චතුරංගි හර්ශිකා 5 years ago 263 3 7
මමත් වෙන්නද පන්හිඳක් හෙට දනන් දහසක් රිදුම් හදුනන මමත් වෙන්නද කවි පොතක් හෙට නේක කවි හිත් හොයාගෙන යන මමත් වෙන්නද පද වැලක් හෙට කවි කිවිදියන් හදින් නැවතුණ රිදුම් ලතැවුල් දරා ගන්නද ලොවට රහසින් මගේ හිත යට සිනහ මුතු වැල් ලොවට දෙන්නද සනසන්න මේ සොඳුරු ලෝ ගැබ කවක් ලියනුව මගේ හිත මත මටත් ආසයි පොතක් වෙන්නට මම, චතූ 2020 නොවැම්බර් මස 18 වැනි දා ප.ව. 12.22
චතු ගුණසේකර ? 5 years ago 289 3 6
එයා :කොහොමද ? මම : හොදයි,ඔයාට කොහොමද ? එයා : මමත් හොදින් මැණික. මම : ඒ මැණික ,ඔයාගෙ රන් ආභරණයක ගිලිහුනු ගිලිහුනු මැණිකක් වෙලා නේද? එයා : මම ,ඒ ගිලිහුණු මැණික දිලෙන හැටි පැත්තකට වෙලා බලන් ඉන්නවා මම : හැමදාම ඔහොම ඉන්නද කල්පනාව එයා : ම්ම්ම්..ඒ කියන්නේ තාමත් ආදරේද? මම : දෙයක් අහන්නද? පරවුනත් පිච්ච මල් වල සුවද නැතිවෙනවද? එයා :දැන් ඔයාද පරවුන පිච්ච මල? (ඒ ආදරය තාම එහෙමම නම්❤️) -චතූ- 17/11/2020
චතුරංගි හර්ශිකා 5 years ago 266 3 4
ලේ කිරට නොහැරුණත් මහ මෙරක් ආදරය හිත පුරා පුරවාපු නුඹයි මහ සාගරය... දහස් නෙත් පිය වසා සැතපෙනා රාත්‍රිය නෙතට නින්දක් නොලද නුඹ තමයි පුරා හඳ... කදුළු පිණි වැටෙනකොට හදින් පමණක් හැඩුව කටුක රළු දිවි මගට නුඹ වුණා පොද වැස්ස... අකාලික පැතුම් මල් තනි තනිව මියෙන කල නුඹ තමයි ජීවිතේ හයිය මහ නිල් අහස... මම, චතූ 2020 නොවැම්බර් මස 18 වැනි දා ප.ව. 12.7
චතුරංගි හර්ශිකා 5 years ago 257 3 4
බමන මතින් ගොරසැඩි වදනින් අමතා... ඇදෙන විටදි හැන්දෑවට ගෙදර පියා... පුංචි නංගි දෙනෙතේ කදුලක් පුරවා... තුරුළු වුණේ මවගේ ළමැදට දුවලා... ගෙදර මුට්ටි හැලි වළනුත් පොලවෙ ගසා... මිහිපිට අපායක් මැව්වා ගෙදර එයා... කම්මුල් පුරාවට නිල් පැහැ ලකුණු තියා... ලෝකෙට හොර රහසේ හැඩුවා අපෙ අම්මා... ජීවිත බුදින මත් වෙන වතුරෙන් යටවී... පැල් කොටයට ගිනි ගත්තා හිත් පොඩිවී... උයාගත්ත බත් පත කන්නට බැරි වී... කුස ගින්නට කදුලැලි බිව්වා ගුලිවී... පහුගිය දිනෙක පොඩි නංගිගෙ ඉස්කෝලේ... ටීචර් අම්මාට එන්නට කිව්ව වෙලේ... අම්මට කොපි පොතක් ඈ දුන්නලු රහසේ... තාත්තෙක් නැතැයි රචනාවේ තිබුණේ... ඊටත් පහල පේලිය දෙක පුරාවට... සිතුවම් කර තිබුණා ඈ දිග අතට... රෝස පාට මල් ඉහිරුණු මාවතක... අම්මයි මමයි නංගියි හිටියා යසට... මම, චතූ 2020 නොවැම්බර් මස 18 වැනි දා පෙ.ව.1.14
චතුරංගි හර්ශිකා 5 years ago 268 3 4
කියන්නට මට හිතේ ගින්දර කවුරුවත් නෑ නංගියේ... නුඹේ කුස ගිනි නිවන්නට මට කාසි නෑ මගෙ පැංචියේ... හිසට වහලක් තනන්නට මට දහිරි නෑ මගෙ සොයුරියේ... නුඹට අම්මෙක් හොයන්නට මට තැනක් නෑ පොඩි බිළිඳියේ... ප්‍රේමයට ලේ කිරි වෙතැයි මම අහලා තිබුණා හිච්චියේ... හිතේ උතුරන සෙනෙහෙ කන්දට කිරි එරුණෙ නෑ නංගියේ... පුංචි දෑසින් බලා මා දෙස සිනා නොමසෙන් ළදැරියේ... පපුව පිච්චෙයි අහිංසක ඇස් දකිනකොට මගෙ පොඩ්ඩියේ... හවස් යාමේ සෙයිලමට ගොස් අත පෑවමුත් සිගමනේ... ලැබුණු සොච්චම උඹේ කුසගිනි නිවන්නට මදි වූ පැයේ... හෙටට උපදින අලුත් දවසට හීන ඇහිඳින නුඹෙ නෙතේ... කදුළු බිදුවක් දකින්නට මට හයිය නෑ මගෙ නංගියේ... තුරුළු කරගෙන නුඹව පපුවට හීන මියැදෙන ජීවිතේ... බලා ඉන්නම් හෙටක් නැති මේ පාළු මූසල වීදියේ... මම, චතූ 2020 නොවැම්බර් මස 17 වැනි දා ප.ව. 8.41
චතු ගුණසේකර ? 5 years ago 241 3 4
ප්‍රේමය නම් රාගයෙන් තොර සද එලිය සේ සුරම්‍ය යි (උපුටා ගැනීමකි )
Tharani udeshika 5 years ago 242 3 4
මේ චුරු චුරු ගගා වහින වැස්ස මතක් කරන්නෙම නුඹව නුඹෙයි මගෙයි මතක එක පේලියට ගලාගෙන එද්දී .... නුඹ එයත් එක්ක සතුටින් කියලා මං කොහොම ඉන්නද නුඹවත් පොඩ්ඩක් කියාපංකො වැස්සට.... වහිනවා නම් දෝරෙ යන්නම වහින්න කියලා නුඹෙයි මගෙයි මතක හේදිලාම යන්න. *තරී* ?
චතු ගුණසේකර ? 5 years ago 254 3 7
සිත : යමන් මනස: කොහෙද සිත : රැල්ලට මනස : මම රැල්ලට බර වැඩි බෙල්ලෙක් සිත : වෙරලෙ තනියෙන් ඉන්නද කල්පනාව මනස : රැල්ලත් එක්ක දුවලා ආය වෙරලට ඇවිත් හති දානවට වඩා ඉන්න එක හොදයි සිත : මිනිස්සු ඔක්කොම දුවනවනෙ මනස :ඔක්කොම රැල්ලට යනවා කියලා අපි යන්නම ඕනෙද? ( ප්‍රශ්නක්: ඔක්කොම රැල්ලට යනකොට අපිත් යන්නම ඕනෙද? -චතු- පෙ:ව 8.00 අගහරුවාදාවක
Rasika Maduwanthi 5 years ago 346 3 5
ඉන්නම් ඔබ එක්ක මට පුලුවන් හැම මොහොතකම ආදරේ කරන්නම් මන් ඔබට මට පුලුවන් තරමටම රැකගන්නම් ඔබව මට පුලුවන් උපරිමයෙන්ම... මදූ ✍ 2020.11.16 10.47 ප.ව
චතුරංගි හර්ශිකා 5 years ago 266 5 7
දහසක් දෙනා යනෙනා මග නිසොල්මනේ... සහසක් දෙනෙත් එකිනෙක ගැටෙනා ගමනේ... අහසක් තරම් ආදරයක් ඉතුරු වුණේ... රහසක් වෙලා සැගවුණු නුඹ වෙනුවෙන් නේ... දවසක් ඒවි පූදින මල් මියෙන ලොවේ... තව සක් පිඹියි එක් වූවන් හට මෙලොවේ... සනසන් නැතුව හිත රිදවා ගියපු නුඹේ... පවනක් වගේ මතකය හා බැඳෙමි ප්‍රියේ... හිසකෙස් ශ්වේත වර්ණිත පැහැ දරන තුරා... තනිකඩ හීන තුළ ජීවත් වෙමිය මෙමා... එදිනත් ප්‍රථම ප්‍රේමය නුඹ සිහි කරලා... සුවඳක් සොයා ඇවිදිමි පෙම් මතක පුරා... මම, චතූ
චතු ගුණසේකර ? 5 years ago 272 5 9
ඒ පන්හිද මම නම්, මගේ අතින් ලියූ කවිය නුඹ වෙමි.... ඒ වචන පද නුඹ නම්, සිතුවිලි සොරා ගත් යටිහිතද නුඹ වෙමි..... පුරහද රැයක සොදුරු අහස නුඹ නම්, කවියොන්ට පද එක්කල සොදුරුතමයද නුඹ වෙමි.... අමාවක සද යට කඩා හැලෙන තනි තරුව නුඹ නම්, ප්‍රාර්ථනාවන් ගයන්නට ඉඩක් දුන් ඉන්ද්රජාලියාද නුඹ වෙමි.... සෙනෙහස ප්‍රේමය මායවක් වුනි නම්, ඒ මායකරුද නුඹ වෙමි... මතක එක්කම හීන මැවු මසිත තිවුනි නම්, හීන යට සැගවුන ආගන්තුකයද නුඹ වෙමි..... චතූ 13/11/2020 ප:ව:7.00ට
චතුරංගි හර්ශිකා 5 years ago 250 4 5
මල් ගොමුව පුරාවට මුදු පින්න හැලුනාම... නෙත් බඹරු හිත් පුරා රොන් ගන්න ආවාම... අකීකරු සිතුවිල්ල පෙම් ගීත ගැයුවාම... නෑඹුල් ම ආදරේ සුවඳ දැනුනා දිනෙක... වස්සාන ගීතිකා අරන් නළ හැමුවාම... හිතෙන් හිත යා කරන් ආදරේ මැවුණාම... අහිංසක හීනවල හීනියට කවි ලිව්ව... යෞවනය දොරකඩින් නැගුණි පෙම් සිනා හඬ... හුරු පුරුදු මදහසක නෙත් ගිහින් රැදුනාම... ඒ හිනා වත පුරා පෙම් පාට පිරුණාම... හුදෙකලා හිත ඉතින් හදාගෙන උන්නාට... හිතෙනවා ළං වෙන්න තාරුකා ඇස් දෙකට... මම -චතූ
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps