චතුරංගි හර්ශිකා 5 years ago 248 4 4
හිත පිරුණු ඇල්මට
කලාවට හදින් බැඳුනට
සිත්තරෙක් නෙවෙයි මම
පරසිදු දනන් හඳුනන...
හුදෙකලා හීනවල
හීනියට පාට තවරන
පාට අතරේ ජීවිතේ
නොදුටු කවිකම් හොයා යන...
ශිල්පියෙක් වෙන්න තව
උගත යුතු බොහෝ දෑ හොයා යන
සිතුවම් කලාවට
හැබෑවට පෙම් කරන...
ආදරණීය සිතුවමට
ජීවිතයම දියකරන
හුදෙකලා රස්තියාදුකාරියක් මම
හිස් පිටු මත රස්තියාදුවට පුරුදු වුණ...
මම,
චතූ
ශශී❤️? 5 years ago ලස්සනයි ??
Geethanjalee ? 5 years ago Lassanai akki ❤️?
Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි අක්කි ඒක ❤️
චතුරංගි හර්ශිකා 5 years ago Thanks ❤