Geethanjalee ? 5 years ago 239 5 5
සුන්දරයි ජීවිතය අන්ධ වුන ආදරය ඇහැට නොපෙනෙන තරම මහ ගොඩයි හැමදේම දකින නොදකින දුරක දකින්නැති විදවීම ඇහැක් යට කඳුලකට නිවන්නට හැකි වේද..... ????
Susilidu Nilan 5 years ago 214 4 4
මගින් නැවතූනොත් ආයෙත් එන්නෙ නැති???
චතුරංගි හර්ශිකා 5 years ago 307 5 5
කවිකාර ඇස් ගිහින් හිරු මතම රැඳුනාට... කහපාට ඇස් වලට පෙම් හිතම බැඳුනාට... කවිකාර මගේ හිත හිරුට පෙම් කෙරුවාට... පෙම් කරපු හිරු අයිති ගගනටයි හැමදාම... හිරු කිරණ නොදුටු සේ මම ඉවත බැලුවාට... රහසින් ම ආදරෙයි ඉර මලට මම තාම... පිං කරපු ඇස් වලට හිරුගෙ වත පෙනුනාම... නොකී ප්‍රේමය හිතේ කවි ලියයි හැමදාම... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 324 4 5
-අහිමිකම තුළ හිමිකම් සොයා- හිතවත්ම හිත ගාව ආදරෙන් උන්නාට... ආදරේ මහ මෙරක් මං උඹට දුන්නාට... සිගිති මල් හීනයක මං පෙමින් බැඳුණාට... මට නොවෙයි නුඹ අයිති මං බලා උන්නාට... පුංචි පා පොඩි පවා පිස දමා හැදුවාට... අයිතියක් කියන්නට ඉඩක් නෑ අක්කාට... පුංචි කිටියෝ ඉන්න තැනක සතුටින් ඉන්න... ආදරෙයි හැමදාම මම පුංචි කිටියාට... මම, චතූ
Rasika Maduwanthi 5 years ago 331 4 5
ඔය හිනාවෙන ඇස් දෙකේ මට අතරමන් වෙන්න පුලුවන් නම් ඔය කතා කරන හැම වචනයකම මට තියෙන ආදරෙ ගැන... මන් ගැන... කියවෙනවනම්? මගේ ආදරෙ ?ගැන මට ගොඩක් සතුටුයි මදූ ✍ 2020.11.12 10.15
Rasika Maduwanthi 5 years ago 497 4 5
මගේ ආදරේ කියාගන්න පුලුවන් උනාට ඔයාට දැනෙන්න මට ආදරය කරන්න බැරි උනා මදූ ✍ 2020.11.12 10.11 පෙ.ව
චතුරංගි හර්ශිකා 5 years ago 269 4 5
පාරාදීසයේ සිහින මල් උයනට මම තරම් හිත් බැන්දූ තවත් කිසිවෙකුත් අනනන්ත අහසේ නොවුණි... දේදුනු පාලමෙන් මෙපිට සුදු රෝස පොකුරක් අත දරා නිශාවට සීත පිණි වැටෙන තුරු බලා උනි... කාන්තිය මවා ලූ ෆැන්ටසිය තුළ උපන් සෙල්ලක්කාර යෞවනය සිතුවිලි අතර සිනාසුණි... සිහින මල් සුවඳ අතරේ ඉමක් නැති මග ගෙවා විත් අපමණ සොඳුරු ඉසව්වට මම යළිත් පිය මනින්නෙමි... මම, චතූ
චතු ගුණසේකර ? 5 years ago 301 4 6
ප්‍රේමයේ කවටකම් ඉතින් සාධාරණද ? අමුත්තක් දැනුනා ලගකදි ඉදන් සිතට හිතුවේ නැ කාරණාව මෙයයිද කියා මටම හේනෙ පැලේ පැල් රැක්කෙ බත සපයන්න නුඹට ප්‍රේමයට කවටකම් කෙරුවේ ඇයි මෙමට........ රෑ මැදියමේ ගෙට ආවෙ කව්ද? මං නැති අඩුව ඌ පිරිමැහුව එක හරිද? මටත් හොරා ලේ කැටියෙක් බඩට ආවෙ කොහොමද ? කියපන් කාරණාව නුඹ දන්නේ නැද්ද? කඩ අයිනෙ කසු කුසුව මම අහන් උන්නා රෑ මැදියමේ ගෙට රිංගුවේ මහතුවා බව දන්නා නඩුකාර හාමුදුරුවනේ ඉවසන්නට බැරුවා වෙල අයිනේ මායිමේදී මං ඌට කෙටුවා නීතියට අනුව මං වැරැදදක් කෙරුවා ඈ කල වැරැදද නුඹ හිතුවද මන්දා නීතියෙ දෙවගනම ගැහැණියක හන්දා ප්‍රේමයට කවටකම් කල එක හරිද මන්දා හිර බත් ගිලින්නට තවම පුලුවන් මගෙ පැත්තෙනුත් නීතිය හරිද බලපන් නුඹටත් මෙය උනානන් කරම දේ හිතපන් නඩුකාර හාදුරුවනේ මට සමාව දීපන් (නිමිත්ත:බිරිදගේ අනියම් සැමියා ඝාතනය කල ඔහු අධිකරණය ඉදිරියේ කරන ඉල්ලීම) -චතු- 11/11/2020
චතුරංගි හර්ශිකා 5 years ago 247 4 4
හිත පිරුණු ඇල්මට කලාවට හදින් බැඳුනට සිත්තරෙක් නෙවෙයි මම පරසිදු දනන් හඳුනන... හුදෙකලා හීනවල හීනියට පාට තවරන පාට අතරේ ජීවිතේ නොදුටු කවිකම් හොයා යන... ශිල්පියෙක් වෙන්න තව උගත යුතු බොහෝ දෑ හොයා යන සිතුවම් කලාවට හැබෑවට පෙම් කරන... ආදරණීය සිතුවමට ජීවිතයම දියකරන හුදෙකලා රස්තියාදුකාරියක් මම හිස් පිටු මත රස්තියාදුවට පුරුදු වුණ... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 260 5 6
ලගන්නා සුළු අරුම සිතුවිල්ල හිතක රදවා මටත් අහිමිව ගිය මම මාව සිතුවම් කෙරුවා... පුරාවට කොල මගේ මුහුණම මවලා මම ම මා ගැන රෑ පුරාවට හිතුවා... හිතේ හැමතැන කදුළු විතරක් තවරා නෙතින් ලොවටම හිනාවක් මුව පෙන්වා... දෙබිඩි ජීවිතයෙන් සමු ගන්න තුරු මේ මා මදහාස මුවේ නංවා මා මුව ම සිතුවම් කෙරුවා... හදවතට ගතු කියනා කලු පාට සායම් ගෙනා අදුරු සිතුවිලි කවි කතා නොදැනේ හිතක් මට නැති නිසා... කහ පාට සිතුවමෙහි තවරා සතුටු මුහුණක් පෙන්වන්න හිතුවා මතුපිටට නොපෙනී හදම දවනා මතක පිටු යළි යළිත් පෙරලී තිබුණා... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 274 5 4
සරසවියෙ මල් පාර බලා උන්නා තනිව අපට එන්නැයි කියා ලියා එව්වා නිතර... නමුත් හදිසියෙන් ආ වසංගතයට නතුව පළමු වසරත් ගෙවුනෙ ගෙදරමයි ඔය අතර... ඔන්ලයින් පාඩමට හිතක් නෑ මට නිතර ප්‍රැක්ටිකල් චිත්‍ර හෙම අදින්නට බෑ මෙහෙම... පින්සලට පැන්සලට දෑත් පටලන් නැතුව පරිගණක තිරය මත සිතුවම් කරනු කොහොම... බොහෝ කල් වෙහෙස වී සරසවිය සොයා ගිය රොතු පිටින් අපි තනිව ගෙවල් වල කොටු කෙරුව... කොරෝනා නුඹ නිසා සරසවිය විය නිසල පළමු වසරත් ගෙදර නිම කළා අපි එහෙම... දන්නවද උපාධිය ගන්න ආසයි අපිට සරසවි බිමේ පොළොව මත රැදී දෑතටම... මෙහෙම ගියොතින් ඉතින් සිව් වසර පිරෙනකොට තැපෑලෙන් එයි ගෙදර සිහින මැවූ ඩිග්‍රිය... මම, චතූ 2020 නොවැම්බර් මස 10 වැනි දා
චතු ගුණසේකර ? 5 years ago 373 4 5
ඔය කහ සිවුර බර වැඩි නැද්ද පොඩි සාදු පුංචි ඇගට අලුත් කහ සිවුර ලොකු වැඩිනෙ පොඩි සාදු බණ මඩුවෙ ලොකු පුටුවට නැගලා පුංචි හඩින් කවි ඇහුනම තාමත් ඒ අපේ හිතට දුක දැනෙනවලු ? වෙල් එලියෙ මැච් බලන්න පොඩි සාදුත් එන්නෙ නෑලු ඉස්සර අපි දුවපු නටපු කාලෙ මතක නැද්ද සාදු දැන් තනියෙන් ස්කෝලෙ යන්න පාලු හිතෙනවාලු හැමදාමත් පන්සල් එන්නෙ පොඩි සාදු බලන්නයිලු? වෙල් පාරෙ ඇල අයිනෙ තිත්ත පැටව් ඇල්ලපුවම අපේ අතින් පව් පිරිලා සංසාරෙත් දික් වෙනවද පොඩි සාදුත් සංසාරේ සැරිසරන්න ආස නැද්ද ඒ හින්දද අපිව දාලා ගියේ සිවුර ඇතුලට? වැරදි උනාද අපේ අතින් පුංචි සිතම කලකිරෙන්න ආසයි දැන් පොඩි සාදුත් එක්ක මහණ වෙන්න ලොකු සාදුත් එක්කලා බණ කතා අහන්න අම්මගෙ හිත දුක හිතෙයිද මහණ උනාම? -චතූ- 10/11/2020 ප.ව.5.45
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps