලු

ලෝකෙම එපා කියපු
නොගැළපෙන පද දෙකක් එක ළග ලියපු
අමුතුම කවියක් ගොතපු
පළමු කවියා නෙවෙයි මම එය කරපු

මම,
චතූ







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps