චතුරංගි හර්ශිකා 5 years ago 267 3 4
ලේ කිරට නොහැරුණත්
මහ මෙරක් ආදරය
හිත පුරා පුරවාපු
නුඹයි මහ සාගරය...
දහස් නෙත් පිය වසා
සැතපෙනා රාත්‍රිය
නෙතට නින්දක් නොලද
නුඹ තමයි පුරා හඳ...
කදුළු පිණි වැටෙනකොට
හදින් පමණක් හැඩුව
කටුක රළු දිවි මගට
නුඹ වුණා පොද වැස්ස...
අකාලික පැතුම් මල්
තනි තනිව මියෙන කල
නුඹ තමයි ජීවිතේ
හයිය මහ නිල් අහස...
මම,
චතූ
2020 නොවැම්බර් මස 18 වැනි දා
ප.ව. 12.7
Deesha(දීෂා)❤️ 5 years ago තාත්ති ❤️ ලස්සනයි අක්කි ❤✍️
චතුරංගි හර්ශිකා 5 years ago Thanks ??
ශශී❤️? 5 years ago ලස්සනයි ❤️?
චතුරංගි හර්ශිකා 5 years ago Thnqq ❤❤