චතුරංගි හර්ශිකා 5 years ago 277 4 5
°°°°අවාරයේ ප්‍රේමයක් ද?°°°°
අකීකරුයි දැන් දැන්
මගේ ළග උන් හිතත් මට...
ආසයි ආයෙත් වරක්
ආගන්තුක දෑස් දකින්නට...
මගෙම නොවුණත් මම
හිතින් මගේම කරගත්ත...
අවාරයේ ආදරයක් උපදින හැඩයි
කවිකාර හිත් යාය තුළම...
ප්‍රේමයට ඉඩක් නැතැයි කී
මගෙ හිත මටත් රහසෙම...
නුඹට පෙම් කරනවාදෝයි
සැකයි දැන් දැන් මට ම...
ඒ පෙමක් නොවේමැයි
හිත මට දිවුරා පැවසුවද...
නුඹවම හොයන හැගීමට
කුමක් ද මම දෙන නම...?
මම,
චතූ
Deesha(දීෂා)❤️ 5 years ago ආදරය ? ලස්සනයි
ශශී❤️? 5 years ago ලස්සනයි ❤️
චතු ගුණසේකර ? 5 years ago අසම්මත පෙමක් ♥?
චතුරංගි හර්ශිකා 5 years ago Mm..
චතුරංගි හර්ශිකා 5 years ago Thnqq ❤