චතුරංගි හර්ශිකා 5 years ago 356 5 6
මතක මන්දිර මවා නිල් ගැබ පැතුම් අතරේ රැදී ඔය වත අරුණ රැස් කිරණක් වගේ හිත නිවා සනසන සොඳුරු මතකය... හදට ළං කර තබා ගත්තෙමි ප්‍රේමයේ සිහසුනයි නුඹ මට නුවන් අග ලියැවුණු සිනාවට හරි මනාපයි තාම මගෙ හිත... වැස්ස අරගෙන වලාකුළු පොදි ගුවන විසිරී හඩ නගන විට අක්බාර් පාලම අසල මම අකුණු කොටනා කලු අහස යට... වීදියේ නෙක පහන් කණු වල මලානික එළි දැල්වෙනා විට හැන්දෑව අරගෙන නබෝ ගැබ බැස ගියා හුරු පුරුදු ඉර මල... මතක අහසේ ඈත දුරකට රොබරෝසියා මල් සුවඳ මැද වසර ගණනක් පුරාවට අප ඇන්ද සිතුවම් මැවේ හිත මත... දෑත් පටලා බැඳී එක මග ඇවිද ගිය සරසවි බිමේ අද පෙම්වතුන් යුවළක් ඈත ඉම මැවී නෙතගට ගෙනෙයි පිණි කැට... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 256 5 6
කිසිදා වෙන් නොවෙමියි ගිවිසා ගත් බොහෝ බැදීම් කාලයේ නිම්න අතරේ මං මුලා වූ අරුමය නොදනිමි... හදවතින් තදින් අල්වා ගිලිහෙන්න නොදී මම මගේ යැයි කියාගත් බොහෝ දෑ අහිමි වුණි... මම ප්‍රේම කළා වූ මට ප්‍රේම කළා වූ හැමදේම නෙත් ඉමෙන් බොද වෙලා දුර ඇදුනි... අතිර සසරේ හිතට කදුළු වැටුණා ඇතිය මට මිදෙන්නට දෙන්න දුක පිරුණු ලෝකයෙන්... සදහටම ඇස් පියන් වසා ගන කළුවරක පුළුන් රැල්ලක් වෙලා පාවෙන්න අවැසි මට... හිත පිරුණු බර සියළු කොහෙන් හෝ තියා හැර සාමදානෙන් දෙනෙත් පියා ගන්නට හැකි ද...? මම, චතූ 2020 නොවැම්බර් මස 10 වැනි දා ප.ව.3.42
චතුරංගි හර්ශිකා 5 years ago 261 5 6
??? -පාට ගෑ අපේ පෙම-??? දකිනු රිසියෙන් නුඹව දෑස් ඇවිටිලි කරයි හොයනු රිසියෙන් නුඹව මහද කරදර කරයි... අකීකරු පෙම් පුවත යළි යළිත් පණ ගැහෙයි කවිකාර නිල් අහස තාම තරුණයි හැඩයි... කෙකටියා පදුරකට මල් පොකුර පෙම් කරයි ගග දියේ ගලාගෙන ගල් බොරලු ඇදී එයි... සුදු පාට කිරි පැහැති ගලක් රළ මත හැපෙයි පෙරැළි කරමින් ගගේ මල් වදුළු මැද රැදෙයි... කෙකටියා මල් පොකුර පරව මියැදී වැටෙයි සුදෝ සුදු ගල් කැටය මියැදි මල සිප ගනියි... දිනෙක නුඹ අසරණව ආවොතින් ඒ වගේ ආදරෙන් වැළද ගමි මියැදි මල් පොකුර සේ... ඒ තරම් හිත් ඉවුරෙ සෙනෙහසක් තව තිබේ පාට ගෑ කොළ පුරා ඒ සෙනෙහෙ තැවරුවේ... මගේ සිතුවම් අතර නුඹ මැවී නැවතුණේ පාට ගෑ අපේ පෙම තාම සොඳුරුයි හිතේ... මම, චතූ✍ 2020 නොවැම්බර් මස 10 වැනි දා පෙ.ව.10.47
චතුරංගි හර්ශිකා 5 years ago 246 5 5
පද නොගැළපුණු කවක එක පේලියක් ඔබත් හිත පුරාවට දුවන සිතුවිලි රටා මවන්... නිරන්තර හිත් මලට පිණි වැස්ස වී ඇවිත් මතක පාරා යළිත් හද මලට ගතු කියත්... වසත් ඉර මල යටින් උදෑසන අරන් විත් මද පවන සමග මුසු නුඹෙ සුවඳ දවයි සිත්... හදවත් ඉමේ නැවත පූදින්න කැකුළු මල් මම ආදරෙයි තවම නුඹ සොඳුරු කතාවක්... ඉල් මහට පිණි වැස්ස ඇද වැටෙන සැදෑවක් මතක මැව්වේ නුඹව හිත පුරා යළි යළිත්... කලු කෝපි සුවඳ හා මුසුව යළි වතාවක් අවන්හල පුරාවට මතක සුව සිනාවක්... මම, චතූ 2020 නොවැම්බර් මස 10 වැනි දා පෙ.ව. 8.21
චතුරංගි හර්ශිකා 5 years ago 250 4 5
නුඹව මට මග හැරුණු ජීවිතේ මංසලක මම තාම මතක සුව යළි යළිත් විඳිනවා... සදහටම වෙන් වෙන්න දෛවය උරුම කරපු මගෙ ප්‍රථම ප්‍රේමයට තවම පෙම් කරනවා... නොදැනෙන්න නොරිදෙන්න කදුළු නෙත් තෙමනකොට රහසේම මම නුඹව යළි යළිත් මවනවා... ආදරේ පූජාව දෙවොළ මත තබන්නට අහිමි දෙව් රුව සොයා හිත ගොළුව ඉන්නවා... කදුලින්ම දිය කරපු සායමට පණ පොවා නුඹව යළි යළිත් මම සිතුවමට නගනවා... අකාලේ මිය ඇදුණු මගෙ ප්‍රේම පුරාවත පින්සලය පැන්සලය දැන් හොඳින් දන්නවා... මම, චතූ 2020 නොවැම්බර් මස 10 වැනි දා පෙ.ව.8.00
චතුරංගි හර්ශිකා 5 years ago 308 4 5
නොනවතින වැහි කෝඩ පොළොව සිප ගන්නකොට වැහි හුළං සීතලට කෙස් කැරලි සිඹිනකොට... දෑත පටලා පුරුදු මාවතේ අපි දිගට මතකයිද දිව ගියා නිකිණි මහ වැස්ස යට... අකුණු සැර හරි තදට කහපාට මවනකොට නිල් ගුවන කළු පාට සළු දරා ඉන්නකොට... ගෙරවිල්ල සවන් පෙති පාරමින් හඩනකොට මතකයිද මගෙ සවන් වැසුවෙ ඔබ වැස්ස යට... එකම කුඩයක තෙමී නොතෙමෙන්න හදනකොට නොදැනීම වැහි බින්දු දෙතොල් සිප ගන්නකොට... අදුරු මල් මාවතේ තුරු සෙවණ යට රැදී මතකයිද නිල් නුවන් කී කවිය රහසින්ම... සිව් වසර පුරාවට අපි ලිව්ව කතාවට සොඳුරු සීතල වැස්ස මතකයක් හිතේ යට... නිකිණි මහ බද වැස්ස වහින හැම මොහොතකම දන්නවද වැහි බින්දු කිව්වෙ මට නුඹ ගැනම... අපි අපට අහිමි වූ අපි අපෙන් මග හැරුණු අතීතය අද පවා සුවඳ මතකයක් ම ය... මම, චතූ 2020 නොවැම්බර් මස 09 වැනි දා පෙ.ව.12.01
Rangana Lakmal 5 years ago 288 4 2
පාඩුවේ පාලුවට පෙම්බැදි හුදකලාව.. විහිලුවක් කලා නේ අද හුදකලාව.. ද යනු ගලවා ගැබ්බර කළා උන් අනේ පව් හුදකලාව..
චතුරංගි හර්ශිකා 5 years ago 269 4 5
මට වචන දහයක් නුඹ නැතුව කතාකරන්න බෑ පුදුමාකාර වැන්ගෝ මට නුඹව තේරුම්ගන්න බෑ... සංවේදී සිත්තරෙකුට කන කපා ගන්න බෑ මේ තරම් හැකියාවක් බොල් හුළගට විසි කරන්න බෑ... මානසික පීඩනය පුදුමයි තවම වටහා ගන්න බෑ ජීවිතේ රහස් හීන නුඹ හැංගුවා අපි දන්නෙ නෑ... නොහිතූ මොහොතකදි සියදිවි නසාගන්න බෑ මිනිස්සුන්ට ඔය තරම් දරදඩු තීරණ ගන්න බෑ... පිස්සෙක් කියලා නුඹට නොකියා ඉන්නබෑ ඒ පිස්සු ගතියට ප්‍රේම නොකර ඉන්නත් බෑ... නුඹ ඇන්ද චිත්‍ර අමතක කරන්න බෑ නුඹේ දක්ෂකම් අදටත් මිලකරන්න බෑ... මේ කලා මාවතේ වැන්ගෝ නුඹ මැරුනේ නෑ නුඹේ මතකය මවන්නට මිනිස්සු අමතක කරේනෑ... පුදුමාකාර නුඹෙ සිතුවම් හදවතට දරාගන්න බෑ වැන්ගෝ මට නුඹ වගේ පුදුම මිනිසෙක් වෙන්න තවම බෑ... මම, චතූ (පසුවදන: කවුද මේ වින්සන්ට් වැන්ගෝ? 19 වැනි සියවසේ යුරෝපයේ වාණිජමය කෲර විෂම සමාජය තුළ පැවැති කුහක අකටයුතු සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ මොහු වෙනත්ශිල්පීන් මෙන් ම චිත්‍රමය භාෂාව තුළින් ඒ පිළිබඳ විග්‍රහයක යෙදීමට උත්සාහ දැරූවෙකි. දැඩි මානසික පීඩනයකින් පෙලුණු මොහු වරෙක සියතින් ම තම කණ කපා ගත්තේ ය. ඔහුගේ අවසන් සිතුවමේ වූ තිරිගු යාය මතම ඔහු සියදිවි නසා ගනී)
Geethanjalee ? 5 years ago 301 4 5
දුන්හිඳ දිය ඇලි කොමළිය දිවියට අරුතක් ගෙනේය ගිරිකුළු හෙල් පල්ලම් සිඳ පෙරටම යන නද ඇසේය... නුඹගේ දිවි සහන් සුවය මහ සයුරට පුද කළේය මගේ දිවියේ සංකා දුරලු අප්පච්චී නුඹ වගේ ය.... පහන් දොරින් ආ හිරු රැස් අඳුරු වලා දුර හලේය සඳකැන් මිණි පහනක් සේ දුක්ගිනි දැල් නිවාලේය.... ආදරයෙන් සලකන්නට දෛවය මට ඉඩ හළේ ය මෙලොවින් සමුගන්නා තුරු මතක සුවඳ පෙර වගේ ය.... ❤️❤️?❤️❤️
චතුරංගි හර්ශිකා 5 years ago 207 5 5
අවැසි නෑ මලවි කෙසේවත් අපට මල් හී සර විදින්නට මේ නම් ප්‍රේමය පමණක්ම පුදසුනක පිදූ පිවිතුරු හැගීමක් ය... මල්සර හී සරින් විද දෙහද බන්දා දිනෙක දෑත් බැඳ අවැසි නෑ එක්ව තන්නට එකම කූඩුවක් අපේ පාරාදීසයක... හදවතින් හදවතට නේක විධ පිවිතුරු මිහිරි හැගුම් ඇට මිදුළු තෙක්ම ගිය අප්‍රමාණ නිර්මල ආදරය... අවැසි නෑ අල්ලා ගන්න අවැසි නෑ මුදුවකට හිර කර මගේමයි මගේ යැයි කියා ගන්න අවැසි එකම දේ ඒ සිනහව විඳගන්න... අවැසි නෑ එක් වී ජීවිතේ විඳවන්න අවැසි වේ සදාකාලික පුරාවතක් ලියන්න මෙසසර එක් වූවන් සතුව සැබෑ සතුටක් තිබුණෙ නැහැ නොවෙද... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 273 6 5
නෙතග සිනහව තබන්නට මට හෙටට සිහිනය මවන්නට මට අවැසි නෑ ලොව නේක සිතුවිලි හිතම පාරයි අනන්තය ළග... හදම මියැදී ලොවේ අසරණ කලකිරුණු හිත දරා හිනැහෙන මටත් බෑ හෙට ගගන අයිනේ සදක් වී නැවතී හිදින්නට... දිනෙක දැල්වී නිවී යන තුරු ලොවට ආලෝකය ලබා දෙන පුංචි පහනක් වෙන්න ආසයි තවත් දහසක් පහන් දල්වන... මටද හිමි නැති 'මම' තුළම හිද හීන දකිමින් කුමට දැවෙනුව මටත් අවැසියි උදේ සුපපී හවස පරවන මලක් වන්නට... සියක් ආයුෂ මදිව තැවෙනා සසර ලොල් වූ මිනිස්සුන් හට මගේ පණ ටික ලබා දී මට නෙත් පියාගත හැකියි නම් අද... එකා පසුපස එකා පන්නන විෂම ලෝකේ ලෝබ හිත්වල කොහොම ඇල්මක් ඇතිවුණාදෝ මේ තරම් මේ අදුරු සසරට... වේදනා දුක් කම්කටොලු වල අවසාන මොහොතක් දකින්නට හැකියි නම් මට ජීවිතේ හැර සදහටම නෙත් පියා ගන්නට... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 228 4 6
කන්නගිය කෝවලන් හට අප්‍රමාණව කළා වූ පවිත්‍ර ප්‍රේමයෙන් පඩි පුරක් ගිනි තැබුවා ය දේවත්වයට පත් ඈ අද පවා දනන්ගේ භක්ත්‍යාදරයට පත් දෙවගනක් වූවා ය පතිනි මෑණියන්ගේ ඒ උතුම් බලයෙන් විශ්ව ආශිර්වාද පූජාවකින් නූතන මිනිසා රටට සෙත් පැතූහ අහිංසක හීනවල හදවත් පුරවාගත් බලාපොරොත්තු ආදරණීය ලාංකිකයන්ගේ හෘදයංගම හදවත මවන කැඩපතක් විය එදා රතන සුතුරෙන් විශාලා මහනුවර තුන්බිය නැසූ ධර්මයේ මහා බලයෙන් රටට සෙතක් වේවා යි අපි අදත් පැතුවෙමු හදවත් පිරුණු වේදනා මකන්නට නූතන කිසා නැගෙනිය නොමල ගේකින් අබ හොයන්නට නුඹ තනිව යා යුතු නැත සංස්කෘතිය දෝතින් රැගෙන අදිසි හස්තයන්හි පිහිට පවා සොයා හැබෑවටම අපි යමු මේ අහිංසක හීන ලස්සනයි තවම මම, චතූ
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps