1,804 Total Nisadas Found





Tharusha Nethmina 4 years ago 263 1 2

Nisadas Image

❤️❤️❤️❤️තාත්තා❤️❤️❤️❤️

අරපේන දේදුන්න
මගේ හිත පිරෙව් හැටි
නිල් අහස මැද දිලේන
ඔබයි මගේ තාරපති.....

ඇය සේම ඔබත් මා
අසලින්ම හිදින්නැති
ඔ නැතත් ඔබේ පැතුම්
මා වටා පිරෙන්නැති........

නිහඩව කෑ ගසා
දුක් ගිනිද දැරෑ ඔබ
සෙනෙහසින් අප වටා
පවුරක්ව සිට්යෙ ඔබ
සිප් කිරද පොවා
මේ සිත් හතර තැනු ඔබ
අදත් මේ හිත් අතර
වීරයා නොවෙිද ඔබ...

අහසක්ය අලු පාට
විටකදි රලු පාට
සයුරක්ය සෙනෙහසේ
රැලි නැගෙන රන් පාට...
අදුරැ වේ ගෙයි පාට
කතාබහ අඩු දාට
කදුලක්ය වැඩිදාට
ඔබේ කතා සැර පාට...

දිනෙක ඔබ පැම්ණි ඒ
නිවාඩුව වෙන්න ඇති
අතපුරා රස කෑම
හිත පුරා කන්න ඇති
නිවාඩුව පුරා ඔබේ
සෙනේ අපි විදින්නැති
මතක්වෙන ඒ මිහිර
අතීතයේ සුවද ඇති...

මගෙ පැටවු අද ඔබේ අතගේන
මා වගේ දුව පනින අන්දම
දකින සිත ගොස් අතීතය වෙත
ඔබව සිහිකර ලොවම පෙන්වා
කියා දුන් හදවතේ සුන්දර
කෙනෙකු වේනම් ඒ තමයි ඔබ...
නොකිවත් ආදරේ උතුරන...

පොත් කවර පුරා
ඔබේ හැඩකාර අකුරැ විය
දිනෙක ඔබ පැමිනෙනා
අත් අතර රසම විය
අදත් ඒ මග බලන
හිත් අතර මාද විය
මතකයයි මා ඔබේ
සෙනෙහසේ උසම තැන

Naween Perera 4 years ago 399 0 2

Nisadas Image

෴ සාපේක්ෂයි හැමදේම ෴

දුටුවොතින් නුබේ රුව මගෙ නෙත් පුරාම
හදවත පිරෙන සතුටු සිතුවිලි එකල
මගෙ හිතට හැමදාම එහෙම දැනුනාට
එහෙමත් සතුට උබ හට නිකමටවත්
දැනුනේ නැතිද...
මගෙ දෑස හැමදා උබවම ඉල්ලුවාට
තනි හිතකට තිබුන උවමනාවට
පෙර මං පැමිණ ආපසු යන වෙලාවට
වගේ වගක් වත් නිකමටවත්
උබහට තිබුනාවද...
දෙතැනක තිබුනු අපි දෙන්නාගේ සතුට
මගෙ සතුටු හිත එක්කම උබේ හිත
කොතනක කොහෙට කියලා
සමපාතයි කියන්නද...
බහට මගෙ වටිනාකම දිග හැරිය
ඒ බහටම ආදරෙ පදවැල් ගෙතුව
ඇත්තට උබට මාවත් මේ හිත වත්
ගැඹුරින් බැලුවාම නිකමටවත්
ඇල්ලුවෙ නැහැනේද...
උබෙ මානයෙ ඉදන් ඔය හිතේ ඇදි රූප
මගේ විදිය ඒකට කිසිවිට සරි නොවුන
අහිංසක පෙමක් පැතුව නුබ එක්ක
මුදු උන මේ යකඩ හිත නිකමටවත්
පෑහුනෙ නැතිද...
දුක සතුට වෙන වෙන තැන්වල
ආදරේ කියන්නෙම මේ හැමදේම
එක්තැනට සරි වන එකම නොව
මධ්‍යස්ථය මත පිහිටා
සාපේක්ෂයි හැමදේම
නුබ ඉන්න තැන ඉදලා
ගලපාගෙන ඉන්න දැන්වත්
ඔය හිත දැන් නැවතුන තැන ඉදලා...

~නවියා~







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps